ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්...
සමහරවිට ඒක අස්සේ හම්බවෙන මිනිස්සු අපිව වෙනස්ම මිනිසුන් කරනවා.
මගේ ජීවිතයේ මට මුණගැසුනු බොහෝ අය අතරින් ඔබ විශේෂයි කාටත් වඩා.
ඔබ හින්දා මා වෙනස් ම කෙනෙක් වුනා.
ඇතිවෙනකම් හිනා වුනා වගේම ඇති වෙනකම් අඬලා තියෙන්නෙත් ඔබ හින්දා.
ඕනෙම පුංචි දෙයකින් සසල වෙන මම, ගලක් වගේ ඒ හැමදෙයක්ම තනියෙන්ම දරාගන්න යොමුකලේ ඔබ.
අදටත් ඕනෙම වෙලාවක අසරණකමක් දැනිච්ච ගමන් ඔබව අමතන්නේ එකම එක වචනෙකින් විතරක් මගේ දුක හෝදලා මාව වෙනස් කරන්න ඔබට පුළුවන් නිසා.
ඒ වගේමයි ඔබගේ එකම එක රළු වදනකට අදටත් මාව අවුල් වෙන්නේ ඉස්සර වගේමයි.
ඒත් ඒ අපි.
කොහේ කවුරු අපේ ජීවිත අස්සේ හිටියත් ඔබටත් මටත් අපෙන් මිදෙන්න බැරි අපි...
ඉස්සරවගේ ළඟට ඇවිත් ආදරෙයි කිව්වේ නැති වුනාට එකම විදියට අපි අපිට ආදරෙයි කියලා අපි දෙන්නම දන්නවා.
මූනට කිව්වේ නැති වුනාට කවුරු හරි දැක්ක ගමන් ඉස්සෙල්ලම හොයන්නේ එයා ඔයා වගේද කියලා. අන්තිමට නතර වෙලා හිතනකොට මට ඕනේ වෙන දෙයක් කියලා මගෑරලා යන්නේ අපි දෙන්නම එකම විදියට.... මේ දේවල් අපිටම ආවෙනික දේවල් කියලා යාළුවෝ එක්ක කියලා හිනා වෙන්න අපි දෙන්නටම පුළුවන් වෙන්නෙත් එකම විදිහකට...
ඉස්සර අපේ හීන තිබ්බේ එකට එකතුවෙලා කරන දේවල්. ඒ හීන දැන් නෑ. ඒත් තනි තනියම අපි ඒ හීන දකිනවා. ඒක විහිළුවක් කියලා දැන දැනම අපි ඒකම කරනවා. හරියට සංසාර පුරුද්දට වගේ...
ඔව් ඉස්සර වගේම මම ඔයාට ආදරෙයි. ඒත් ඒක අස්සේ අපි අපේ කරගන්න වගේ බලාපොරොත්තු නැති ආදරයක්... අමුතුවෙන් අපි අපේ වෙන්න ඕනේ නෑ කියලා අපි දන්නවානේ.
Buon anniversario................
Ti amo come Ieri,
Oggi
Domani
fino all Eternità......


22 කමෙන්ට්ස්:
මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි, සියල්ල යහපත් විදිහකට සිදුවේවායයි පතනු විනා. :'(
ලියල තියෙන්නෙ මොනවගේ දෙයක් ද කියන එක මට තේරුම් ගන්න පුලුවන් .මට මතක්වුනේ කාලෙකට කලින් මගේ සිනියර් බැචෙක් එයාගේ එෆ් බී වෝල් එකේ ලියල තිබුණ අදහසක්
වඩා වැද්ගත් වන්නේ අපි ඉතා ආදරය කරන පුද්ගලයන් අප අසලින්ම සිටීම නොව ඔවුන් ලොව කොහේ හෝ තැනක සතුටින් සිටීමයි කියලා .
ආදරේ කියලා වැරදිලා අපි ආත්මාර්ථකාමී විදියට අපි ආදරේ කරන අය නිඔඉති දාලා පාලනේ කරලා , අපි කැමති දේටම කැමතිවෙන්න කියල බල කරනවට වඩා දුරින් ඉඳන් ආදරේ කරනකොට අසීමිතව ආදරේ කරන්න පුලුවන් .
දෙන්නටම .......
Buon anniversario......
හපොයි බං ආදරේ කරන එක රත්තරං පිහියකින් පපුවට ඇනගෙන රිදී නූලකින් කැපුම් තුවාල මහගන්නවා වගේ වැඩක් නේ . උඹේ පිහි කලෙක්සන් එකේ රත්තරං පිහිත් තිබුණද :) හිකිස් I am kidding to make u smile :)
ශෝකයත් රසයක් ලුනේ . අනේ මන්ද පතාගෙන ආව හැටි වෙන්න ඇති . වෙන්වෙලා රව රව ඉන්නවට වඩා ඔයා හිතන විදිහ හොඳයි ..ඔලුවේ අමාරුව හොඳද
හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද...??? ඉතින් මං මක් කොරන්නද..???
හැමදාම ඔයා හිතන විදිහට සතුටින්ම ඉන්න ලැබේවා කියලා පතන්නම්,,
හමුවීම වෙන්වීම... අනේ මන්දා... ඕවට නිර්වචන කියල දේවල් නෑනෙ... තම තමන්ගෙ හැටියට අර්ථදක්වගෙන ඉන්නයි තියෙන්නේ... :D
දෙන්නටම ඔන්න මගෙනුත් සුභ පැතුම්..
Buon anniversario...
අපොයි රංගි !!!!
අර අන්තිම පේලිය විතරක් තේරුනේ නෑ. :(
"ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්...
සමහරවිට ඒක අස්සේ හම්බවෙන මිනිස්සු අපිව වෙනස්ම මිනිසුන් කරනවා.
මගේ ජීවිතයේ මට මුණගැසුනු බොහෝ අය අතරින් ඔබ විශේෂයි කාටත් වඩා.
ඔබ හින්දා මා වෙනස් ම කෙනෙක් වුනා. "
ඔව් ඒක එහෙමයි.
මැණික්
සැබෑ ආදරය එහෙමය...ලඟ ඇතිකල මෙන් නැති කලටද ආදරයේ අඩුවක් නැත.ආත්මාර්ථකාමී ආදරයකට වඩා මෙහෙම ආදරය කිරීම වටිනව.
@නලිනි,
මොනවා කියන්නද අනේ උන්න හැටියට මේ හොඳටම ඇති. හික්ස්...
@මනෝ,
ඒක ඇත්තම තමයි. නීති වලින් බැඳීම් වලින් තොර නිදහස් විදියට ආදරේ කරන එක තමයි සුන්දරම.
thanks for the wishes (අසවලා මේ පෝස්ට් එක කියවලා තිබ්බා. ඉතින් කටින් මම නොකීවට උඹ කියපු එක දකින්න ඇති. )
@ බින්දි,
හිටපු හැටියට මලෑ මදැයි කීවලු නේද බින්දි. ආ ඔළුවේ අමාරුව මේ මම මැචුවර් වෙන්න යනවනේ ඒකයි. තාම ඒ තරම් ෆිට් නෑ. ඒත් මුලින් තරම් අවුලක් නෑ.
@මාතලන්,
වෙච්ච දේවලට මොනවා කරන්නද කියලා අවුල් වෙනවට වඩා විසදුමක් අපි දෙන්නම හොයා ගත්තා මචන්.
@හරී,
හරි.
@හරේ බෝයි,
මම හිතුවා ඔයා ඔහොම කියයි කියලා. හික්ස්... ඒ වුනාට එහෙම නොවුනා වුනත් අවුලක් නොවී තියේද? ස්ට්‍රෙස් කූරකුයි ප්ලේන් ටී එකකුයි ඔයාලාගේ කම්පැනි එකයි ඕනේ වගේ ඔන්න.... හෙ හෙ...
@දිනේස් ස්තුතියි.
@මධුරංග,
මේ පොඩි එවුන් ඔය අන්තිම වචන ඉගෙන නොගත්තාට කමක් නෑ.
@මැණික්,
අමුතු කතා මොකටද නේද?
@රෝස කුමාරි,
ඔව් මේක ආදරය විතරමයි. අපි දෙන්නම අද අපිව ඩෙෆයින් කරන්නේ එහෙම.
මේ පැත්තට ඇවිත් ගියත්.. අදයි පළමු කමෙන්ට් එක දාන්නෙ.. පරාර්ථකාමී සැබෑ ආදරය කොතැන පිපුණත් හැමදාම සුවඳ බෙදන ආදරයක්.. යහපත් ජීවිතයකට මගෙන් සුබ පැතුම්.. Buon anniversario...!!! :)
ඔය ලියලා තියෙන්නේ පොල්ලෙන් ගැහුවා වගේ..
'හපොයි බං ආදරේ කරන එක රත්තරං පිහියකින් පපුවට ඇනගෙන රිදී නූලකින් කැපුම් තුවාල මහගන්නවා වගේ වැඩක් නේ ' සහතික ඇත්ත ටීජී..
වයින් බෝතලයක් වුණත් පරණ වෙන්න වෙන්න ඒකේ මත් ගතිය වැඩියිනේ..
ආදරේ කියන්නෙත් මහා පුදුම දෙයක්. 'නැතිවෙලාවට ඕනි වෙන, තියන වෙලාවට එපා වෙන දෙයක්' කියලා කවුදෝ කොහෙදෝ කියලා තිබුනා.
මොනා උනත් ඔය දෙන්නාගේ ආදරේ නම් ඇත්ත ආදරයක්. හොයාගන්ට බැරි. ආයම මුන නොගැහෙන. ඒ ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා.
සමරන්නේ එක්වීමද? වෙන්වීමද?
දුකයි....:(
hhmmm... Don't know what to say Rangi, but, think I can understand you because I have a similar experience.. :))
Buon anniversario..!!
අපිට ඕනේ හැමදේම අපිට ලැබෙනවනම් කොච්චර හොඳද... ඒත් එහෙම වෙන්නේ නෑ කියන සත්‍ය අපි තේරුම් ගන්න ඕනේ!
(දැන් ඉතිං භාෂා ගණනාවක් කියව ගන්න පුළුවන් නිසා හොඳට ගියා)
අතීතය සිහිනයක් පමණයි.සම්මා සතියෙං එළඹ සිටි සිහියෙං යුක්තව වර්තමානයේ ජීවත් වෙලා අනාගතය ප්ලෑන් කරන්න.
ඔක්කොමලාට බොහොමත්ම ස්තුතියි. කියන්න ඕනේ දේවල් උඩින් කියලා තියෙනවානේ.
හ්හ්ම්ම්.....
සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ කිව්වේ සරත්චන්ද්‍ර මහත්තයද..?
හ්ම්ම්ම්.....මොනා කියන්නද මන්ද?
Post a Comment