අපේ මල්ලි ඊයේ අත කපාගෙන. ගෙදර පිහි කැපෙන්නේ නෑ කීවම එයා පිහි මුවහත් කරන්න ගිහින්. ඊයේ පාක් එකේ ඇවිද ඇවිද ඉන්නකොට ඕක කීවම මට ඒ තරම් විශේෂ දෙයක් වුනේ නෑ. ඉක්මනට බෙහෙත් දාගන්න කියලා පරෙස්සම් වෙන්න කීව මිසක්.
අපි පොඩි කාලේ අපේ අප්පච්චි ගේ වටේම කුන්ඩිරා කියලා තැඹිළි නොවන කොල පාට බීමට විතරක් ගන්න පොල් ගස් වර්ගයක් හිටවලා තිබුනා. ළඟ කාලෙක නම් මම ඒ ගෙඩි දැක්කේ නෑ. ගමේ ගියාමත් දැන් ඒ ගස් උස ගිහින් හින්දා කඩලා දෙන්න කෙනෙක් හොයා ගන්න නෑ. අනික ඉස්සර වගේ ඒවයේ ගෙඩි හැදෙන්නෙත් නෑ වෙන්න ඕනේ. ඉස්සර එක වරකට එක කැනකට ගෙඩි සීයක් හා සම ගාණක් හැදෙන බව තමයි මතක. බිම ඉඳන්ම ගෙඩි කඩන්න පුළුවන් ගස් පහක් හයක්ම අපි ඉන්න වත්තේම තිබුනා. හැබැයි ඔය කියන තරම් ලේසියෙන් ඒවයේ ගෙඩි කඩන්න බෑ. මොකද ඒවට විශේෂ අවසර තිබ්බේ එක ගහකට එක්කෙනා ගානේ. කොහොමත් පොඩි කාලේ අපේ වත්තේ හැම ගහක්ම අයිතිවාසිකම් කියපු අය හිටියා. වැඩි හරියක් ඒවා බුරු බබාට. බුරු බබා ගස් වල අයිති කාරය වුනාට ගෙඩි කඩන්න දන්නේ නෑ. ගස් නගින්නත් බෑ. ඒ වාසිය අයියා උපරිමයෙන් පාවිච්චි කලා මෝඩ බුරු බබාව රවට ගන්න.
ඉස්සර අයියාගේ කාමරේ ඕනෙම වෙලාවක බැලුවොත් ස්ටොක් කරපු කුන්ඩිරා හරි තැඹිළි හරි තියෙනවා. ඒ වුනාට ඒවා ගන්න නම් අවසර තිබ්බේ නෑ බුරු බබාට. එයාට වාසියක් තිබ්බොත් විතරයි එයා කතා කරලාම ගෙඩියක් දෙකක් දෙන්නේ. කොහොමත් අයියටයි මටයි දෙන්නටම උදේට තේ බොන සිරිතක් තිබ්බේ නෑ පොඩි කාලෙ ඉඳන්ම. ඒකටත් එක්ක හරියන්න ඕන උදේ පාන්දරක දවාලක රෑක තැඹිලි නම් බොන්න පුරුදු වෙලා හිටියා. ඒක කොයි තරම්ද කියනවා නම් හැමෝම අදටත් මම තැඹිළි බොන හැටි දැක්කම අහන්නේ ඔහොම උදේ පාන්දරට රෑට තැඹිළි බොනවද මනුස්සයෝ ලෙඩ වෙයි කියලා. කොහොමත් ලංකාවේ ඉන්නවා නම් තැඹිලි ගෙඩි පහක් නම් බොනවාමයි අදටත්.
(මගේ ජීන් වලින් ඇවිත්ද මන්දා එරික්ත් උදේට කිරි බොන්නේ නෑලු. ඒත් ඕනේ උදේ පාන්දරක තැඹිළි නම් බොනවලු. අම්මා මේ ඊයේ පෙරේදා කතා කරන කොට කීවේ ඔයාගේ පුතාට පොල් වත්තක් අරන් දෙන්න වෙයි වගේ මෙහෙම තැඹිළි බොන්න නම් කියලා.)
ඉතින් මට කියන්න ඕන උනේ නම් මේවා නෙමෙයි. මට වෙච්ච ඇබැද්දියක් කුන්ඩිරා බොන්න ගිහින්.
ඒ කාලේ මම හිතන්නේ මට වයස හයක් විතර ඇති. අපේ ගෙදරට නෑයෝ වගයක් ඇවිත්. (ඔය පොල් ගහක්වත් නැති) ටවුමකින් අපෙ ගෙදරට කවුරු හරි ආවම කුන්ඩිරා ගස් කාගේ වුනත් ගෙඩි කඩන්න අම්මට ස්පෙසල් පර්මිශන් එකක් තියෙනවා. උන බට ගස් දෙකක් තියලා හරහට ලී තියලා බැඳපු කුන්ඩිරා කඩන්නම හදපු ඉණිමඟක් අපේ ගෙදර තිබුනා. එකෙනුත් මම බිමට වැටිලා තියෙන හින්දා මට ඒකට නගින්න අවසර නොතිබුනාට අනිත් අයට එකෙන් කඩන්න පුළුවන්.
අනිත් ඔක්කොමලාම දැන් තැඹිළි බීලා එහාට මෙහාට වෙලා. මට එක්කෙනෙක්වත් මද කන්න ඒවා ඇරලා දුන්නේ නෑ. කිවුවට වැඩකුත් නෑ නෑයො අස්සේ කට්ටියම ලොකු කතාවක. පිහියක් දැක්කා. ලොකු ගස් කඳක් උඩට තැඹිළි ගෙඩිය තිබ්බා. අතත් තිබ්බා ඒක උඩින්. (නැත්නම් ගෙඩිය බිම වැටුනොත්. ) පුළුවන් තරම් බර යොදලා පිහිය උස්සලා ගැහුවා තැඹිලි එකට. ........................
දැන් ඔය මොනවා වුනත් කොයි තරම් වේදනාව ඉවසගන්න බැරි වුනත් අඬන්න භයයි. ඇයි මට පිහි අල්ලන්න තහනම්නේ. අනික අප්පච්චිත් ගෙදර ඉන්න දවසක්. ඒ වගේ වෙලාවට අපේ ලොකු තමයි මගේ ආරක්ශකයා. දුවන්නත් බෑ දැන්. ඇයි ලේ හැමතැනම. දැන් මම ඒ දිහා බලන්නෙත් නෑ. අක්කා ආවා. අම්මේ...........හ් කිවුවා එයා හයියෙන් අඬන්න ගත්තා. තත්පරෙන් ඔක්කොම එතන. මට මතකයි ඒ අස්සේ මගේ මහපට ඇඟිල්ලේ නියපොත්තත් එක්කම කෑල්ලක් වෙන්වෙලා තැඹිලි එකට වැටිලා තිබ්බා. හදිස්සියට අම්මලාට අර වෙන්වෙච්ච කෑල්ලවත් ගෙනියන්න අමතක වෙලා.
හොස්පිට්ල් එකට මාව උස්සගෙන ගියාම එතන දි ඩොක්ට අන්කල් කීවේ අනිත් කෑල්ල ෆිට් නොකලාට කමක් නෑ. මම පොඩි හින්දා ආපහු ඉබේම හැදෙනවා කියලා. ඒ වුනාට මට ඇහෙන්න නම් එයා කීවේ අතම කොට වෙනවා ඒක හින්දා පිහි නම් අල්ලන්න එපා ආයෙ කියලා.
සෑහෙන කාලයක් මම භයෙන් හිටියා කියලා නම් මතකයි. ස්කෝලේ ගියෙත් අත වහගෙන ඇඟිල්ල කොටයි කියලා හිතාගෙන. කොහෙද අපේ ගෙදර ගුරුවරු ගොඩක් හිටපු හින්දා මට වෙච්ච කරදරේ හැමෝම දැනගෙනත් හිටියා. එක දවසක් කවුරු හරි මට හිනාවෙන්න ඇඟිළි කොටා වගේ නමක් කීවම ආයේ මොන නීතියක්වත් මතක් වුනේ නෑ ගැහුවා කණ පැලෙන්න. එයිට පස්සේ කවුරුත් එහෙම කීවේ නෑ.
හොඳ වෙලාවට මගේ අතේ වෙනසක් තිබ්බේ නෑ. ටික කලකින් ඔක්කොම සාමාන්‍ය වුනා. ඒත අදටත් ඕනම වැඩක් කරද්දි අණුමැතිය ඇතත් නැතත් කාට හරි කියලා මිසක් කරන්නේ නෑ. එදා මම භයටම (හොර වැඩක් හින්දා) නොකියා ඉඳලා තව ටිකෙන් ලොකු විනාශයක් වෙන්න තිබ්බා.
උදේ පාන්දරම මල්ලිත් එක්ක අතීතය මතක් වෙලා මට හිනහත් ගියා. ඒ උනාට මම දැන් නම් පිහි පාවිච්චි කරන්නෙ හරිම පරෙස්සමින්. කොළඹ එයාර්පෝට් එකෙන් එලියට එමින් ගමන්ම අරන් කලිසමේ සාක්කුවේ දාගන්න පිහිය ආයේ බෑග් එකට යන්නේ නිවාඩුව ඉවර වෙලා එමින් ගමන් කොළඹ එයාපෝට් එකට ඇතුල් වෙද්දි විතරයි ඒක මගේ බැගේග් එකට යන්නේ. ඔය මැර කතාවල් එන්නේ කොහෙන්ද කියලා හිතාගන්න පුළුවන්නේ.
(pics by google)
(මගේ එක විනෝදාංශයක් තමයි පිහි එකතු කරන එක. මිලිටරි කලෙක්සන් එකක් තිබ්බා ඉස්සර මගේ පිහි හැට ගානක. ලංකාවේ සල්ලි වලින් ලක්ශා ගානක. වැඩි පරෙස්සමට ලංකාවට ගිහින් අපේ ගෙදර තියලා ආවා. අන්තිමට ගෙදර ගිහින් බලද්දි අයියා තැඹිළි කපන්නේ වත්තෙ කෙසෙල් කපන්නෙත් ඒවයින්. )





22 කමෙන්ට්ස්:
//මගේ එක විනෝදාංශයක් තමයි පිහි එකතු කරන එක.//
අපොයි බයේ බෑ.
අර ගස්වල නම් ගෙඩි පහලම පිරිලා. අතින් කැඩුව හැකි. බූරු බබා ඉතින් හපනියක් බව මේ කතා ඔක්කොගෙන්ම පේනවා.
අර අහිංසක මල්ලිගේ අතට දැන් කොහොමද? :D
අම්මේ සෑහෙන මැර බබෙක්නෙ ඔයා. එයාර්පෝට් එකෙන් පිහි අහු වෙන්නෙ නැද්ද. තහනම් නේ අරන් යන එක. අපෙ අම්මගෙ පොල් බිඳින මන්නෙ තියෙනවා. ඒකත් එවන්නද ඔයාගෙ පිහි කලෙක්ෂන් එකට.
@පොකු,
මල්ලි දැන් ක්‍රෙස්කැට් ගිහින් කාලා ආවා කිව්වා. බත් කන්න විදියක් නෑ කියලා වෙන මොනවද කාලා ඇවිත්. මූන එල්ලගෙන ඉන්නවා භාගෙට අඬ අඬා.
(ඕකට හපනි කියන්න පුළුවන්ද මන්දා ඒ දවස් වල මම ඕනම දෙයක් කලාම මොකක් හරි අනතුරක් කරගන්නවා. වෙන එකක් තියා ඇඟිල්ල කැපිච්ච දවසේ අපේ ගෙදර මළ ගෙයක් වගේ. දැන් නම් හිනා ගියාට අපේ අම්මලා මම ගැන පුදුම භයකින් ජීවත් වුනේ.)
(හපොයි මගේ හොබි ගැන බැලුවොත් ඒවා අමුතු ජාතියේ ඒවා. මේ වගේ ලොකු වයින් කලෙක්සන් එකකුත් තියෙනවා. ඔය මගේ යාළුවෝ හිනා වෙන්නේ නාස්ති කාරයා කියලා ඔය වගේ ඒවා වෙනුවෙන් මාසෙ වැටුපම හරි වියදම් කරන නිසා. ඒ වුනාට ඉතින් පොඩි එකාගේ ආසාවනේ.)
@ පිණිබිඳු,
පිහි ලංකාවට ගෙනාවේ නම් ලොකු දුකක් විඳලා. දැන් බෑගේග් එකේ දාගෙන යන එක ස්පෙසල් පර්මිශන් එකකට ගේන්නේ. ඩික්ලෙයා කරලා. ඔය තමන්ගේ ආරක්ශාව වෙනුවෙන් ළඟ තියා ගන්න අවි ආයුධ නීති තියෙනවානේ. ඒ වුනාට ඉතින් ඕවා ළඟ තියාගත්තට මෙතුවක් පාවිච්චි කරලා නෑ. කොහොමත් මම කාටවත් කරදර කරන්න නෙමෙයි ඕවා තියන් ඉන්නේ. මම ලංකාවට ආවම කූඹියාගේ ඉඳන් ඕනෙම දේකට භයයි. මෙහෙදි වගෙ චන්ඩි නෑ.
//අන්තිමට ගෙදර ගිහින් බලද්දි අයියා තැඹිළි කපන්නේ වත්තෙ කෙසෙල් කපන්නෙත් ඒවයින්.//
තාම හිනා.. පරිස්සමට තියෙන එක ඈලියාවට යනව කියන්නෙ ඕකට වෙන්න ඕනෙ...
ඕඕඕ, නිතරම සාක්කුවෙ පිහියක් තියෙනවද? දැනගත්ත එක හොඳයි...
ගණු ළමයිනම් ගානක් නෑ. ඒත් පිරිමිළමයි පිහි සාක්කුවෙ දාගෙන යන්නෙ පරිස්සමින්
කුන්දිරා හැදෙන්නේ කැන් නෙමෙයි බන් වලු. බලාගෙන පිහි සාක්කුවේ දාන් යන්නේ අතුරුදහන් වෙයි...
කුන්දිරා රස වෑහෙනවා.. :) දැන් කොහොමෙයි මල්ලිගේ අත?
අම්මෝ මේ රංගි කියන්නේ එසේ මෙසේ බූරු බබෙක් නෙමෙයි කියලා දැන් හිතෙනවා. පිහි හට ගානක්ම තියාගෙන ඉදලා තියෙනවා නේ.
ඔයා ඔය කුන්ඩිරා කියලා කියන්නේ අපේ පැත්තේ තියෙන කුන්දිරා ගස් වලට වෙන්ටෑ. අනේ අනේ රංගියෝ !!!
හයියෝ පව් චරි බෝයි හෙටම කෝල් එකක් දෙන්න ඕනි. අප්පා ඔයාගේ පිහිය කොයි තරම් ප්‍රෙයෝජනවත් ද මිනිස්සු නෙවෙයි පලතුරු කපන්ට!
මොකද්ද මේ ලංකාවට ගොඩ බහින කොට එන පිහි කතාව. ඒ කියන්නෙ ලංකාව ඒ තරම් අනාරක්ෂිතයි කියල ඔයාට දැනෙනවද?
මැණික්
දවසට තැඹිලි 5 - 6 ක්? බුදු අම්මෝ ඔයාව නම් අදහන්න වටිනවා!
මම දවසක් පිට රටකදී කන්න ගිහින් මොකද්ද කොකනට් බ්ලා බ්ලා කියල ලස්සන දිග නමක් තියෙන බීමක් ඕඩර් කරා ආසාවට. මොකද මම පොල් රහට සුවඳට ආසයි :) ලොකු ගානකුත් ගෙවල ටික වෙලාවකින් ආවේ නැද්ද මෝස්‌තර දාල කපපු කුරුම්බා ගෙඩියක්! මම ඉතින් ලංකාවේ නෙවෙයි වගේ ඒක රස කරලා බිව්වා :D
ඇයි උලව්වෙ සාක්කුවෙ පිහි දාගෙන යන්නෙ විකාරෙන් ද, ඩිංගක් එහෙ මෙහෙ උනොත් විනාසයි නෙව අනාගතේම.
හම්බෝ රම්බෝ පිහියක් හෙමත් ඇති නේද කලෙක්ෂන් එකේ
මට මතක් උනේ ඇස්ට්‍රිඩ් ලින්ග්‍රන්ගේ ලොන්නෙබැරියේ එමිල් කියන පොත.අපොයි හරි දඟ ළමයි...
අනේ අම්මේ පරිස්සමින් ආස්සරය කරන්න ඕනේ .බජාර් එකේ බුරු බබා ...
කතාව කියවද්දී මට නම් හිනා වෙන්න බැහැ. ගිය අවුරුද්දේ අපේ ලොක්කිගේ ඇඟිල්ලක් දොරට අහුවෙලා වින්ද දුක මතක් වෙනවා
ඔහොම දෙයක් උනාට පස්සෙත් පිහිවලට ආස වෙන එකනෙ පුදුමෙ. මට ඔය පිහි වලින් අපලයි හරියට .ලූණු කපන්න ගියත් කපාගන්නව අත.
ඔය ඉතාලි වයිනුයි තව අරවයි මේවයි කලවම් කරලයි බීව්ම්ම ඉතින් තැඹිලි 5-6 බොන්න වෙන එක අහන්න දෙයක්ද හිකිස්
@චාමි,
කියලා වැඩක් නෑ චාමි.
භාගයක් එයාලාගේ යාළුවෝ අරන් ගිහින්. අනේ මම මොන දුකක් විඳලා එකතු කරපුවද....
@නලිනි,
අපි එහෙමයි. ඔය නරක ළමයි ආශ්‍රය කරද්දි පරෙස්සම් වෙන්න එපැයි.
@ඉන්දික, ඒක තේරුනේ නෑ නේ.
@මාතලන්, හික්ස් මට හිතුනේ දෙකම එකයි කියලා.
@වජී,
අන්තිමට බීපු ඒවා පොඩි කාලේ ඒව තරම් රස මතකයක් හිතේ නෑ නේ. මොන හේතුවකටද මන්දා මට මතකම පොඩි කාලේ බීපු රස විතරයි.
@මධු,
ආයිත් අහලා මම මැරංගි කියන්නෙ බොරුවටයැ. ඒ වුනාට කූම්බියෙක් මැස්සෙක් දැක්කමත් මම භයයි. හික්ස්.
@මලී,
ඔව් ඉතින් ඒක මල්ටි ප්‍රපෝස් නේ. මිනිස්සු කපන්න? අම්මෝ ඔයාට නම් නිකමටවත් අල්ලන්නවත් දෙන්න හොඳ නෑ. කාව හරි කපලා දැම්මොත් හෙම ඔයාට තරහා ගිය වෙලාවට... හික්ස්...
@මැණික්,
මට ලංකාවට ගියාම අනාරක්ශිත භවක් දැනෙනවා විතරයි නෙමේ මම පුදුම විදියට භයයි. කොටින්ම මෙහෙ ඕනේ රෑක තනියම ඕනේ ගමනක් යන මම ලංකාවේ කවුරු හරි නැත්නම් ගෙදරින් එලියටවත් යන්නේ නෑ. ඒ වුනාට මම ඒක අනිත් අයට පෙන්වන්නේ නෑ මම ලොකු මිනිහා වගේ ඉන්නවා. සමහරවිට නුහුරුකමයි අපේ යාළුවෝ/නෑයෝ හා මගේ රියදුරා පවා කියන දේවල් අහලා වෙන්න ඇති. කොහොමත් කවුරුත් මට තනියෙන් එහෙ මෙහෙ යන්න දෙන්නෙවත් දකින දකින එක කන්න දෙන්නේවත් නෑ.
@නිරෝශිනි,
අපොයි මම ගෙඩි පහ එකපාරම බොන වෙලාවලුත් තියෙනවා. මගේ කාර් එකේ වරදින්නේ නැති එකම දේත් තැඹිලි තමයි. පාට බීම නොබොන මට ලංකාවට ගියාම එකම විකල්පය තැඹිළි හා ප්ලේන් ටී තමයි. කියුබා, තායිලන්ඩ් වගේ රටවලදි මාත් ඔයා කියපු වගේ ඒවා බීලා තියෙනවා. හෙ හෙ.
මේ අනේ ඔයාගේ බ්ලොග් එක කියවනන් කොමන්ට් කරන්න පට්ට අමාරුයි අප්පා. ඒක පොඩ්ඩක් බලන්න.
@නවම්,
එහෙම එකක් වෙන්න බෑ. මේව ප්‍රොටෙක්ට් කරන ගැජට් තියෙනවානේ.
@චානක,
එකක් නෙමෙයි ඒවයින් ගණනාවක් තිබ්බා. ඒකාලේ මෙහෙ ගෙදර එන එන කෙනා අනේ ලස්සනයි කිය කිය ඉල්ලන හින්දා කවුරුත් නොයන අපේ ගමේ ගෙදර ගිහින් තිබ්බේ. අන්තිමට එහෙමවත් ඒවා සේව් කරගන්න බැරි උනා.
@දිනුක, මට ඒක දඟ ළමෙක් කියලා හිතෙන්නෙම නෑ අනේ. අදටත් මගෙ තියෙන බොහෝ විනෝදාංශ විවිධාකාරයි. පොඩි කාලේ ඉඳන් මට තිබුනේ කව්ගර්ල් උණක්. අදටත් ටිකක් තියෙනවා. සමහරවිට මම ගොඩක් හැදුනේ ඉන්ඩිපෙඩන්ට් ස්ටයිල් එකක හින්දා වෙන්න ඕනේ. ඒත් ඔය වෙන ගෑණු ළමයි ආසාවෙන් එකතු කරන කිසිම දෙයක් නම් මම ආසා නෑ.
@බින්දි,
අපොයි ඔය ඔක්කොම ඔහොම කීවට හිතුවට මම අහිංසකයි ගොඩාක් දොයිගත්තම.
අප්පා මගේ අත කැපිලා වෙන්වෙලාත් මම ඇඬුවේ නෑ භයටම. ඒත් අපේ ගෙදර අය අඬපු හැටි මතක් වෙලා මට තාමත් දුකයි.
@රෝස කුමාරි,
ඔව්. මෙහෙමයි පොඩි කාලේ මම පිහි වලට භයයි. පස්සේ හොබි විදියට වෙඩි තියන්න, මාශල් ආට්ස්, කඳු නගින්න වගේ, මාළු අල්ලන්න වගේ දේවල් වලට හුරු වෙනකොට ඉබේටම ඕවා එක්ක ආසා වුනා.
මම කෑම හදන්න එහෙම එළවළු කපන කොට මගේ යාළුවෝ ඇස් උඩ තියන් ඉන්නේ. හෙ හෙ
@මනෝ,
අනේ පල යන්න. වයින් වලට මොනවා කලවම් කරන්නද මචන්? ඕනෙ නම් කුකුල් වලිගයක් හොයා ගත්තොත් තමයි. ඒත් ඉතින් මම තැඹිළි බොන හැටියට ඒවා බිව්වා නම් ......
පිහියක් සමග යන කාන්තාව ..හික්ස්.. මරු හෙඩිම පත්තරෙට දාන්න
පොස්ට් එක නං එන්ජෝය් කළා.
කුන්ඩිරා නෙමේ ඒවාට කියන්නේ 'කුන්දිරා' මං අහල තියෙන විදියට.
කෙහෙල් වලට කැන් කිව්වට පොල් වලට කියන්නේ 'පොල් වලු'
අයියා විතරයි දේක නියම වටිනාකම දන්නේ...
Post a Comment