මේක ලියන්නේ හරේගේ අලුත් පෝස්ට් එක කියවලා මට මා ගැන තියෙන ආගමික කියවීම.
මම කතෝලිකයෙක් කියලා මාව යම්තමින් හෝ දන්නා අය දන්නවා.
ඒත් මම ඉපදුනේ බෞද්ධ පවුලක. කොටින්ම අපේ ගමේ පන්සලේ ප්‍රධාන දායකයන්ගේ දරුවෙක් විදිහට.
මා පොඩි කාලේ අකුරු කියවීමේ ඉඳන් මුලින්ම පාසල් යන දවසේ, සිංහල අවුරුද්දට මුලින්ම බුලත් දීලා වදින්න වගේ හැමදේටම මම ගියේ පංසලට. පන්සලේ හැදිච්ච මිදි වැලේ මිදි වුනත් ඉස්සරලාම කන්නේ මම ඒ කාලේ. මගේ ළමා කාලය එක්ක පන්සල බොහොම ළඟ හිතවත්කමක් තිබුනා.
මට මතකයි මම පොඩි කාලේ හවසට ගෙදර සද්දෙන් ගාථා කියලා බුදුන් වදිනවා. දැන් නම් මේ දේවල් මට මතක නෑ ඒක දුකට කරුණක්. බුද්ධාගමේ කියපු දේවල් ගැන මට අවබෝධයක් තිබුනේ නෑ.ඒ මම පොඩි ළමෙක් නිසා වෙන්න ඕනේ. ඒත් මම බෞද්ධ.
කාලයක් ගිහින් මම විදේශයක පදිංචියට ආවම (ළමා කාලෙම) මට කියාගන්න බැරි තනිකමක් අසරණකමක් වගේ දෙයක් දැනුනා. ඒ කාලේම මගේ දෙමව්පියන්ගේ වියෝව හින්දා මම ලොකු මානසික අසහනයකටත් පත් වුනා. ඒ හැමවෙලේකම මගේ දුක කියාගන්න මට තිබුන එකම ක්‍රමය දෙවියෝ. මම නොපෙනෙන දෙවියෝ ගාවට ගිහින් මගේ දුක කියන්න පුරුදු වුනා. පාරේ යමින් ගමන්, ගෙදර ඉන්න ගමන්, බාත් රූම් එකේ ඉන්න ගමන් හා මම කරන කියන හැම වැඩකදිම මම දෙවියෝ එක්ක කතා කලා. ඊට අමතරව මම ගෙදර තනියෙන්ම හිටපු නිසා උදේ වරුවේ වතිකන් එකට හා ළඟ පාත තිබ්බ හැම පල්ලියකටම ගියා.
ගොඩාක් වෙලාවට මගේ දුක අහගෙන හිටපු කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා මට අවබෝධ වුනා. ඒ කෙනා කොහොමද මොන වගේද පල්ලියෙද කොතනද ඉන්නේ කියන්න මම දැනන් හිටියේ නෑ. ඒත් මගේ දුක වෙනුවෙන් එයා හැමවෙලේම හිටියා. ඒ වගේමයි මගේ සතුට වෙනුවෙනුත් මම එයා එක්ක කතා කලා. ඇත්තටම මට දෙමාපියන් හා සහෝදරයින් ළඟපාත නැති වුනාට හැමෝගෙම ආදරය දිනාගන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක් වුනා. ඕනෙම කෙනෙක්ගේ දුකක් කඳුලක් ළඟ ඉන්න පුළුවන් කෙනෙක් වුනා. කොටින්ම ඔය කියන ආගමික විශ්වාශය එක්ක මම සැබෑවටම ආදරේ ප්‍රේමය එක්ක ගණුදෙණු කරන්න ඉගෙන ගත්තා. ඉතින් මට හිතෙන්නේ මට එහෙම වෙන්න උදව් කලේ මට නොපෙනෙන කොහේ හරි ඉන්න කෙනෙක් කියලා.
ඒත් අදටත් දෙවියන් වහන්සේගේ මැවීම් මම විශ්වාස කරන්නේ නෑ. කෙස් පැලෙන තර්ක මට නෑ ආගමත් එක්ක. කොටින්ම මම හොඳ කතෝලිකයෙක්. ඒත් ඒක අස්සේ මටම අනුගතවෙච්ච නීති මම හදාගෙන තියෙන්නේ. අදටත් මම බොහෝ වෙලාවට පල්ලියට යනවා. විශේශ අවශ්ථාවකදි නොයා ඉන්නේම නෑ.
ඒ වගේම මම බෞද්ධ ආගම එක්ක ළඟ සමීපකමක් තියෙනවා. ඒ මේ අද තියෙන පංසල්/ඒ වගේම පල්ලි ව්‍යාපාර වගේ දේවල් එක්ක නෙමෙයි. දර්ශණය එක්ක. මම මඩවල උපාලි හාමුදුරුවෝ එක්ක වගේම දලෙයි ලාමා තුමාගේ Tibetan බෞද්ධ මධ්‍යස්තානයේ භාවනා ක්‍රම වලට සහභාගි වෙලා තියෙනවා. ඒ හැම අවශ්තාවකම මට මගේ ආගම කතෝලික කියලා ප්‍රශ්නයක් වුනේ නෑ. අදටත් ඕනෙම වෙලාවකට පංසලකට ගියාම මට ලොකු සහනයක් දැනෙනවා. මේ වෙනකනුත් අපේ ගමේ යන හැමදාම මම අපේ ගමේ පන්සලට ගිහින් අපේ හාමුදුරුවන්ව බලලා එන්න අමතක කරන්නේ නෑ.
මගේ ලංකාවේ යහළුවන් වැඩි හරියක් බෞද්ධ. ඒ ඒ අයගේ ගෙවල් වලදි දාන මාන වලදි මම බොහොම උවමනාවෙන් සහභාගි වෙනවා. ඒ කිසිම කෙනෙක්ගෙ ආගමක් මට ප්‍රශ්නයක් වෙලා නෑ. මගේ මුස්ලිම් යාළුවෝ එක්කත් මම සහයෝගිතාවයෙන් ආශ්‍රය කරනවා. ඒත් ඒ අයත් එක්ක ආගම ගැන කවදාවත් කතා කරන්නේ නම් නෑ. ඒ අස්සේ මගේ බොහොමයක් යහළුවෝ atheists . ඒ අය එක්කත් මම බොහෝ සමගියෙන් ආශ්‍රය කරනවා. කොටින්ම කතෝලික වර්ථමාන පල්ලියට එහා ගිය දැක්මක ඉන්න මා දැක්මයි ඒ අයගේ දැක්මයි එක්ක මට සම්බන්ද වෙන්න පහසුයි.
ඒත් අද වෙනකොට ආගමික සහජීවනය කියන එකෙන් මිනිසා බොහෝ ඈත් වෙමින් ඉන්නේ. පාරේ යනකොට බලෙන් කතා කරලා නවත්වලා දෙවියන් වහන්සේගේ පනිවිඩ කියන අය, ගෙදර බෙල් එක ගහලා දෙවියන්ගේ දූතයෝ ගෙදරට එන එක, අනිවාර්‍යෙන්ම පල්ලියේ ඉරිදා පූජාවට යන එක, සුදු ඇඳන් පන්සලට යන වගේ විහිළු සපයන කතාවලින් වගෙම ඔබේ විශ්වාශය වැරදි ඔය ඔක්කොම මල ඉලව් කියලා කිසිම ආගමක් වැඩක් නෑ කියන එකත් එක්කත් මට ප්‍රශ්න තියෙනවා. මෙතනින් එහාට කියන්න ඕනේ නෑ නේ.
මේ ඔක්කොම අස්සේ අද සියළු සාන්තුවරයින්ගේ දවස. නොවැම්බර් කියන්නේ මළවුන්ගේ මාසේ. නැවත ඉපදීමක් විශ්වාස නොකරන මා වැන්නන් තමන්ගේ මිය ගිය අය එක්ක ළඟ සම්බන්ධකම් තියාගන්නේ මේ දවස් වල. කොටින්ම මගේ අම්මයි අප්පච්චියි එක්ක මා වැඩියම ඉන්නේ මේ දවස් වල. මට ආගමක් නොතිබුනා නම් ඒ අයගේ වෙන්වීම මට මේ තරම්වත් දරා ගන්න පුළුවන් වෙන එකක් නෑ.


20 කමෙන්ට්ස්:
බොහොම හරවත් සටහනක්.. ළඟදී මම බොහොම ගරුකරන හිටපු ලොකු හමුදුරුකෙනෙකුගේ බණක් ඇහුවා උන්වහන්සේ පැහැදිලිවම කියන්නේ මනුස්සයෙකුට ආගමක් අවශ්‍ය නැහැ කියන එක.. ඇදහිලි ක්‍රම මනුස්සයෙකුට තාවකාලික චිත්ත සහනයක් දෙනවා. එත් ඉන් එහාට යන්න නම් ජීවිතය වැටහ ගන්න ඕන එක කරන්න භාවනාව මගින් තම තුලට පිවිසෙන්න ඕන කියල.. වෙලාව තියෙනවා බනම පුන්නජී හාමුදුරුවන්ගේ ප්‍රොටෝ බුඩිසම් සයිට් එකට යන්න. ගුගල් කරාම හොයාගත්තහැකි.. බුදු දහම බොහොමදුරට විකුර්ති වෙලා කියන තැන ඉඳන් තමයි උන්වහන්සේගේ දේශනා පටන් ගන්නේ.
I felt like that this was written by me. I am from a mixed, blended family.
ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්......... කාටවත් කරදරයක් නැහැ, කාගෙන්වත් කරදරයක් නැහැ......... මටත් ඔය මගදි දේව දුතයෝ ගේන අය නං පේන්න බැහැ
මේ දවස්වල ක්සිම බ්ලොග් ලිපියකට කමෙන්ට් නොදැම්මාට මේකට නම් එහෙම යන්න හිතුනෙම නැහැ. බොහොම සංවේදී සටහනක් අක්කේ. පන්සලදි වගේම පල්ලියක් ඇතුලෙත් තියෙන ශාන්න නිසල බවට මමත් හරි ආසයි. ඒත් මට පල්ලියක එහෙම රැඳෙන්න ලැබිලා තියෙන්නෙ බොහොම සීමිත වාර කිහිපයක්. ඔයාගෙ අම්මාටයි, අප්පච්චිටයි මගේ ආගමට අනුව නිවන් සුවය ලැබේවායි පතන්නම්
මම උපතින් බෞද්ධ .ව්‍යවහාරයේ තියෙන ආගමික විධි ගැන ලොකු නැඹුරුවක්, විස්වාසයක් නෑ.නමුත් සමහර වෙලාවට peace in mind කියන දේ ඕනෙ වෙනවා .එතකොට ලඟම තියෙන ආගමික ස්ථානයකට ගිහින් වාඩි වෙලා පැයක් විතර ඉන්න සිරිතක් මට තියෙනවා . බෙල්ලන්විල පංසලට මම කාලයක් එහෙම ගිහින් තියෙනවා .ඊට අමතරව කොච්චිකඩේ පල්ලියටත් මගේ ඔෆිස් එක ගාවම තියෙන හින්දු කෝවිලටත් , සමහර වෙලාවට යනවා .මාතරදි බෝදියට හරි සාන්ත මේරි පල්ලියට හරි යනවා .එතකොට ලොකු නිදහසක් දැනිල තියෙනවා . පල්ලියෙත් කෝවිලෙත් කරන ආගමික පූජා විධි මට තෙරුම්ක් නෑ .ඒත් පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න එක ලොකු සහනයක් .පිලිපීනෙදී දවසක් මට එහෙම හිතට නිදහසක් ඕනෙ වෙලා ගියේ ලඟම තියෙන පල්ලියකට . දේව මෙහෙයම spanish වලින් මට මොකුත් තේරුනේ නෑ .ඒත් මුලු දේව මෙහෙය ඉවර වෙනකන් මම පැත්තකට වෙලා හිටියා .
මට හැම වර්ගෙම යාලුවොත් ඉන්නවා .යාලුවො ආස්සරේට අබ මල් රේණුවකින් මට ආගම හරස්වෙලා නෑ .සමහරු ප්‍රසිද්ධියෙම සෙකියුලර් .සමහරු ඒතියස්ට් . සමහරුන්ට ආගමක් නෑ. ඒත් යාලුකම් වලට ඒව අවුලකුත් නෑ. එයාලගේ ආගම අනුව මම එයාල ගැන ප්‍රී ජජ්මන්ට් දෙන්නෙත් නෑ .
දෙයියෝ කියන සංකල්පය මිනිසා විසින් මවාගත් දෙයක් බවටත්, එය අවශ්‍ය වන්නේ අපේ සිත දුර්වල අවස්ථාවවල බවටත් හොඳම සාක්‍ෂි සපයන ලිපියක්.
ස්තුතියි බූරු බබා!
තමන්ගෙ ජීවිතේ වෙන වෙනස්කම් වල වගකීම තමන්ට ගන්න තරම් ආත්ම ශක්තියක් නැති තත්ත්වයකදි අපි බාහිර සංකල්ප වල උදව් පතනවා. මම හිතන්නෙ ඔයා ටොම් හෑන්ක්ස්ගෙ cast away බලල ඇති. ඒකෙදි එයාගෙ දුක අහන්න ඉන්නෙ බෝලයක්...
මිනිහෙක් මොකක් විශ්වාස කලත් ඒකෙ වැරැද්දක් නෑ. නමුත් ඒ විශ්වාස මත වෙනත් අය විනාශ කරන්න යන එක තමයි ප්‍රශ්ණෙ. අන්තිමේදි ඔය සියළු ආගම් වල දූතයෝ ඒ වටිනා දර්ශණයන් ගෙනල්ල තියෙන්නෙ එතනට!
"මිනිහෙක් මොකක් විශ්වාස කලත් ඒකෙ වැරැද්දක් නෑ. නමුත් ඒ විශ්වාස මත වෙනත් අය විනාශ කරන්න යන එක තමයි ප්‍රශ්ණෙ. අන්තිමේදි ඔය සියළු ආගම් වල දූතයෝ ඒ වටිනා දර්ශණයන් ගෙනල්ල තියෙන්නෙ එතනට!"
ඔව් hare හරියටම හරි. ඒක තේරුම් ගන්න වැඩි දෙනෙකුට අමාරුයි. ඔයාගෙ මේ සටහන මගෙ හිත ගත්තා.
මැණික්
කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්නත් කිසිම ආගමක් අදහන්නේ නැතුව ඉන්නත් අයිතියක් තියනවා.. ඒත් ඔය ගෙදරට ඇවිත් එයාලගේ දෙයියෝ අද එනවා හෙට එනවා කියලා අනිත් මිනිස්සුන්ට කරදර කරන එක නම් මට පෙන්නන්න බැරි දෙයක්!
හැම ආගමක්ම වගේ අද කාලේ එක එක අයගේ වාසියට කස්ටමයිස් කරපු ගතියක් තමයි මටනම් දැනෙන්නේ...
කතන්දරයියාගේ හරේ අයියාගේ කතාවලට මමත් එකඟයි
මිනිස්සු ආගම කියන දේ හැදෙන්න පාවිච්චි කරන්නේ නැතුව බොරුවට ලේබල් ගහගන්න පාවිච්චි කරනවා. මොන ආගමෙන් උනත් කියන්නේ හරි දේ මිසක්කා වැරදි නේ නෙමෙයි. නේද රංගි ??
ඔයාගේ පෝස්ට් එක, ‘I am a Catholic ‘කියලා දැක්ක හැටිය මට හිතුනේ ‘so what?’ කියලයි.
ඒ එක්කම ලිපිය කියෙව්වට පස්සේ මගේ යාලුවෙක් මතක් උනා. එයා ආගමක් අදහන්නේ නෑ. හේතුව ආගම අපිව කොටු කරනබව, මනසේ විවෘතබව නැතිකරනබවක් ඔහු විශ්වාස කරන නිසා.
මටත් කතෝලික යෙහෙලියෝ ඕන තරම් ඉන්නවා. අපි ආගම් ගැන රසවත් විවාදත් කරනවා.
මට හිතෙන හැටියට විශ්වාසය කෙතරම් බලවත්ද, ඒ උඩ තමා හැමදේම තීරනය වෙන්නේ. මේකට බලපාන ප්‍රධානම දේ තමා 'මනස'.
මට නම් ආගම කියන්නේ බිස්නස් එකක් විතරයි. ආත්ම ශක්තියක් නැති, හොඳ මිතුරන් නැති අයට නම් ආගම අත්‍යාවශ්‍යයි..
මටනම් ආගම කියන්නේ අනුගමනය කරන්නෙකුට දීර්ග කාලීන සහනයත් අදහන්නෙකුට තාවකාලික ගැලවීමකුත් දෙන දෙයක්. මම බොදුනුවෙක්, මම කැමතිය් මුනු මුනුවක් නැගෙන තරමට හඬ නගා ගාතා කියන්න, බෝ මලුවෙ සිලි සිලියත් එක්ක අහගෙන ඉන්නත් කැමතිය්. මට පන්සලකට ගියාම දැනෙන සහනය මගේ ක්‍රිස්තියානි මිතුරියට ඇගේ පල්ලියෙදී ලැබෙන බව සත්යක්.
සිරා ලිපිය රංගී . . . ආගම් ගැන මගේ මතේ හරේ හරි අපූරුවට පැහැදිලිව කොමෙන්ටුවකින් දාලා තියෙනවා . .
අපි ගොඩක් වෙලේට එක් ආගමකට හෝ දර්ශණයකට අයත් වන්නේ අපි උපදින පවුල අනුව. පෞද්හ්ගලිකව මගේ විශ්වාසය තමා හැම කෙනෙන්ක්ටම ආගමක් හෝ දර්ශනයක් තීය යුතුයි කියන එක. මොකද අපි නොදැනුවත්වම ඒ තුළින් අපේ අධ්්‍යාත්මය සංසුන්වෙනව.සමහර කාල තියනව හෙවනැල්ලත අපිව අත් අරින. ඒ වගේ කාලවල අපේ ජීවිත වලට පණ් පොවන්නෙ අපේ විශ්වාස. එහෙම කියල බලෙන් මේව ඇඟේ එල්ලන්න එන එකටනම් මම විරුද්ධයි.ආගම කියන්නෙ පෞද්ගලික දෙයක්. එක එක් අයට එක් එක් විශ්වාස තියෙන්න පුළුවන්.ආගමික සහජීවනය කියන එක මගේ ජීවිතේ මම හොඳින් අත් දකින කෙනෙක්. මම කතෝලික මගෙ මහත්තය බෞද්ධ,අපි විවාහ උනේ ඔය ක්‍රම දෙකටම ඉතින් එදා ඉදන් තවම ගෙවුනෙ කෙටිකාලයක් උනත් අපි දෙන්න ආගම් බේදයක් නෑ.පන්සල් පල්ලි දෙකටම යනව. අන්තගාමීව ආගම හෝ දර්ශනයක එල්ලීම නිසා තමා ගොඩක් ගැටළු ඇතිවෙන්නෙ.
@හැමෝටම බොහොම ස්තුතියි. වෙන වෙනම ප්‍රති උත්තර දෙන්න මේ දවස් වල වෙලාවක් නෑ. පස්සේ වෙලාවක ඔක්කොමලාට උත්තර දෙන්නම්.
I'm glad you found solace in God at the time of your need... and I'm glad you're open minded enough to embrace the beliefs of others!
*hugs*
මම දකින්නෙ මුලු කතොලික දහමම ගොඩනැගිලා තියෙන්නෙ ප්‍රේමය මත... අද කිතුනු සභාව ඒක ගැන කතා කරන්නෙ ගොඩක් අඩුවෙන් ඒත් කතොලික දහම අනිත් සෑම දෙයකින්ම වෙනස් වන්නෙත් එයින්...
සිරා පෝස්ට් එක..!!
හරිම කදිම පෝස්ට් එකක්. මට ඔබ ගැන හරි ආඩම්බරයක් දැනෙනවා. හැමෝම සමග සහජීවනයෙන් එකතුව ඉන්න පුලුවන් නම් ඒක කොයි තරම් අගනේද? ඒක නැති එක තමා හැම ප්‍රශ්ණයකටම මුල.
Post a Comment