බුරු බබාට හැමෝම බනිනවානේ. ඒ හින්දා බුරු බබා ඔක්කොමලා එක්ක තරහ වෙලා ඉන්නේ මේ දවස් වල.
ඒ වුනාට තරහා වුනාට බුරු බබා ආසා දේවල් කරන්න ඒකෙන් තහනමක් නෑ.
මේ තියෙන්නේ හෙට අනිද්දා අපේ පොඩි බුරු බබා ලංකාවට ආවම කරන ඒවයි ලොකු බුරු බබා කරන දේවල්.
කොළඹ එයාපෝට් එකෙන් බැහැපු ගමන් අපේ මල්ලි බබාට කෝල් එකක් දීලා මෙහේ රශ්නෙයි ඕයි ඒ විතරක් නම් කමක් නෑ මේ මඟුල් එයාපොට් එකේ ඉන්නේ කඩිසරකමක් දන්නේ නැති මිනිස්සු කියලා ඒක අපේ මල්ලි බබාගේ වරදක් වගේ එයාට බනින එක.
ඊට පස්සේ එලියට එන ගමන් අපේ මල්ලි බබාගෙන් ටිකක් විතර හුරතල් වෙන එක. දන්නේ නැද්ද ඉතින් එයාගේ අක්කා මම වුනාට ඉතින් එයා තමයි ලොකු එක්කෙනා . ඊට පස්සේ එයාගේ අතින් අල්ලගෙන කියවන එක. අප්පා අපි දෙන්නට තරම් කියවන්න දේවල් වෙන කාටවත් නෑ. එයාට ටිකක් වැඩිපුර බනින එක. එයා ඉතින් මම ලංකාවට ආව වෙලේ ඉඳන් කාටත් වඩා මම ගැන හොයන කෙනා. එයා නැත්නම් ඉතින් මට කවදාවත් සතුටින් එහේ ඉන්න බෑ. ඒ වුනාට ඉතින් මම ඒක එයාට කියන්නේ නෑ. මොනවද හලෝ මෙහෙමද කරන්නේ මම ලංකාවට ආවත් මාත් එක්ක එහෙ මෙහේ යන්න එකට ඉන්න ඔයාට ඉන්න වෙලාවක් නෑ කියලා උදේ ඉඳන් රෑ වෙනකම් එයාට බනින එක තමයි ඉතින් මම කරන්නේ. එයා කොයි තරම් දේවල් කලත් පොඩ්ඩක් වැරදිච්ච ගමන් මගෙන් බැනුම් අහගන්න බලාගෙන එයා කන් ලොකු කරන් ඉන්නේ. මොනම දෙයක් මම කීවත් කලත් එයා දන්නවා මම ඒ දේවල් කරන්නේ ආදරෙන් මිසක් තරහට නෙමෙයි කියලා. ඒක හින්දා එයා කවදාවත් මාත් එකක් තරහා වෙන්නේවත් මම නැති තැන මම ගැන කියලා අනිත් අය එක්ක මට බනින්නේවත් නෑ. මට මූනටම බනිනවා මගේ හිතුවක්කාර වැඩ වලට. ඊට පස්සේ එයා ඔය මැස්සො නැති මිරිස් නැති දූවිලි නැති කෙස් නැති කෑම කඩ හොයන්න පටන් ගන්නවා බුරු බබාට.
ඊට පස්සේ ආන්ටිගේ ජීවිතේ වැදගත්ම දේ තමයි මේ වෙද්දි ලංකාවේ ඉන්න එරික් බෝයි. එයා නම් ආන්ටි හ්ම් කීවත් අඬන්න බලාගෙන ඉන්නේ. ඒ වුනාට ඉතින් එයා හැමෝටම වඩා වැඩියෙන් ආදරේ කරන්නේ ආන්ටිටනේ. ආන්ටි ඕනෙම දෙයක් කරන්නේ එයාගෙනුත් අහලා. ගොඩාක් වෙලාවට එයා තමයි ආන්ටිට ඇඳුම් අඳින ඒවා ආන්ටි ගන්න ඕනේ දේවල් කියලා දෙන්නේ. ඒ විතරක් නම් කමක් නෑ ආන්ටිගේ ක්‍රෙඩිට් කාඩ් එකේ සම අයිතියකට එහා ගිය අයිතියක් අරන් එයාගේ දේවල් ගන්න තරම් එයා ආන්ටිට ආදරෙයි. ඒවට හරියන්න එයා ලස්සනට හිනා වෙලා, එහෙන් මෙහෙන් හොරෙන් බලලා, කිස් ගොඩාක් දීලා ආන්ටිව දන්න කියන ඔක්කොම ආදර ට්‍රික්ස් දාලා රවට්ට ගන්න එයා දන්නවා. ඒ තමයි ආන්ටි ලංකාවට ඇවිත් හම්බවෙන දෙවෙනි පුද්ගලයා.
(මම ලංකාවේ ඉන්නවා නම් ඉතින් එයාගේ වැඩේ මම කන්න ආසා දේවල් හොය හොයා එක එක්කෙනාට කියලා ඒව ගෙන්න ගෙන මම ආස හැමදේම ඒ විදියටම හදලා දෙන එක. ගොඩාක් වෙලාවට මට නම මතක් නොවුනම ඒක එයාට අමතක වෙලා මට හදලා දෙන්න බැරි උනාම ඇයි මට ඒවා කන්න හදලා දුන්නේ නැත්තේ කීවම අනේ මට අමතක වුනානේ නංගි කියලා මාස ගාණක් හරි බලන් ඉඳලා මට කොහොමහරි ඒක කවන කෙනෙක් අපේ පොඩි අක්කා. අපේ ලොකුයි අයියයි මොන දේවල් මට තරහා යයි එයා ඒවා දැන ගන්න ඕනේ නෑ කියලා කීවත් ඒ දේවල් ඒ විදිහටම කියන්නෙත් අපේ පොඩි අක්කා. එයා ඉතින් අපේ අම්මාගේ ජීවිතේ ඒ විදිහටම ජීවත් කරවන කෙනා. එයා පොඩි අක්කගේ අතින් හට්ටිවලින්ම බෙදලා ළඟට දෙන කෑම එකක් තරම් කිසිම දෙයක් ඒ තරම් බුරු බබා ආදරෙන් කන්නේ නෑ. මේ දේවල් මෙහෙම වුනාට බුරු බබාට ලංකාවට ආවම ගෙදර ඉන්න අමාරුයි. ඒක තරම් දුකක් බුරු බබාට වෙන නෑ.)
තව කෝපි බොන්න ඉන්දියන් කෑම කන්න මිරිස් කෑම කන්න මුහුදු යන්න ලොකු තේ බොන්න වගේම ගහක් ගලක් දැක්ක ගමන් ඒක දිහා උඩ බලාගෙන අනේහ් කියන්න ඉන්න යාළුවෝ බලන්නත් යන්න එපැයි ඒ වුනාට මේ ඔක්කොම මට බනින යාළුවෝ හින්දා මම ඔක්කොම එක්ක තරහා වෙලා ඉන්නේ.
අනිත් එක ඉතින් බුරු බබාට කොහොමත් ලංකාවට ආවම තියෙන ලොකු ලෙඩක් තියෙනවා. එයාට එහේ කිසි දෙයක් තනියම කරගන්න බෑ. ඒක හින්දා බොහෝ වෙලාවට අනිත් අයගේ උදව් ඉල්ලන්න වෙනවා. මොන දේ කිව්වත් මොන දේ කලත් බුරු බබාගේ ඒ හැටි කියලා බුරු බබාව තේරුම් ගත්ත යාළුවෝ බුරු බබාට ඉන්නවා. අනිත් එක බුරු බබා බොහෝම සාමාන්‍ය කෙනෙක්. එයා ඉපදුනේ ගමක. හැදුනේ ගමක. ඒ වුනාට එයා පොශ්. කාලයක් තිස්සේ එයා ජීවත් වෙන රටාවන් එක්ක එයා හැඩ ගැහිලා තියෙන්නේ වෙනස් රටාවකට. ඒ වුනාට මේ මොන දේවල් අස්සේ වුනත් බුරු බබා වැඩියම අගය කරන්නේ මනුස්සකම.
මේක මම ලියන්නෙත් මම ලංකාවට ආවම කරන වැඩ වලට හැසිරෙන විදියට කරදර කරන විදියට ඕනෙම දෙයක් ඉස්සරහා මාව එක විදිහටම දරා ගන්න කවදාවත් ඒක ගැන අහිතක් නොහිතන මගේ යාළුවෝන්ට එන්න ඉස්සෙල්ලම සාම සාකච්චා කියලා හිතාගත්තාට කමක් නෑ.
අන්තිමට ලියන්න ඕනේ මේ තරම් කාලයක් බුරු බබා නෙට් එකෙන් අඳුනගෙන හමුවෙච්ච අය අතරින්
සූ, මල්ලි, මලී, පොඩි, හරේ, රසී, සංජි, නිරූපා, රවී, මහේශ්, මනෝ, පෙපෙට්, මරේ, ලිශා, රජරට, සුදු පුතා, චරිත් වගේ අය බොහෝ වෙලාවට බුරු බබාගේ ජීවිතෙ වෙනස් කරපු අය. බුරු බබා තමයි මම හිතන්නේ වැඩිම දුරක ඉඳන් ඇවිත් නෙට් එකේ හැමෝම මුණගැහෙන්න වැඩියම ගිහින් තියෙන්නේ. එයාට හිතට ඇල්ලුවොත් කෙනෙක් එයා ඒ කෙනාව ජීවිතේටම අතාරින්නේ නෑ. මගේ මම දකින හොඳම දේ තමයි මම යාළුවෝ එක්ක කවදාවත් තරහා වෙන්නේ නෑ. මම ඕනෙම දේකදි මූනටම බනිනවා. ඒ වගේම මම වරදක් කලා නම් ළඟට ගිහින් සමාවෙන්න කියන්නත් මම පැකිලෙන්නේ නෑ. අනික මම කවදාවත් කෙනෙකුට හිතවත් වෙන්නේ කෙනෙක්ගේ ආර්ථික පසුබිම මත නෙමෙයි. කොටින්ම අපේ මල්ලි සූ හා මලී මම වෙනුවෙන් කරලා තියෙන දේවල් වලට වටිනාකමක්වත් කියන්න මම දන්නේ නෑ. ඒ අයට මම ඕනේ තරම් බැනලා තියෙනවා. ඒ අය මට ඕනේ තරම් බැනලා තියෙනවා.
2003 තමයි මම ලංකාවේ සයිබර් ස්පේස් එකට ආවේ. ඒ අස්සේ විවිධ මිනිස්සු මට මුන ගැහිලා තියෙනවා. මම හිතන්නේ නෙට් එකේ මුණගැහිච්ච වැඩියම යාළුවෝ පිරිසක් ඉන්නේ මට වෙන්නත් ඕනේ.
ඔන්න ඉවරයි. මම මොනවා කලත් සමාව දෙන්න මේ අය ලෑස්ති වෙලා ඉඳියි කියලා හිතනවා.



16 කමෙන්ට්ස්:
බූරු බබාට ජොලි හොලිඩේ එකක් වේවා...!!!
yoooooooooo!!! did someone say that we could have a cappuccino together ... :D
btw is that our malee akki ? :D
ඔය එකී මෙකී නොකී සියළුම දෑ හිතේ තියෙන විදිහටම කරගන්න ලැබෙන ෆන්ම ෆන් නිවාඩුවක් වේවා! :)
හෙට අනිද්දට ඉටුකරගන්න මගෙ හිතෙත් පැතුම් කොච්චර තියෙනවද කියලා මේකෙන් මට මතක් උනා. මම කැමති මුල්ම දේ තමයි සෙරෙප්පු නැතුව වත්ත පුරා ඇවිදින එක.
අක්කාගේ නිවාඩුව සතුටෙන් පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම.
හහ් හා....මට ඊරිසියාවෙ බැහැ අප්පා......මතක ඇතුව බලන්න අර රුක් අත්තන ගස් ටික තියනවද කියල.....පුලුවන්නම් ගන්න පොටෝ ටිකක්......සුභ ගමන් අක්කා...!!
ඕඕඕ, ජොලිම ජොලි නිවාඩුවක් ගත කරන්නට ලැබේවා. :D
ජොලිම ජොලි නිවාඩුවක් ගත කරලා එන්න රංගි !!!
සුලිසුලඟයි , භූමි කම්පාවකුයි , සුනාමියකුයි එකටම එන්න වගේ . ගෝඩ් සේව් අස්, ආමේන්
සුබම සුබ නිවාඩුවක්. කවද වෙනතුරු ලංකාවෙ ඉන්නවද?
මැණික්
එහෙනම් ජොලියේ ඉඳලා එන්ඩෝ.. අපිටත් එක්ක....
ප්ලෑන් රැසයි.කාලෙ කෙටියි.කොහොමද අප්පා නිවාඩුවකට ලංකාවට ඇවිත් ඔය ඔක්කොම කරන්නෙ? මේ ලංකාවෙ ඉන්න අපිටත් ඔය ඔක්කොම ටික කරගන්න මාස ගාණක් යනවා ෂුවර්
සේරටම කලින් ඇවිත් ඉන්නවකෝ බලන්න...!
අර චූටි බබාව ආදරෙන් මතක් කලා කියන්ට...:D
මට පොඩි කරදරයක් වෙලා මේ පැත්තේ එන්න බැරි වුනා. ඒ මදිවට සිංහලත් නැතිව ගියා. ඔක්කොමලාට බොහොම ස්තුතියි.
ඔන්න මමත් සුභ පතනවා නිවාඩුවට..මමත් ඔයාව මීට් වෙන්න ආසාවෙන් ඉන්නේ,,සික් මගේම ගොන් වැඩකින් මිස් උනා මීට් වෙන්න තිබුනු එක,,ආයේ නම් රෝමෙදිම අල්ල ගන්නම් කොහොම හරි
ඒයි උඹේ අලුත් පෝස්ට් එක පේන්නේ නෑ. මේ පින්තුර වල ඉන්නේ ඔහේද...?
Post a Comment