මේ දවස් වල මෙහෙ වැස්ස. වැස්ස කියලා විතරක් කියන්න බෑ හිටි ගමන් ගංගා පිටාර ගලන හැටි දැක්කම නගර එහෙම පිටින්ම යට වෙලා පාර වල් ගංගාවල් වෙලා තියෙනවා දැක්කේ සුනාමි වලින් පස්සේම මේ දවස් වල.
හෙට අනිද්දාට මාත් ඔන්ලයින් නොහිටියොත් බ්ලොග් එක අප්ඩේට් නොවුනොත් ෆේස් බූක් එකේ මම දාන නොයිසි ස්ටේටස් අප්ඩේට් නැති උනොත් ඔන්න මාත් වැස්සට ගහගෙන ගිහින් කියලා හිතාගන්න පුළුවන් ඔයාලට.
මේ දවස් වල මට හිටි ගමන් මගේ පරණ යාළුවන්ගෙන් කෝල්ස් එන්නේ උඹ යහතින් ඉන්නවද අහලා. එහෙම හරි කරදරයක් වුනාම අපේ යාළුවෝ ඉන්නවානේ කියලා සතුටු වෙන්න පුළුවන් යාළුවෝ මට තවමත් ඉන්නවා. කාලයක් තිස්සේ සිදුවෙච්ච දේවල් එක්ක යාළුකම් හිතවත්කම් ගැණ මට මහා ලොකු විශ්වාසයක් නෑ. බොහෝ අය අනෙකාට හිතවත් වෙන්නේ සැබෑවටමද කියලා මට හිතාගන්න තවම බෑ.
බලාපොරොත්තු නැති උනාම හෙට දවසක් නොපෙනුනාම මම කොහොමත් එරික් ගාවට ගිහින් මගේ හිත සංසුන් කර ගන්න පුරුදු වෙලා ඉන්නේ කාලෙක ඉඳන්.
ඒත් අන්තිමට ඒකෙන් විතරක් සෑහීමකට පත් වෙන්න මට පුළුවන්ද කියලා ප්‍රශ්නයක් විතරයි ඉතිරි වෙන්නේ.

16 කමෙන්ට්ස්:
වැස්සට හිතත් පෙඟිලා වගේ . වැස්ස වෙලාවට තනියෙන් කල්පනා කලොත් හරිම කාන්සියක් ඇති වෙනවා නේද ...කෝපි නැද්ද
සමහර මිත්‍රයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. තමන්ට වාසියක් වෙනකන් විතරයි බටර්ගාගෙන ළඟටම වෙලා ඉන්නෙත්.
ඒත් සමහරු ඉන්නවා තමන්ගෙ වැඩත් පාඩු කරගෙන තමන්ගෙ මිත්‍රයන්ට අවශ්‍ය වෙලාවෙදි මඟනොහැර උදව්පදව් කරන අය. එයාලා අපෙන් කවදාවත් උදව්වක් නොගත්තු අය වෙන්නත් පුලුවනි.
මේ ඔක්කොම මතක් වෙන්නෙ වැස්සෙ තනියම ඉන්නකොට තමයි. (අපිටත් වහිනවෝ)
හුටා මං මේ පලාතට ආවමයි, මෙන්න මුන්දැ අතරමං වෙලාලු,
ඉඳල හිටල මටත් ඔහොම හිතෙනව තමයි. ඒගැන පෝස්ට් දෙක තුනකුත් ලිව්ව මගෙ හිතේ. වැස්සත් එක්කම ඔය ගතිය අඩුවෙල යයි.
මිත්‍රයො ගැන නම් මට තියෙන්නෙ එච්චර හොඳ මතකයන් නෙමෙයි ලඟම කිහිප දෙනෙක් ඇරෙන්න.
මේ දවස් වල වැස්ස ගැනනම් කතාකරලා වැඩක් නෑ.. නගර තුනක්ම ඉවරයිනේ මේ වැස්ස නිසා...
වැස්සේ එළියට බහින්නත් බැරි එකේ මාළු පාන් හදාගෙන කන්න අක්කේ! ;)
මචං ඉක්මනට වරෙන් මෙහේ .එතකොට කතාකරමු ටිකක් වෙලා අරං
රංගිට කියන්න මෙහෙත් වැස්ස. කොළඹ යටවෙන සයිස් !!!
ඒක නෙමේ රංගි ෆේස් බුක් එකෙත් ඉන්නවද ? හොයලා බලන්න වටිනවා. හික්ස් :)
ඔව් වැස්සට, සීතලට, කලුවරට වෙලාවකට මගෙ හිතත් තෙමෙනවා. ඔහොම තමයි ජීවිතේ. ආයෙත් අව්ව එනවා.
මැණික්
මෙහෙත් හරි වැස්ස
ගඟත් උතුරන්න..
හදවත ටිකක් බර වෙලා වගේ නේද...
වැස්ස!! හිතේ හැඟීම් ඔක්කොම පොඟවලා ගලාහරින්න ඔය වැස්සට පුළුවන්. සුන්දරත් නෑ අසුන්දරත් නෑ. බින්දි අක්ක කිව්ව වගේ කෝපිනම් වැස්ස වෙලේට නියමයි.
රංගි අක්කා අපිට නම් වැස්ස නෑ
@බින්දි,හොඳටෝම. කෝපි නේද? ඊයේ හවස මේ මහා වැස්සේම යාළුවෙක් කිලෝ මීටර් ගානක් පයින් ඇවිදලා කෝපි බීලා ආවා.
:ඪ්
@රොශාන්,
ඔව්. හොඳ යාළුවෝ ඕනේ තරම් ඉන්නවා. ඇත්තෙන්ම මට ඉන්න බොහො යාළුවෝ (මා යාළුවෝ කියා සිතන අය) එහෙම තමයි. ඒ අස්සේ මේ කියපු කාන්ඩේ අය වැඩියි.
@නවම්,
ඕක වයසේ වැරැද්ද කියලා මම නම් හිතන් ඉන්නේ නවම්. ඔයාගේ ඔක්කොම පෝස්ට් මේල් එකට එන හින්දා ඒ එකක්වත් මග නොහැර ආසාවෙන් කියවනවා.
@ දිනේශ්,
තව හෙට අනිද්දට මොනවා විනාශ වෙයිද දන්නේ නෑ. මම නම් මේ දවස් වල රෑට හීනෙන් මුහුදක් වත් පේනවට භයයි.
@පූස්,
අයියෝ, මාළු පාන් හදන්න ඔය තරම් මහන්සි වෙන්න ඕනේ නෑ. ඕවා මිරිස් නේ. අනික මම වගේ අලි බබාලට ඔය පිටි කෑම අගුණයි. මම වැස්සට හොඳට පොරවගෙන නිදාගන්නවා. ඒක හරිම පහසුයි. :ඪ්
@මනෝ,
අපොයි උඹලා මට එන්න කියන්නේ මිරිස් කවන්න කියලා මම දන්නවා.මම බැලුවේ මේ එයා ටිකට් එකට සල්ලිත් යන හින්දා වැස්ස වැඩි හින්දා පීනගෙන එන්න. හික්ස්
@මධු,
කොළඹ යට වෙන්න නම් වැස්ස ටිකක් තිබ්බත් ඇතිනේ. මේ කියන්නේ එහෙම වැහි නෙමෙයි අප්පා. අර බුධ්දි (චූටි මහත්තයා) කිවා වගේ වැස්සක්.
@මැණික්,
ඔව්. ඒ වගේ වෙලාවට මේ වගේ කොහෙටවත් නැති දේවල් මතක් කරන් අවුල් වෙන මට පුරුද්දක් වගේ. ඒත් මේ දේවල් බොහොම පොඩි වෙලාවකට විතරයි. ටිකකින් අර අයන් ලේඩි එනවා. නැත්නම් මගේ ගෝල්ඩන් බෝයි ඇවිත් ආන්ටි මම ඔයාට ආදරෙයි ලෝකය තරම් කීවම ඔක්කොම සේෆ්.
@වජී,
මෙහේ විතරයැ. ඔහෙත් එහෙමනේ. පසුගිය දවස් වල කොහෙද අතුරුදහන් උනේ?
@රෝස කුමාරි,
ඔව් වැස්සට කරන්න පුළුවන් දේ බොහෝමයි. මම නම් ඔය ග්ලූමි, වැහි හැන්දෑවල වැස්සෙ තෙමෙමින් කෝපි බොන්න කිලෝ මීටර් ගනණ් පයින් යනවා තාම. හරියට අවුරුදු පහලොවක හිටපු මම වගේම.
@ඩිලාන්,
කට කට. ඔයාලටත් ලබන සුමානේ දිහාට මදි නොකියන්න දෙන කතාවක් තමයි ඇහුනේ. මෙහේ අද රශ්නෙයිත් එක්ක මෙන්න. වැස්සත් රෑ නතර වුන ගමන්. අනේ මන්දා උදේට එලියට යන්න මොනවා අඳින්නද කියලා හිතාගන්න බෑ මේ දවස් වල.
වැස්සකට කොයි තරමක් දුර හිත ගෙනියන්න පුළුවන්ද?
කෝපි කෝපි!
දැනට තියෙන සම්පත් "සැනසීම" ළඟාකිරීම කියන කාරණයේදි අසමත්නම් අළුත් අදහසකට යන්න වෙයි ;-)
මටනං වෙලාවකට හිතෙනවා අර කියන්නත් වගේ හොඳම කලාව හුදකලාව කියලා.තමංගෙම විනෝදාංශ ටිකක් හදාගත්තනං ඔය කවුරුත් ඕනෙ වෙන්නෑ.
ගහගෙන යන්න..?බූරු බබාව..?
Post a Comment