Header image

දුක වැඩි වුනාම

ලිව්වේ Il mondo di una povera pazza 12.10.2011

      පසුගිය දවස් වල අන්තිමට නීවාඩු යන කතාවක් ලියලා හෙම හිටියට මට නිවාඩු යන්න බැරි උනානේ. අහිංසක මම ලෙඩ වුනා. අන්තිමට හොස්පිටල් ඉන්නත් වුනා. ඒත් ගෙදර ඇවිත් කියලා නිදහසේ ඉන්න ලැබුනේ නෑ. හැමදාම වැඩ යෙදුනා. වැඩ වලට වඩා ස්ට්‍රෙස් වෙන්න වෙන්නේ මේ කරන රස්සාව අස්සේ එන කෝල්ස් වලට. හැමෝම හිතන් ඉන්නේ හැමෝගෙම ප්‍රශ්නවලට දෙවියෝ මට විසඳුම් දීලා තියෙනවා කියලානේ. ඉතින් නිදා ගන්නවත් නිවාඩු වෙලාවක් කියලා කිසිම දෙයක් නැති කරන්නේ එහෙම හිතන මිනිස්සු තමයි. ඒ දේවල් මොන තරම් කීවත් තව කෙනෙකුට තේරෙන්නෙ නෑ. අන්තිමට මට මාත් එක්ක විතරමයි තරහා වෙන්න පුළුවන් මෝඩ බුරු බබා කියලා.


  මම ලෙඩ වෙච්ච විදියට ලංකාවට යන එක සුදුසු නෑ කියලා මටත් හිතුනා. ඒත් කොහෙද මේ අපිට ඉන්න යාළුවෝ. එයාල අර කැලෙයි මුහුදෙයි ගිහින් ඒ හැම එකම මට පෙන්වනවා. තේරෙන්නේ නැද්ද මන්දා ඕවා දැක්කම මට ඉගිලෙන්න හිතෙනවා කියලා.

      මගේ යාළුවෝ අවුරුදු දහයකට ඉස්සර විතර ගිය ගමන් වල ෆොටෝ, කාපු කෑම වල ෆොටෝ ඔක්කොම මට පෙන්න පෙන්න අගේ කරද්දි ඒ අය ළඟ හිටියා නම් බෝම්බ ගහන සයිස් එකේ තරහක් මට තියෙන්නේ. ඒ අස්සේ අපේ මල්ලි මට කියන්නේ මේ ලෙඩ වෙලා නම් එන්න එපා. දන්නවනේ ඔයා මෙහේ ඇවිත් ලෙඩ වැඩි වෙන එක විතරයි වෙන්නේ මතකනේ ගිය පාර කියලා අහිංසක මාව භය කරන එක. ඉතින් එතනින් එහාට අනිත් එක්කෙනාට කතාකරනකොට එයා කියන්නෙත් මේ චරිත් අයියා එන්න එපා කියනවා නම් එන්න එපා අපිට බෑ ඔයාට බේබි සිටින් කරන්න කියලා. මම හිතන් ඉන්නේ එයා ගාව හැමදේටම විසදුම් තියෙනවා කියලා ඒත් එයා යකෙක් වගේ එහෙම කීවම ඊයේ රෑ මට නිඳ ගිහිනුත් කල්පනා වුනේ ඒවා.
 

        ඒ උනාට ඉතින් මේ එරික්ලා නැතිව ගෙවන්න වෙන නත්තල කියලා හිතන්නවත් මම කැමති නෑ. කලින් ප්ලෑන් තිබ්බේ නත්තලට එයා මෙහෙ එන්නනේ. ඒත් මගේ රස්සාව එක්ක ඒ ඔක්කොම තනියම හැඬල් කරගන්න මට දැන් බෑ. කොටින්ම මට ගිය සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් නිදාගන්න හම්බ උනේ පැය පහලොවක් විතරයි. එරික් මම එක්ක ඉන්නකොට මම එයා වෙනුවෙන්ම විතරක් වෙන් වෙන්න ඕනේ කියලා මම දන්නවා.  ඉතින් මම මෙහේ හිටියොත් නිවාඩුවෙන් ඉන්න මට ලැබෙන්නේ නෑ. ලංකාවට ගියත් එහෙම තමයි. ඒත් මොනවා තිබ්බත් එහේ මට එරික් එක්ක ඉන්න පුළුවන්. ඒ මට එහේ රස්සාවක් නැති හින්දා. අනික එරික් ආස මාත් එක්ක ඉන්න ගමන් අපි දෙන්නා එහෙ මෙහෙ යන්නනේ. කොටින්ම ආන්ටි වෙන කා එක්කවත් ඕනේවට වඩා කතා කර කර ඉන්නවටවත් එයා කැමති නෑ. මේ දේවල් ඔක්කොම බැලුවත් මම ලෙඩ වෙනවා වැඩි පුර එරික් ළඟ මම නොහිටියොත් නත්තලට.
 
     අනික ඉතින් එරික් බෝයි යි ආන්ටියි මුහුදු යන්න ඕනේ. නාන්න ඕනේ. මාළු කන්න ඕනේ.  සත්තු බලන්න ඕනේ. එරික් දැන් ලංකාවේ ඉන්න හින්දා එහෙදි දන්න රස කෑම මට කන්න දෙන්නත් ඕනේ කීවා.
එරික් එක්ක ඉන්නකොට මම ඉන්නේ ගොඩාක් සතුටින් හින්දා ලෙඩ වුනත් ලොකු අවුලක් වෙන එකක් නෑ කියලායි මට හිතෙන්නේ.  අනික ඉතින් අර තව ගොඩාක් අය ඉන්නවනේ බුරු බබාව බලාගන්න. ටිකක් බැන්නට ඒ හැමෝම මට ආදරෙයිනේ.

      මේ සතියේ වැඩ කරන්න පුළුවන් තරමක් කරලා දාලා නිවාඩු යන්නයි දැන් මම හිතන්නේ.


   (ආයේ කවුරුත් කෑම ෆොටෝ හරි ඔය ට්‍රිප් ගිය ෆොටෝ හරි දාලා මට පෙන්නුවොත් උස්සලා පොලවේ ගහන්නේ ලංකාවටම ඇවිත්. එහෙම මාව අවුල් කරලා මචන් මේ උඹ එන්න ඉස්සෙල්ල හේල්ත් ගැන බලපන් කීවට වැඩක් නෑ.)

18 කමෙන්ට්ස්:

hare :-) said...

මේක මාර කෙලියක්නෙ ඕයි! අර අරාෂ්ලත් ආව. උන්වත් මෙච්චර පබ්ලිසිටි දුන්නෙ නැද්ද කොහෙද ;-)

TG said...

අරාෂ් වගේ ද රංගි ? ජෙනරලිස් කරන්න එපා හරිද.
හිමින් - උස්සනව කිව්ව්මවත් බය වෙන්නෙ නැනෙ මේ මිනිස්සු .දැනටම එහාගෙදර කොල්ල උස්සල :)

හරී - පිණිපළස said...

හරි හරි ඉතින් සනීප වෙනකම් රෙස්ට් කරන්නකො. නත්තලට තව දවස් තියෙනවනෙ. අම්මෝ ඔන්න අපි නම් ට්‍රිප් ගියෙ නෑ හොඳේ :D

මාතලන් said...

එන්න පුළුවන් නම් ඇවිත් පලයන්. නාවිත් ලෙඩ වැඩි වෙයි වගේ. ලියලා තියෙන විදියටනම්. මේ අර කලින් පොස්ට් එකේ පොටෝ වල ඉන්නේ ඔහේද...?

Il mondo di una povera pazza said...

@maathalan, yes thats me malli n eric boy

මධුරංග said...

මම නම් එරික් බෝයි කියන කෙනාව වැඩිය හුරු පුරුදු නෑ රංගි.

ඉක්මනටම සනීප වෙන්න රංගි. ඒක නෙමෙයි අපට බැරි වෙයිද ඉතාලි රටේ නත්තල් අසිරිය විඳින්න ඔයාගේ බ්ලොග් එකෙන්ම.

පුලුවන් නම් ලොකු දෙයක් රංගි. :)

Observer said...

"දුක වැඩි වුනාම"

'බූරු බබා'ගෙ දුකට මොකද කරන්නෙ ඉතින්, පුං ටිකක් ගහලවත් සනීප කර ගන්න බලමු.

Podi Kumarihami said...

ඉතින් දැන් යනවද? නැද්ද? :)

ඕනයා said...

මොන ලෙඩද අෆ්ෆා . . ලංකාවෙ හුලං ටිකක් වැදුනත් සනීපයි නෙව . . ආයෙ බල බල ඉන්න එපා . . . නිවාඩු සැටල් කරගත්ත ගමංම එන්න . . . .

ඉන්දික උපශාන්ත said...

කළුතර දිස්ත්‍රික්කෙ නාන තොටවල් ගැන ලියාගෙන යන්නෙ. මොකද කියන්නෙ දැම්ම දාන්නද?

පිණිබිඳු... said...

ඔයත් ඉක්මනට නිවාඩුවට ඇවිත් අනිත් අයට පේන්න පින්තූර දාන්න. මොකට අඬනවද.

රූ.... said...

දැන් හොඳටම සනීපයි නේද?
කට්ටිය කෙහෙමෙ කිව්වත් නත්තලට තනියෙන් ඉන්නෙ කොහොමෙයි නේද?

Il mondo di una povera pazza said...

@hare, අරාශ් වගෙද බුරු බබා?
ඔයාගේ පෝස්ට් එක කියෙව්වා. ඇති යම්තම් ලියන්න හිතුනා.

@මනෝ, අල්ලපු ගෙදර කොල්ලා උස්සන්න දෙයක් නෑ මචන් ඌ දැක්කත් දැන් මට හිනා යනවා. පවු අහිංසකයා. උඹලාව නම් සුවටර් එකටම උස්සනවා බලාගෙන හිටු.

@හරී, ඒකනේ. දාන්න එහෙම එපා. මම මේ දවස් වල එහෙම දාන එවුන් උස්සලා පොලවේ ගහනවා.

@මධු, අයියෝ ඔයා එරික් බෝයිව දන්නේ නෑ. එයා තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම ස්වීට් බෝයි ෆ්‍රෙන්ඩ්. අන්න එයා දැන්ම ඉඳන් බෑග් එකත් ලෑස්ති කරන් ඉන්නවා මුහුදු යන්න.

@ඔබා, හික්ස්

@පොකු, යනවා. මේ දවස් වල බිසි ගමක ඒක හින්දා.

@ඕනයා, ඒකනේ. හුලන් වදින්න විතරක් බෑ. නාන්න ඕනේ කළු වෙනකම්.

@ඉන්දික, ඔයා ඕවා දාද්දි අපි එහේ ගිහින් නානවා. හික්ස්. මාව එක්කන් යන්නේ නැතිව මිනිස්සු නාන්න යනවා නම් එයාලා කූඩැල්ලෝ කනවා. අත්දුටුවයි සත්‍යයි.

@පිනිබිඳු, පින්තූර දාලා වැඩක් නෑ හලෝ මට. මට ඕනේ නාන්න ඔය අනිත් අයට වද දීලා එන්නයිනේ.

@රූ
නෑ තාම සනීප නෑ. ඒක තමයි පරක්කු වුනේ. ඒත් පොඩි මෑන් මම එනකම් බලාන ඉන්නවනේ.

දිනුක ජයකොඩි said...

හෆොයි හෆොයි ලෙඩ කිව්වාම ඉතිං ඉස් හොරි කියන්නෙත් ලෙඩක්නෙ.ලෙඩවලට බයේ ඉන්න ගියොත් මේ කපේදි ෆන් එකක්නං ගන්න වෙන්නෙ නෑ.ඔන්නොහෙ මේ නිකං තියෙන රට අපේ ලොක්කො ටික කන්න කළිං ඇවිත් බලලා යන්න.

රෝස කුමාරි said...

යනවා යනවා කියල හිතට දනවල පස්සෙ නොයනකොට හිතට දුකතමා. නත්තලටත් ත්ව දවස් තියන නිසා සනීපවෙලා ගෙදරයන්න තවම පුළුවනි.

කඩඉම said...

Nice Feeling ..........

Weni said...

ඕන්න රංගි , අන්තිමේ අහම්බෙන් හම්බ වුනේ මාව.. මම උඩ ගිහින් බිම වැටුනා කතා කලහම ! කොහොමද අෆ්ෆා මාව අඳුර ගත්තෙ ? ඔබට සුභ ගමන් ! අනිත් යාළුවො සේරම හම්බ වෙන්න ඇති කියලා හිතනවා !

සරත් ලංකාප්‍රිය said...

අපි නම් ගියා ඔන්න එකයි මේ පැත්තේ එන්න බැරි උනේ ..