Header image

කෝපි හා මම

ලිව්වේ Il mondo di una povera pazza 10.21.2011

අද ගෙදර ඉන්න ගමන් හිතුනා හිතේ හැටියට උදේ කෝපි බොන්න.  

  අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ ඉතින් මම ඇඳෙන් බහින්නේ නම් කෝපි හොයාගෙන. නිදිමතේම වැනි වැනී ඇවිත් espresso එකක් හදා ගන්නේ නැතිව මට දවසක් එන්නේ නෑ. බැරි වෙලා හරි ඕක නොලැබුනොත් ඉතින් එදාට මලවුන්ගේ ලෝකයෙන් ආව කෙනෙක් තමයි දවසම ඉන්නේ. ඊට පස්සෙ . පාන්දර news බලන ගමන් ටිකක් මනුස්ස පාටක් ලැබුනම තමයි ඉතින් ඔන්න මට දවස පටන් ගන්නේ.  ඊටත් පස්සෙ තමයි ෆෝන් එකත් අරගෙන බාත් රූම් එකට රින්ගන්නේ. දන්නෝ දනිති. මම බ්ලොග් කියවන්නේ මේල් බලන්නේ ඔක්කොම කරන්නේ ඉතින් ඒක අස්සේ තමයි. ඉඳලා හිටල ඔය මගේ phone හෙම අකරතැබ්බ වලට ලක්වෙන්නෙත් ඔය කියන වෙලාවේ තමයි. ඇයි ඉතින් භාගෙට නිදාගෙනනේ ඉන්නේ.
   
   කියන්න ගියේ කෝපි හා මම ගැන නේ. 
 
 පොඩි කාලේ මට මතකයි අපේ ගෙදර වත්තේ සුදුම සුදු පාට චූටි චූටි මල් පොකුරු තියන කෝපි ගස් තිබුනා. සුවඳත් එක්ක. ඒ කාලේ ඒ වුනාට මම කෝපි බිව්වේ නම් නෑ.
  පස්සේ කාලෙක ලංකාවෙන් ඈත් වුනාම උදේට සීතලේ කිරි එකක් එක්ක කවලමේ කෝපි බොන්න පුරුදු උනා. ඒත් තිත්ත රස හින්දා යම්තම් කෝපි බින්දුවක් විතර දාලා විතරමයි. ඒ කාලේ උදේට හරියටම කිරි ලීටර් භාගයක් බොනවානේ. අනික කිරි එක මම නැගිටිද්දි ඇඳ ළඟටම ඇවිත් හින්දා ඒක නිකම් අත්‍යාවශ්‍ය දෙයක් වුනා ඉබේම. .
   පස්සේ කාලෙක මම වෙනත් තැනක වැඩට ගියා. උදේ හයට breakfast එක දෙන්න වැඩ කරන්න බොහෝ අවස්තාවල මට සිදු වුනා. එයිට කලින් ඒ වගේ පාන්දර නැගිටින්න හුරුවක් මට තිබ්බේ නෑ නේ. මම හිතන්නේ මම මගේ කෝපි ජීවිතේ පටන් ගත්තේ එතනින් වෙන්න ඕනේ.
    ඉස්සර අද වගේ තිත්ත කෝපි බීවේ නෑ. milk coffee තමයි මුලින්ම. පස්සේ cappuccino.  එකට මගේ නිදිමත යවන්න බැරි වෙද්දි ඉබේම උදේ පාන්දර නැගිට්ට ගමන්ම espresso එකක් බොන්න ගත්තා. අප්පා නිදිමත කොහෙන් යනවද මන්දා. ඒ කාලේ ඔය පාන්දර දෙක තුන ඉඳන් ඇහැරගෙන ෆිල්ම් බලන කාලේ. (උදේට වැඩට යන්න තියෙනවා කියලා මතක් වෙන්නෙවත් නෑ. උදේ එලාම් එක කෑගද්දි විතරයි මතක් වෙන්නේ උදේ 5ට නැගිටින්න ඕනේ කියලා.) adrenalin  එකේ හොඳම එක.
    එතනින් එහාට ඉතින් යාළුවෙක් හම්බ වෙන්න ගියාම,  මොනා මොනා හෝ අඩුයි වගේ දැනුනම,කම්මැලිකම වගේ දැනුනම, ලස්සන කොල්ලෙක් serve කරන espresso  එකක් බොන්න පටන් ගත්තා. මේ කෝපි බීම කොයි තරම්ද කියනවා නම් ගෙදරි උදේ පාන්දර mocha  (කැපේ හදන මැශින් එක )එකක්ම බොන මම ආයේ විනාඩි දහයකින් එලියට ගිය ගමන් මුලින්ම හමුවෙන බාර් එකටත් ගොඩ වෙලා මේ තිත්ත කෝපි එකක් නොබී එතනින් එහාට යන්න බෑ වගේ හිතෙන තරම්.
   ඔය විදියට දවස ඉවර වෙද්දි මම espresso  දහයකට සමාන ගානක් බීලා. ඒත් මේ වෙද්දි ටිකක් වයස වැඩි හින්දා stress වෙනවත් වැඩි හින්දා අරවයි මේවයි හැටක් විතර දේවල් හින්දා දවල් වෙද්දි බොන්න පටන් ගන්නේ decaffeinated. මේක නිකම්  style එකක්. බාර් එකක් දැක්ක ගමන් කෝපි බොන එක නිකම් මට අනේ මන්දා... ඒ විතරක්යැ  serve කරන කෙනාගේ හිනාව එක්ක දවසත් smooth.
   coffee culture  එකක් තියෙන ප්‍රධනම රට ඉතාලිය වුනාට මෙහේ එකම කෝපි ගහක්වත් නෑ. ඒ උනාට ලෝකේ තියෙන හොඳම කෝපි blend   නම් තියෙන්නේ මෙහේ. බ්‍රසිල් වල තියෙන හොඳම කෝපි එක්ක රට රට වල තියෙන blending  අරන් ඇවිත් හදන Italian  කෝපි කිව්වාම ඉතින් අහන්න දෙයක් නෑ. Starbucks  වලයි අරවයි මේවයි නම් දාහකින් දෙන කෝපි රහක් නැති කෝපි බොන එක තරම් එපා කරපු දෙයක් මට වෙන රට වලට ගියාම නෑ. ලීටර් ගනන් දිග කෝපි දැක්කම මට ඕක් තමයි.
   මේ වෙනකොට මම යන හැම රටකටම මගේ කෝපි පැකට් එකයි මෝකා එකයි අරගෙන මිසක් මම නම් යන්නේ නෑ කවුරු මොනවා කීවත්.  අර මලී, අපේ මල්ලි වගේ අය මට හිනා උනාට මොන මගුලටද හලෝ ඔයා ලංකාවට එන්නේ ඔය හැම මඟුලම උස්සගෙන කියලා මමනේ දන්නේ ඒකේ රහ. (දැන් ඔන්න කියන්න එපා ඕක විතරද දත් බෙහෙත් එකත් උස්සගෙන ආවේ කියලා)
        මම දැන් එලියට යනවා උදේ ගෙදර හිටපු කාලෙත් ඉවරයි. ගේ ඉස්සරහා තියෙන බාර් හයෙන් එකකට ගොඩවෙලා කෝපි එකකුත් බීලා ලස්සන කොල්ලෙකුත් බලලම යනවා ඔන්න.
         ඔව් මම coffee addicted.
 
     (images by google)

26 කමෙන්ට්ස්:

Podi Kumarihami said...

මටත් නම් කෝපි නැතුව මුකුත් කරන්ට අමාරුයි. කෝපි කීවාම ඕනම වර්ගයකට ඔට්ටුයි. ඒත් ලංකාවට ගියාම අර ගෙදර හදන කෝපි එකේ තියන රස නම් කියලා වැඩක් නෑ.

ලස්සන කොල්ලොත්, කෝපි දෙකම තියන බාර්. හ්ම්ම්....:D

මාතලන් said...

එන්ජොයි කරන්නේ කෝපිද ලස්සන කොල්ලද...කෝපි මැෂිම වගේ.. ලස්සන කොල්ලෙකුත් ගෙදර ගෙනාවනම්...ස්ට්‍රෙස් නැති වෙලාම යයි...
ගාලූ පාරේ ගාල්ල පැත්තේ ඉඳලා එන බස් කොල්ලුපිටියේ හන්දියේ නවත්වන බස් හෝල්ට් එක ළඟ කෝපී කඩේ ගාවදී මට කෝපී එකක් බොන්නමයි හිතෙන්නේ.. සුවඳට.. පිට රට විදියටම කෝපි බොන්න තැනක් දැන් කොළඹ 7 නම් තියෙනවා.. මම ආසම බීමක්.. අයිස් කෝපි (බ්‍රැන්ඩී ටිකක් දාපූ.) හා කැපචීනෝ.... ටටෙන් පිට ඉන්නකොට තිත්ත කෝපීත් බිව්වා සිගරට් එකත් එක්ක මරු...

පිණිබිඳු... said...

හොඳ පොතක් කියවද්දි කෝපි එකකුත් තිබ්බා නම් කියල වැඩක් නෑ.

මාරයාගේ හෝරාව said...

මටනං ඉස්සර උදේ නැගිටලා ඉස්කෝලේ යනකොට බස් එකේදී වමනෙට එන ගතියක් තිබුනා.. ඕකෙන් බේරෙන්න හැම දේම උත්සහ කලත් අන්තිමේදී ටිකක් හරි හරි ගියේ කෝපි සහ කිරි කෝපි තමයි.. එයින් පස්සේ මමත් කෝපිවලට කැමතියි. ඒත් මටනං සීනි ඕන පදමට..එහෙම නැතිව තිත්තට තිත්තේ බොන්නනං බැහැ.

ඔය කොහොම උනත් මට තියෙන ලෙඩක් තමා තේ කෝපි කිසිම දෙයක් බොන්න මතක නැති වෙන එක.. සමහර කාලවලට මාස තුනකට හතරකට සැරයක්වත් තේ එකක් කෝපි එකක් තියා කිරි එකක්වත් නොබොන කාල වැඩියි. මට ඒක ඒ හැටි ගානක් නැහැ.. ඒත් බොන්න ගත්තම සමහර දවස්වලට කෝපි කොප්ප හත අටක් පෙවෙන දවසුත් ඉඳ හිට තියෙනවා... නෙස්කැෆේ අඳුරගත්තට පස්සේ තමා කරදරයක් නැතිව කෝපි බොන්න හැකියාව ලැබුනේ..නැත්තං අර ගෙදර කොටන මණ්ඩි හිටින කෝපී බීමත් ඒ හැටිම ලේසි වැඩක් නෙවෙයි.. රංගි කියන ජාතිනං අහලා විතරයි..කවදාවත් බීලානං නැත.

මධුරංග said...

මාත් කෝපි බොන්න ආසයි. ඒ උනාට හැමදාම කෝපි බොන්න නම් බෑ. අනිත් එක තමා මම් ආස කලු කෝපි වලට. සීනිත් යහමින් දාලා තියෙන්න ඕනා.

තව දෙයක් තමා නෙස්කැෆේ නම් මට අරහන් !!! අක්කා කියපු කෝපි ජාති දෙකම අපට ආගන්තුකයි !!!

bingo said...

cappuccino...:D

මැණික් said...

කෝපී .... මම නම් එච්චර කැමති නැහැ. තේ තමයි මට නම් ඉතින්. දැන් නම් තේ බොන්නෙත් කිරි දාන්නෙ නැතිව. ගොඩාක් සීතලයි කියල හිතුන වෙලාවට විතරක් කෝපි බොනවා.
මැණික්

hare :-) said...

අපේ ගෙදරත් කෝපි ගස් සෑහෙන්න තිබුණා ඉස්සර. තාත්ත වටේටම බෙදුවා. දැනුත් ගස් දෙක තුනක් තියෙනවා. හැබැයි කෝපි හැදුණ කාලයක් මතක නෑ. දැන් ඉතිං කෝකටත් අපට ඉන්නෙ හරිස්චන්ද්‍ර තමයි.

අර ඔයාගෙ ගැජට් එකෙන් හදපු කෝපි එකේ රස නම් තවම මතකයි. මම හිතන්නෙ කෝපි එකේ හොඳම ස්පිරිට් එක ඒකෙ තියෙන නිසා නිදිමත කණට ගැහුව වගේ නැති වෙනව.

මමනං දැන් කෝපි බොන්නෙ පාන්දර 3-4 වෙනකල් බලන්න මොකක් හරි සෙට් වුණාම තමයි :D

වජිරදේවි said...

කෝපි...ලිපියක්ම ලියන්න පුලුවන් මාතෘකාවක්.. මේ ගැන බොහොම සුන්දර වගේම දුක්මුසු මතකත් තියෙනවා... නොබෝ දිනයකම කෝපි ගැන කියන්නම්. වජිරදේවිගේත් ජීවිතේ එක්කම එකට යන දෙයක් තමයි කෝපි කියන්නේ..

Dinesh said...

කැෆේ එකට වඩා මමනම් වැඩියෙන් ආස කපුවීනෝ එකට.. නමුත් දෙකම බොනවා.. ඉතාලියට ආපු අලුතම ඔය කැෆේ එක කට හරියේ තිබ්බේ නෑ.. මොකද ලංකාවේ බිපූ කෝපු වගේ නෙමෙයිනේ...

Il mondo di una povera pazza said...

@පොකු,
කෝපි බොමින් ලස්සන කොල්ලො බලන්න ඕනේ නම් මේ පැත්තේ ආවට කමක් නෑ.

@මාතලන්,
කෝපි එකක් බොන ගමන් ලස්සන කොල්ලෙක් දිහා බැලුවට කෝපි හදන්න කොල්ලෙක් නම් ගෙදර ගේන්නේ නෑ. මොකටද නිකම් ඉල්ලල ප්‍රශ්න ඔළුවේ දාගන්නේ. කොළඹ කෝපි කඩ ගොඩක් තියෙනවා ඔය මෙහේ ස්ටයිල් වලට. ඒත් ඒ එකකවත් ඉන්න කෙනෙක් හරියට කෝපි එක හදන්න දන්නේ නෑ. අනික ලංකාවේ කොඉපි සර්ව් කරන අය හිනාවක් දාන්නෙත් නෑ. ඒ මැලවිච්ච මූණු දැක්කම කෝපි නෙමෙයි දවසත් එපා වෙනවා. මම ඉතින් යන යන තැන කම්ප්ලේන්.
කෝපියි ස්ට්‍රෙස් රිමොවින් කූරුයි ඉතින් එහා ලෝකේ විඳීම් නේ මචන්.

@මාරයා,
මට ඉතින් උදේට තියෙන එකම දේ කෝපි හින්දා ඒකෙන් එහාට එකම දෙයක්වත් පේන්නේ නෑ. කොහොමත් දවල්ට කනකම් එකද දෙකද කියලා නෑ කෝපි එකෙන් තමයි දවසම ඉන්නේ. මමත් දැන් කිරි වගේ දේවල් නම් බොන්නෙම නෑ. ලංකාවට ආවම නම් ප්ලේන් ටී (සීනි/කිරි නැති) වලින් එහා දෙයක් නෑ. බොන්නෙත් ලීටර් ගනන්. මෙහෙ නම් ඔය ඉඳලා හිටලා හවසක බිව්වොත් තමයි.


@පිණිබිදු ,
ඔව් කෝපි එක්ක ජීවත් වෙන්න පුළුවන් ඕනෙම දෙයක් එක්ක.

@මධු,
ඔව් ලංකාවේ කෝපි පට්ට ගණන්නේ. ඒක හින්දා වැඩිපුර මිනිස්සු අතරට යන්නේ නෑ මම හිතන්නේ. අනික අපේ කෝපි ස්ප්‍රිට් එක නිසා නිකම් කණට ගැහුවා වගේ තිත්තයි. මේ බ්ලොග් අවකාශේ කිහිප දෙනෙක් කපුචීනෝ වල ගනන් අහලා පට්ට ඩොටේ එවුන් වගේ හැසිරුනා මතකයි මට. හිකිස්.
මධු කෝපි තේ බොන්න ඕනේ නියම රහ දැනෙන්න නම් සීනි නැතිව. ලංකාවේ අයට නම් සීනි කිව්වම දෙවියෝනේ ඉතින්. මම අවුරුද්දකට ගන්න සීනි ටික එයාලට සුමාන දෙකකටවත් මදි.

@bingo,
yep. would u like to join for cappucino made by an expert of coffee. i am good making designs on cappuccino. he හෙ

@මැණික්, මාත් ප්ලේන් ටී නම් බොන්න ආසයි. ඒත් ලංකාවට ගියාම තමයි ඕක වැඩියම බොන්නේ. ඒ වුනාට මට හරියන තේකක් හදන්න කිසිම කෙනෙක් නෑ එහේ. එක්කෝ සීනි දාලා. එක්කෝ කිරි දාලා. එක්කෝ තේ රස නැති තේ. අපෝ ලංකාවට ගියාම එපා වෙනවා.
ඔය මගේ යාළුවෝ මට හිනා වෙන්නෙත් ඉතින් මට තේ බොන්න තැන් හෙම හොයාගන්න බෑ කියලා.

@හරේ,
අන්න මගේ කෝපි හවුල් කාරයා. කොහොමද ඒකයි ස්ට්‍රෙස් කූරයි එක්ක විඳීම නේද?.
දැන් කෝපි ගස් වල ගෙඩි හැදෙන්නේ නැද්ද ලංකාවේ. පොඩි කාලේ මට මතකයි අපේ ගෙදර නම් රතුම රතු පාට කෝපි ඇට පොකුරු පොකුරු. ළඟ කාලෙකදි ගස් බැලුවා මිසක් ගෙඩි බැලුවේ නෑ නේ.

@වජිරදේවි,
මොකෝ අනේ ඔයාගේ ප්‍රොෆයිල් එකෙන් බ්ලොග් එකට යන්න බැරි?
මටත් කෝපි කතා ඕනේ තරම්. කෝපි නැති තැන මමත් නෑ වගේ හරියට. ඔයා ලියන්නකෝ අපි එන්නම් කියවන්න. බ්ලොග් එකේ ලින්ක් එකත් දාලා යන්නකෝ.

Il mondo di una povera pazza said...

@දිනේශ්,
එහෙනම් මේ පැත්තේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ.
අපෝ මට නම් කපුචීනෝ බීවම බඩ පිරෙනවා. ඒක නිසා කැෆේ එක තමයි.

Bindi said...

කෝපි තිත්තයිනේ ..අපේ ගමේ ආච්චි වේලලා දෙන කෝපි ඉස්සර අම්ම ගෙදර කොටනවා . බඩේ අමාරු හැදුනම තමයි බොන්නේ . මගේ ජපන් කොරියන් යාලුවෝ නම් කෝපි නැති දවසක මැරිලා වැටෙයි .

bingo said...

sure ..:D....uugh!!! I really need one at the moment ....:)

වජිරදේවි said...

බ්ලොග් එකට යන්න බැරි ඇයි කියලා දන්නේ නෑ. :(
මෙන්න තිත්ත කෝපි! රසවිඳී කියලා හිතනවා..
http://vajiradevi.blogspot.com/2011/10/blog-post_21.html

කතන්දර Kathandara said...

කෝපි මල් වගේ කියනවා නේ සමහර කෙල්ලන් ගේ හිනාව.

කෝපි මලස් සුදු යි, හැබැයි කෝපි කළුයි.

ඉතාලියේ කෝපි සර්ව් කරන්න කොල්ලෝ ඉන්නේ ඒ හින්දා ද?

ඉතා-ලිය කිව්වාම මං හිතුවේ ලඳුන් බොහෝ ය කියලයි!

පොත් ගුල්ලා said...

අනේ ඇහුවට තරහ වෙන්ඩ එපා. ඔයගොල්ලන්ට ඔය විදිහට කෝපි බිව්වම බඩ වේලන්නේ නැද්ද? මම නං ඔහොම කෝපි බිව්වොත් පහුවදා උදේට වැසිකිළි යන්ඩ වෙන්නේ වස්ති කරල තමයි.

දොස්තර ස්පිට්ල් ගේ දුව, ක්‍රිස්ටීන් විල්සන් 'Bitter Berry ' නමින්, සුද්දෝ ලංකාවේ සරුවට කොපි වගාකරපු කාලේ පසුබිම් කරගෙන ලස්සන නව කතාවක් ලියල තියෙනවා. අනුලා ද සිල්වා මහත්මිය මෙය 'තිත්ත කෝපි' නමින් සිංහලට පරිවර්තනය කරලත් තියෙනවා.

බුරු බබා අපිට කියල දෙනවද ඔය කපුචිනෝ, එස්ප්‍රෙසෝ එතකොට නිකම්ම නිකන් කෝපි වල වෙනස මොකද්ද කියල.

මාරයාගේ හෝරාව said...

@පොත් ගුල්ලා...

ඔය බඩ වේලවන කතාවනං හුඟක් අය කියනවා තමා..ඒත් මටනං එහෙම වෙනසක් නැහැ. මට ඔය ප්‍රශ්නේ එන්නේ එකම එක හේතුවකට විතරයි. ඒ තමා කන කෑමවලට හොදි අඩු වීම... මං කඩවල් වලින් කන්න ආස උනත් වැඩියම කඩ කෑම නොකා ගෙදර උයා පිහාගෙන කන්න උනන්දු වෙන්නත් එක හේතුවක් ඒක.

හොඳි මැල්ලුම් යහමින් කැවෙනවනං බඩ වේලන දෝසයක් මටනං කොහොමටවත් එන්නේ නැහැ...

නලිනි චන්දිමා said...

කෝපි... මගෙත් ප්‍රියතම පානය, හැබැයි කිරි එක්ක. දවසක එන්න ඕන රංගිගෙ කෝපි කල්චර් එක අත්විඳින්න.
පොත් ගුල්ලා, බොහෝදෙනා ඔය කතාව කිව්වත් මටනම් කිසිදාක එහෙම ප්‍රශ්නයක් ඇතිවී නැත.

TG said...

කෝපි හ්ම්ම් කොයි තරම් මිහිරි මතකයන් අවදි වෙන මාතෘකාවක්ද ?
පොඩි කාලෙ මටත් මතකයි අපේ ගෙදර වැට මායිමට කෝපි ගස් තිබුණා එවයේ මල් පිපිලා හරිසුවඳයි උදේට සුදුම සුදු පාට සුවඳ කෝපි මල්.පොඩි කාලේ බඩේ අමාරුව හැදුනම අත් බෙහෙත් හැටියට අම්මා අපිට කෝපි හදාලා ඒකට දෙහි දාල දෙනව , වමනේ , කරකැවිල්ලටත් හොඳයි .

ගෙදරදි නම බිව්වෙ ඔය කෝපි ගස් වලින් කඩාගත්තු කෝපි ඇට වනේ දාලා කුඩු කරල ගත්තු කෝපි කුඩු .පස්සේ හරිස්චන්ද්‍ර කෝපි , අයිලන්ඩ් කෝපි, හංස කෝපි එහෙමත් එකතු වුනා

මට කෝපි ඇබ්බැහිය ආවෙ ඔෆිස් එකෙන් ලාවට නෙස්කැෆේ , අයිලන්ඩ් කෝපි මික්ස් කරලා , ගානට සීනි දාලා , පදමට කිරි එකතුකරලා උණු උණුවෙන් තිලක් අරන් ඇවිත් මේසෙ උඩ තියෙන කෝපි මග් එක දිහා බලන් මගේ රූම් එකේ ඒ සී සීතලට දාලා කෝපි සුවඳ විඳගෙන , මගේ ආසම කන්ට්‍රි මියුසික් සෝන්ග් එකකුත් පසුබිමින් වාදනය වෙද්දී , හීන් පොද ගහන ටිඅකක් අඳුරු වැහි බර කාලගුණයක් එලියේ තියෙද්දී වැඩ කරන එක තමා මගේ අයිඩියල් වර්ක් ඩේ . හි හී .එදාට රිපෝර්ට්ස් දහයක් වුනත් එක දවසට ලියන්න එනර්ජි තියෙනවා :)

හාර්ට් ටු හාර්ට් චැට් දාන්න පුලුවන් හොඳම යාලුවෙකුට මම කරන ලොකුම උපහාරෙත් තුම්මුල්ල හන්දියේ ඉඩ පහසුකම් තියෙන බැරිස්ට එකට ගිහින් හවස අඳුර වැටෙනකන් කැෆෙ මොචා බි බී කයිවාරු ගහන එක .ඔඅය වගේ ගොඩාක් කෝපි කඩවල් වල වුනු සොඳුරු මිතුරු හමු ඕනෙ තරම .අමතක නොවෙන්නෙ තමෙල් වල ජාවා එකේ අපි නටපු නැටුම් අවුරුදු දෙහෙකට කලින්

ගොඩාක් ස්ට්‍රෙස්ස් වුනහම මටත් තේ , කෝපි දෙකම පෙවෙනවා වැඩිය් .පාඩම් කරන්න ,ඩෙඩ් ලයින් එකකට වැඩ කරන්න ඕනෙ වුනහම ඉබේ එහෙම වෙනවා .එතකොට මේසේ උඩ හිස් කෝප්ප පෝලිමට

කෝපි වගේම මිහිරි මතක තේ එක්කත් මට තියෙනවා . වැඩියක්ම චායේ බීපුවා .

රංගි තෑන්ක්ස් මේ මතක අවදි කලාට . අපි අර නලිනිත් කිව්ව වගේ ඔයා ලංකාවට ආව දාක කැෆේ ඊවිනින්ග් එකක් දාමු -කෝපි හැන්දෑවක්

තනියෙම නම් කෝපි කෝප්පයක් හදාගන්න මම මහ කම්මැලියෙක් .හි හී :)

Il mondo di una povera pazza said...

@බින්දි,
මට මතකයි අපේ ගෙදරත් ඉස්සර කෝපි වේලනවා. ඒවා මොනා කලාද නම් දන්නේ නෑ. ගෙදර අපි කවුරුත් කෝපි බිවේ නෑ පොඩි කාලේ.
කෝපි නැති වුනොත් මොනා වෙයිද මන්දා. ඔය ලංකාවට ගියාම මම පාට බීම හා එක එක දේවල් නොබොන හින්දා තේ විතරමයි. අප්පා තේ කතා නම් කියලා වැඩක් නෑ. ඔය මනෝ ලා මලී ලා මගේ යාළුවෝ ලොට් පිටින් මෙතන මඩ ගහන්න ගනියි දැන්.

@bingo,
we'll do. but not at the moment

@වජිරදේවි,
කියෙව්වා. ඒක නියමයි. කෝපි කතා.

@කතන්දර,
කෝපි කළු හින්දාම වෙන්න ඇති මම නම් මෙච්චර ආස... හික්ස්.
ලස්සන කෙල්ලො ඉන්නවා ඒත් ඉතින් කෙල්ලෙක්ගෙ අතින් කෝපි බොන්න මම නම් කැමති නෑ. එක එක්කෙනාගේ චොයිස්නේ.

@පොත් ගුල්ලා,
එහෙම දෙයක් අපිට නෑ. මමත් අහලා තියෙනවා ලංකාවේ බඩ රිදෙනවට කෝපි බොනවා කියලා. ඒත් මෙහේ බඩ රිදෙනවට බොන්නේ තේ.
මට නම් කෝපි නැති උනොත් තමයි ලෙඩ හැදෙන්නේ. මම නම් බොන්නේ කෝපි එකේ ස්ප්‍රිට් එකම නිසා ඔයාලාට නම් ඒක ලේසියෙන් බොන්න බැරිවෙයි. ඒත් එකේන් හම්බවෙන කික් එක එක්ක ජීවිතේම මල්.

bitter berry මාත් කියවලා තියෙනවා. හා පුරා කියලා ලංකාවේ යාළුවෝ අඳුනගෙන මුලින්ම එයාලාගෙන් ලැබුන තෑග්ගක් වුනා ඔය පොත. ඒක හරහා ලංකාවේ කෝපි හිස්ට්‍රි එකත් දැණගත්තා. ඒක සිංහලෙනුත් තියෙනවා කියලා තවත් කවුරු හරි කියලා තිබ්බා.

කෝපි නම් ගොඩක් විදි තියෙනවා. ඔයාලා බොන්නේ බ්ලැක් කොෆී වගේ ඒවා. බැරල් ගනන් දිග ඒවනේ. ඇමරිකන් ඒවා තමයි ඔය මැක්ඩොනල්ඩ් වල දෙන්නේ. ඒ ස්ටයිල් එකට සමානයි නේද ලංකාවේ බොන ඒවා. එස්ප්‍රේස්සෝ නම් ෆියෝ ඉටෑලියන්. ඒකේ ගන්නේ කෝපි ක්‍රීම් එක. ඩ්‍රොප්ස් කිහිපයයි. ඒත් එක දිව්‍ය ලෝකෙට එහා පාරේ ඉන්නේ. කපුචීනෝ හදන්නේ අර කෝපි එකටම පෙන පෙන තියෙන කිරි දාලා රශ්නෙන්. එකක් බිව්වම මට නම් මීල් එකක්. දෙවෙනි පිංතූරෙන් පේන්නේ ඒක.
මම ඉස්සර ෆූඩ් ඇන්ඩ් බෙවරේජ් මැනෙජ්මන්ට් කරන කාලේ එක කෝස් එකක් කලා කෝපි ගැන. සුමානයයි. 2000€ එකේ සෙකන්ඩ් ලෙවල් එක 4000€ ද කොහෙද ඒ කාලේ. මම කියන්නේ අවුරුදු දහයකට එහා. හිතා ගන්න පුළුවන්නේ කොච්චර දේවල් ඉගෙන ගන්න ඇතිද කියලා කෝපි ගැන.

@මාරයා,
මට නම් ඔය හොදි කන්නම බෑ. මම ලංකාවට ආවම පුදුම දුකක් විඳින්නේ හොදි කෑම එක්ක.
ඒ මොනවා නැතත් ලංකාවට ආව ගමන් මම වැඩි හරියක්ම ඉන්නේ ටොයිලට් එකේ තමයි. මම හිතන්නේ තෙල්, තුනපහ හා පොල් කිරි වෙන්න ඕනේ. කිව්වත් වගේ තනියෙන් උයාගෙන කෑවම නම් ඔය මොන ලෙඩක්වත් නෑ. මමත් කඩ කෑම නම් බොහෝම අඩුවෙන් කන්නේ.

@ නලිනි,
ආයිත් අහලා. දැන්ම ඉඳන් නිවාඩු හෙම ඉතිරි කරගත්තට කමක් නෑ.
මට ඔය කිරි එක්ක බීවම බඩ පිරෙනවනේ. ඒක හින්දා කිරි බොන්න වැඩිය කැමති නෑ. උදේට විතරක් කිරි පොඩ්ඩක් දාලා බීවට අනිත් කෝපි නම් ෆියෝ ස්ප්‍රිට් විතරමයි.

@මනෝ,
ඇයි උඹගෙයි මගෙයි තේ කතා. දැන් උඹට යාල් එකට හෙම යන්න පුළුවන්ද? උන්ට දැන් නම් මාව මතක නැතිව ඇති නේ. කොළඹ තියෙන ඔක්කොම තේ කෝපි කඩ වලට නම් මාත් ගිහින් ඇති. ඇයි ඉතින් ඔය මැස්සොයි, කිරියි, සීනියි දූවිලියි හින්දා නොබීපුවා.
ඒවා තමයි කතා. තව කොයි තරම් කතා මේවා අස්සේ හැන්ගිලා ඉන්නවද නේද?

මාත් එන්න ඉන්නේ. කොහේද මේ මලීට නිවාඩු නෑලුනේ. අනික එයාට මට ආරක්ශාව දෙන්න බෑලු මෙහෙම ආවොත්. බැඳපු එවුන් ගැන කියලා වැඩක් නෑ. ආවම සෙට් වෙලා කෝපි බොමු. හැබැයි කටත් ඇද කරගෙන 'ඈ අක්කේ උඹ කොහොමද මේක බොන්නේ. මේක තිත්තයිනේ ඕයි' අහන්න ඔට්ටු නෑ මලී වගේ.

දිනුක ජයකොඩි said...

අපෙ අප්පෝ අපිනං ඔය තරං ජාති දන්නෙ නෑ.කෝපි කියලා ජාතියක් තියෙනවා කියලා තමයි දන්නෙ.අර කිව්වත් වගේ මටත් කෝපි බිව්වොත් සොරිම තමයි.අයේ නෑ සිමෙන්ති දැම්මා වගේ.හැබැයි ඉතිං මළගෙදරක නයිටක් එහෙම ගහද්දිනං පංකාදු පහයි.

ආ තවත් එකක්.ඔය ගෑනු ඈයො කෝපිවලට, තේවලට, මෙගා නාට්‍යවලට, හින්දි චිත්තරපටිවලට ඒ විතරක්ද ඔය ටී.වී එකේ යන රියැලිටි ඒවට ඇබ්බැහි වෙනවා.කොච්චර කිව්වත් නවත්තන්නෙ නෑ.හැබැයි තමන්ගෙ මිනිහට බණිනවා බොන එක නවත්තන්ඩ කියලා.අනේ ඉතිං ඌත් ඇබ්බැහි වෙලානෙ.

Buratheno said...

හෆොයි මෙන්න මෙතන කස්ටිය ලෙසටම කෝපි බොනවා.. කිවුවට මොකද මටනං espresso එක අල්ලන්නෙම නෑ, පිටිං බොනවනං මං ගහන්නෙම cappuccino තමා උඩින් හොදට ක්‍රීම් දාලා, ඒකත් කරන්නෙ my fav වෙන hot chocolate එකක් බොන්න කම්මැලි හිතුනොත් තමා.. :D

ලකී said...

මට නම් හරිම පුදුමයි මේ කට්ටිය කෝපි බොන හැටි දැක්කම..මටත් අර පොත් ගුල්ලා කිව්ව කාරණය නිසා කෝපි අරහං...බොන්න කැමති වුනත් පසුදිනට ආඩම්බර බැලීමට නොහැකි නිසා කෝපි නොබොමි.
ඒත් මේකේ තියන ඒවා කියවු පසු ඕන කෙහෙල්මලල් කියා කෝපි කෝප්පයක් බීමට සිත බල කරයි..

පොත් ගුල්ලා said...

@ලකී සහ අනෙක් සැමට
ලකී, පොඩ්ඩක් හෝව්! කෝපි කෝප්පේ බොන තීරනෙට කලින් බස්සා කියන දේ ගැනත් බලලම ඉන්ඩ.

ඔන්න DGM බස්සා හොයා ගෙන තව රසවත් කෝපි ජාතියක් ගැන. බලන්න මේ ජාතියේ කෝපිත් බීල තියෙනවද කියල.

බස්සගේ බ්ලොග් පෝස්ට් එකට මෙතනින් - http://frozenlazyowl.blogspot.com/2011/10/blog-post_22.html

කෝපි ලුවක් ගැන දැනගන්න මෙතනින් - http://maryeaudet.hubpages.com/hub/Unusual-Coffee-

Il mondo di una povera pazza said...

@දිනුක, හික්ස්. ඒ ඔයා දන්න ගෑණුනේ... හික්ස්... අපි කෝපි වලට ඇබ්බැහි උනාට ඔය වෙන වෙන දේවල් වලට ඇබ්බැහි වෙන්නේ නෑ, ඔය ලස්සන කොල්ලෙක් හෙම දැක්කොත් දෙපාරක් හැරිලා බලනවා මිසක්. ඒ වගේම අනේ ඔය ඇබ්බැහි වෙන්න එපා කියන්න තරම් කාටවත් ලංවෙන්නෙත් නෑ. හේ හේ

@බුරා,
ඔව් එස්ප්‍රෙස්සෝ බොන්න හුරු වෙන්න ඕනේ. තිත්තම තිත්ත රහයි හරියට ජීවිතේ වගේ. මට ඉතින් ඔය හොට් චොකලට් කපුචීනෝ බීපු ගමන් බඩ පිරෙනවනේ. එතකොට කෑම වේල අතහරින්න වෙනවා. ඒක හින්දා ආවට ගියාට කපුචීනො බොන්නේ නෑ. ඒ වුනාට මේ ඕටම් දවස් වල ඉඳලා හිටල හවසට බොනවා සීතලේ බැල්කනි එකට වෙලා ස්ට්‍රෙස් කූරකුත් එක්ක.

@ලකී,
මට ඔය කියන ප්‍රශ්නේ කවදාවත් නැති හින්දා කෝපි එක්ක යාළුකමට ප්‍රශ්නයක් නෑ. අනේ මන්දා කෝපි නැති උනොත් මම ඉඳියිද කියලාවත් දන්නේ නෑ.

@පොත් ගුල්ලා,
මමත් කියවලා ආවා. බස්සෝ කී දෙනෙක් ඉන්නවද බ්ලොග් අස්සේ? මම දන්න බස්සා ලෝයර් කෙනෙක්ද කොහෙද මේ තවත් බස්සෙක්නේ. උගුඩු කෝපි නම් මම බීල නෑ. අපිට එන්නේ නෑ ඕක.