බුරු බබාගේ ආදරවන්තයෙක් ඊයේ බුරු බබාට dinner හදලා දුන්නනේ.
මගේ මෙහේ යාළුවන් අතරින් විශේශම කෙනෙක් තමයි මොනිකා. යාළුවෙක්ටත් එහා ගිය හිතවත්කමක් අපි දෙන්නා අතර තියෙන්නේ. එයාගේ ජීවිතේ බොහෝ දේවල් එක්ක මම එයාව දකින ක්‍රමය එක්ක අපේ යාළුකම් තවත් වැඩියි කියලා මට හිතෙනවා. මම මගේ ජීවිත කාලයේම දැකපු නිරහංකාරම ගැහැණියත් ඇය. ඕනෙම වෙලාවක මම වෙනුවෙන් හිටපු, ඉන්න කෙනෙක්. මොනිකා single parent කෙනෙක්.
එයාගේ පුතා තමයි ෆේදේ. පොඩි කාලේ තමන්ගේ දෙමව්පියන්ගේ වෙන්වීම දරාගන්න බැරිව දුක් විඳින ළමෙක් ඔහු. ඒ හින්දම හැමෝම ඔහුට වැඩියෙන් ආදරේ වෙනවා. එයාට ලැබෙන benefits වුනත් වෙන ළමයින්ට වඩා වැඩි. අදටත් එයාට අම්මා එක්ක එක vacation එකයි තාත්තා එක්ක එකයි තාත්තාගේ පැත්තේ සීයලා එක්කයි අම්මගේ පැත්තේ සීයලා එක්ක එකයි වගේම යාළුවොත් එක්කත් vacation යන්න වගේම තෑගි බෝගත් බොහෝමයි. (මේ හැමදේම එයාගේ අම්මාගෙ ඉහල හැකියාවන් මත සිදු වෙන්නේ.)
මොනිකා කරන රස්සාවත් එක්ක එයාට ෆේදේගේ වැඩ තනියම කරන්න බෑ. බොහෝ වෙලාවට සුමානේ දවස් පහේම යුරෝපේ වටේ යන එයා ගෙදර එන්නේ බොහෝ රෑ වෙලා. එයාට හිටපු babysitter ට හැම වෙලේම මොනිකාගේ ගමන් එක්ක හැඩ ගැහෙන්න අමාරුයි. මේ වගේ බොහෝ වෙලාවට මම කැමැත්තෙන්ම ෆේඩේ එක්ක ඉන්න කැමති වුනා. මම හිතන්නේ මට අදටත් මගේම ළමෙක් උවමනා නොවෙන්නේ ෆේදේ, එරික් වගේම ඩැරන් නිසා වෙන්න ඕනේ. මේ තුන්දෙනාම එක්තරා විදියකට මගේ ජීවිතේ බලෙන් වෙනස් කරන ආදරවන්තයෝ. මේ තුන්දෙනා තරම් මට නීති දාන, මගේ දේවල් එක්ක අයිතිවාසිකම් කියන වෙන කිසි කෙනෙක් නෑ. ඒ වගේම ඒ තුන්දෙනාම එකම වගේ යාළුවෝ.
පොඩි කාලේ ෆේඩේ නිදාගන්න ගියාම මගෙන් කතන්දරයක් අහන්නම ඕනේ. එයා මොනිකාටත් ඒකම කීවට මහන්සි වෙලා ගෙදර එන මොනිකාට ෆේඩේට කතන්දර කියන්න වෙලාවක් නෑ. මොනවා හරි කරලා වැඩිම වෙලාවක් ඇහැරගෙන ඉන්න දඟලපු එක තමයි ෆේදේ කලේ. එරික්ටත් තිබ්බේ ඒ ආභාශේමයි. මේ හැමෝම මේ දේවල් කරන්නේ මා එක්කම විතරමයි. මේ දේවල් වෙනුවෙන් මේ හැමෝම මට ගෙවීම් කලේ සිපගැනීම්වලින් හා ආදරේ එක්ක. ඕනෙම තැනක දෙනෝදාහක් හිටියත් මගේ කරට පැනලා මේ ආදරේ පෙන්වලා මගේ ජීවිතේ ආදරණීය කරන්න මේ පොඩි එවුන්ට තිබ්බේ පුදුමාකාර හැකියාවක්. පස්සේ කාලෙක මේ ආදරේ 'ඔයා අම්මට කියන්න මට අරක අරන් දෙන්න අපි මේක ගමු ඔයා කීවොත් තමයි අම්මා හරි තාත්තා හරි අහන්නේ' කියලා බලවත් වෙන තරමට සොඳුරු තර්ජන.
පසුගිය ටිකේම මට ෆේදේ එක්ක ටෙලිෆෝන් එකෙන් හා ඉඳල හිටලා හදිස්සියෙන් දකිනවට වඩා යමක් කරන්න ලැබුනේ නෑ. ඒත් ඒ කතා කරන හැමවෙලේකම එරික්ව හා ඩැරන්ව මෙහේ ගේන්න කියන එක විතරයි එයා කිව්වෙත්. මටත් වඩා ෆේදෙට ඒ දෙන්නාගේ අඩුව තදින්ම දැනෙනවා. එයාලා හැදුනේ එකටම නිසා. ඒ දෙන්නත් එහෙමමයි. ඒත් මෙ වෙනුවෙන් මට යමක් කරන්න බෑ කියලා ෆේදේ තේරුම් ගන්නෙත් නෑ. (අපි උනත් එහෙමනෙ අපිට ඕනේ දේ මිසක් වෙන දේවල් හිතන්නේ නෑනේ.) මේ හැම වෙලේම නිදහසට මොන කරුණු කීවත් එයා කිව්වේ 'මගේ babysitter යි මමයි එයාල ස්කොලෙන් ගන්නම් ඔයා ගෙදර එනකම් තියාගන්නම් අනේ එක්කන් එන්න රංගි' කියලා විතරමයි. මේක හින්දා මොනිකා හා මමත් බොහෝ අසරණ වුනා. මේ තුන්දෙනා අතර තියෙන බැදීම ඒ තරම්.
ආයේ රෑ ෆිල්ම් එකක් බලලා අපි දෙන්න ගැජමැටික්ස් උන්මාද අස්සේ ප්ලේන් ටී එකකුත් මට කියලා බලෙන් හදවගෙන බීලා ( මේක කියන්නේ නිකම් 'රංගි ඔයාට විතරක් කොහොමද රසට තේ හදන්න පුළුවන් අපේ අම්මාගේ තේ නම් රස නෑ' වගේ ) නිදාගන්න වෙලාව ආවම අනේ තව ටිකක් ඉමු ඔයා මට කතාවක් කීවොත් විතරයි මම නිදාගන්නේ කියලා මගේ අතිනුත් අල්ලලගෙන ආපහු අර පුංචි කාලේ හිටි පොඩි එක වුනා.
කාලෙකට පස්සේ මම වැඩියෙන්ම සතුටු වුනේ ඊයේ. ඒක කොයි තරම්ද කියලාවත් මට හිතාගන්න බෑ. මේ ඊයේ පෙරේද පොඩි වුන් වෙලා අපේ අත්වල දඟලපු පොඩි එවුන් දැන් ලොකු මිනිස්සු වෙලා කියලාත් කාටවත් කරදරයක් නොවී ජීවිතේට මුහුන දෙන්න පුළුවන් අනාගතයකට යන අයත් හින්දා මම තවම ඉන්නේ එක්සයිට් වෙලාද කොහෙද. රෑ මම මොනිකාටත් කම්ප්ලිමෙන්ට්ස් දෙමින් මේ කතාව කීවා. කොටින්ම මගේ ජීවිතේ තියෙන හැමදෙයක්ම මේ බ්ලොග් එකට එන හින්දා මේක නම් නොලියාම බෑ වගේ හිතුනා.
මගේ ජීවිතේ මේ තරම් සුන්දර වෙන්නේ ඔයාලාවගේ අයගේ ආදරේ හින්දමයි ෆේඩේ.

17 කමෙන්ට්ස්:
හික් හික්.. මේ ලගදි මගේ නෑනා අවා.. මං අවු 16 කට පස්සෙ දැක්කෙ.. දැන් දැක්කාම පුදුම හිතෙනවා.. ලොකු කෙල්ලෙක්..
අපි චූටි කාලෙ එකට සෙල්ලම් කලේ.. අද ඊයෙ වගේ මතකයි...
පොඩි උන් එහෙම හරි කම්මැලි නැතිව උයන් කනවා.. මේ ලොකු බබාලා කවදද උයන් කන්න පුරුදු වෙන්නේ..?
@බනී...
හයියෝ පව්...
මම හිතං හිටියෙ ෆෙදේ කියන්නෙ 8-9 වගේ වයසක එකෙක් කියලා. කොහොමත් උන් ඔයාට ආදරේනම් ඇති හොඳට. මොකද ඔයත් කතා කරන හැම වචන 10ක් අස්සටම ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගෙ නමක් දානවමයිනේ...
හදවතට දැනෙන්නේ ගොඩක්ම මේ පොඩි එකා ආදරේ හොයන හැටි...
පුංචි එකා හොදට උයන්නේ !!! හික්ස් :)
ඒක නෙමේ. මට නම් ඔය single parent ,babysitter, maternity නිවාඩු කියන වචන සෙට් එක ගොඩක් අළුත් !!!
කොටින්ම මගේ ඩික්ෂනරියේ නැති තරම් !!!
@ බනියෝ, ඔයා ඒ තරම් වයසද?
@මාරයා, ඔව් ෆේදේගේ වෙනස මට තදින්ම දැනුනෙත් ඒකයි. මාත් අවුරුදු 20 ක් විතර වෙනකම් තේකක්වත් හදාගන්න දැනන් හිටියේ නෑ. ඒ වුනාට අපේ ළමයි අපිට වඩා කොයි තරම් ඉහලින්ද?
@හරේ, ඔව් මෙයා මේ තාමත් මගේ පොඩි එකා තමයි. හුරතල් වෙන්නෙත් ඉස්සර වගේමයි. ඒ වුනාට හෙන වගකීම් ගොඩකට ලෑස්ති වෙලා දැන්. හිතාගන්න පුළුවන්නේ ඉතින් මෙහේ පාර්ලිමෙන්ටේරියන් කෙනෙක්ගේ ළමයෙකුයි අපේ රටේ කෙනෙක්ගෙයි අතර වෙනස නේද?
ඔව් එයාලා තමයි ඉතින් මගේ ජීවිතේ හොඳම හවුල් කාරයෝ.
@වජිරදේවි, ඔව්. තවම මොන අස්සක හිටියත් මෙයා මාව දැක්කම දුවගෙන ඇවිත් මගේ ඇඟේ එතෙන්නේ කිරි සප්පයා වගේමයි.
@මධු, එහෙමද? අපේ නම් කටේම තියෙන්නේ ඔය වචන තමයි. සිංහලෙන් කියන්න දන්නෙත් නෑ මම.
පින්තූර ටික නම් හරිම ශෝයි රංගි අක්කෙ. පුන්චි පැටවුන්ගෙ ලෝකෙ.
ෆෙදේගෙ කතාව මගේ ඇහැට කඳුලක් ඉනුවා .ගොඩක් තාත්තල අම්මල බ්ලොග් ලෝකෙ තමගේ දූවරු පුත්තුන්ගේ උපන්දින හපන්කම් ගැන ආඩම්බරෙන් ලියනවා ඒත් මේක ඊට සපුරා වෙනස් කතාවක්
අපි කැමති වුණත් නැතත් සිංගල පේරන්ට් කියන්නේ රියැලිටි එකක් .දෙමවුපියන්ගේ බහින් බස් වීම් , එක්ක එකට ජීවත් වෙන්න බැරිවුනහම වෙන් වෙන්න වෙනවා .දරුවොන්ට ඒව දැනෙන්න තියනවට වඩා වෙන්වෙන එක එක අතකට හොඳයි .නමුත් සිංගල් පේරන්ට් වෙන ගැහැණියකට ලොකු අබියෝගයක් දරුවට උගන්නලා , කන්න අඳින්න දීලා , හොඳ මනුස්සයෙක් කරන්න , අම්මගේ තාත්තගෙ දෙන්නගේම ආදරේ දෙන්න ,දරුව වෙනුවෙන් කාලෙ කැප කරන්න ...... ඒ අතරෙ රස්සවකුත් කරන්න .ගොඩක් වෙලාවට මෙහෙම වුණහම ගෑනුන්ට ෆැමිලි සපෝට් අඩුවෙන් ලැබෙන්නෙ .නමුත් මම දන්නවා ෆේද්ගේ අම්මා වගේ මගේ යාලුවො කීපදෙනෙක් ම මේ ජීවිත අභියෝගෙට මූනදෙන නියම ගෑනු . ඒ හැමෝම හරි නිර්භීතයි කියන්නත් පුලුවන් . එයාලට වැඩිම සහය ලැබෙන්නෙත් යාලුවන්ගෙන් බව මම දන්නවා .පවුල් දෙමව්පියන එයාල කොන් කරනවා ටිකක් මේ තීරණ නිසා . ඒ වගේමයි ඔයා ෆේද් ගැන කිව්ව දේම මම ඒ දරුවන්ගෙන් දකිනවා .හරිම ඉන්ටෙලිජන්ට් ලමයි .ඕනෙ දෙයක් ඉක්මනට තේරුම් ගන්නවා . පුංචි වයසට ලොකුවට හිතනවා .කිසි කරදරයක් නෑ අම්මලගේ යාලුවො එක්ක ඉන්නවා . තමගේ වැඩ කරගන්නවා . මට මේක කියවද්දිත් මතක් වුනේ මගේ හොඳම මිතුරියකගේ පුංචි කෙල්ලක් .මුලින්ම එයා මට මුණ ගැහුන දවසේ එයා ගැන කියද්දි කිව්වේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම අම්ම කියලා එතකොට පොඩ්ඩිට අවුරුදු හයයි.මේක ඔයාගේ පුද්ගලික කතාවක් වගේම සිංගල පේරන්ට් ලගේ රියැලිටිය කියන කතාවක් .සමහරු කියනවා සිංගල පේරන්ට් ලමයි ෆ්‍රස්ට්‍රේටඩ් , කිසි කමකට නැති විදියට හැදෙනවා කියලා .එහෙම කියන්න අමාරුයි සමහර වෙලාවට දෙමවුපියො දෙන්නම ඉඳලත් පිස්සු කෙලින දරුවො කොයිතරම්ද
නියම පොස්ට් එකක්. දරුවන්ට ආදරේ කෙනෙක්.. අනිත් අයගේ.. ග්‍රේට්..
කාලේ යන ඉක්මන...... නේද අක්කේ?
හිතට වදින කතාවක්. එක්කෙනෙක්ගේ හරි හිතක් ඒ විදියට සතුටු කරන්ට ලැබීමත් කොච්චර නම් වාසනාවක්ද? දෙමව්පියන්ගේ වැරදි (හරි වචනෙද දන්නේ නෑ. ) හන්දා පොඩි ලමයි තමා දුක් විදින්නේ. ඒ වගේ අසරනයෙකුට ආදරේ කරපු ඔයා හරි හොඳ කෙනෙක් බූරු බබෝ.
ඒත් දැක්කද ප්‍රතිපල. (ඒක නම් කීවේ විහිලුවට )
ඉතින් කෑවේ මොනවද? ඒවා රහට තිබුනද? ඒ ටික නෑනේ.
TG...කතාව ඇත්ත.. ඒත් මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩුමනේ..
@පොකු,
රෑ එයා ඉතින් බේකන් එක්ක රසම රස carbonara පාස්තා එකක් හදලා අපි කෑවා. ෆේදේ තාම අවුරුදු දොලහයි. රෑ කෑම කන ගමනුත් ඊට පස්සෙත් මම කල්පනා කලේ ඒ තරම් රස කෑමක් මම අන්තිම කාලේ කාලත් නෑ කියලා. ආදරේ එක්ක ඕනෙම දෙයක් අපිට දැනෙන විදියත් වෙනස් නේ. ඒත් ෆේදේ වගේ මේ ඊයේ පෙරේද වගේ දවසක අතින් උස්සගෙන හිටිය පොඩි කොල්ලෙක්ගෙන් ඒ වගේ දෙයක් කලාම මම ඉන්නේ පුදුමෙනුත් පුදුමයට ඇවිත්. සමහරවිට මම බලාපොරොත්තු නොවුන දෙයක් නිසා වෙන්න ඇති. හෙට අනිද්දට එරිකුත් මේ දේම කරයි කියලත් මට හිතුනා. කෑම කාල ඉවර වෙලත් එයා අපි කාපු බීපු දේවල් අස් කලේ හරියට ලොකු මිනිහෙක් වගේ. මට එවෙලේ හොල්මන් වෙලා වගේ බලාන හිටියා.
ඇයි අනේ ඔය එහෙම පිටින්ම ලියලා තියෙන්නේ.
ඔක්කොමලාට බොහෝම ස්තුතියි මාව කියවනවට.
මනෝගේ කතාව තමයි ලෝකේ බෙහෙවින්ම වෙන්නේ. මේ රටවල ඔය තරමටම ඔය දේ සිදු නොවුනත් බහුතරයක් වෙන්නේ ළමෙක් ඉන්න ගැහැණියකට උදව් ලැබෙනවා අඩුයි.
අපේ මුනුපුරු පැටියට දැන් අවරුදු තුනය්, පුළුවන් හැම වෙලාවෙම අපේ ගෙදර එක්කන් එනව. ඌ ඉන්නකොට ගේ පිරිල. ලඟදි ඉඳල ගේ වැකියුම් ක්ලීන් කරන්න පටං අරං. ප්ලග් එක ගහන්නෙ සින්ක් එකේ ඩ්රේන් හෝල් එකට, සද්දෙ කටින්
ලෝබ නැතුව අනුන්ගේ දරුවන්ට ආදරේ කරන අයට මන් හරි ගරු කරනවා . මන් දන්නේ නැහැ මට ඒ දේ කරන්න පුලුවන්ද කියලා . ආදරෙයි ඒත් ඔය වගේ කැප වෙන්න . බටහිර රටවල තනියෙන් දරුවෝ හදන අම්මල විරල නැහැ . අපේ රටවල නම් ඉතින් අර ගැනිව මරාගෙන කන්නේ නැති ටික විතරයි . එහෙන් පිරිමි වෙන වාසි ගැන හිතයි .ගෑනු කතන්දර කියයි. ඒ අතින් නම් අපි තව පරිණාමය විය යුතුයි. අනික් අතට පොඩි පොඩි ප්‍රශ්න ඉවසගෙන දරුවෝ රැකබලාගන්න අපේ දෙමාපියනුත් ශ්‍රේෂ්ටයි . සමහර යුරෝපිය අම්මල ඉන්නවා මෙහෙ ඇවිත් රස්සාවල් කරගෙන ළමයි හදාගෙන ඉන්න . දැක්කම දුකයි ගෙනියන ජිවන සටන . ළමයින් නරක නැහැ . පුන්චිකාලෙ ඉඳන්ම දන්නවා දුක මොකක්ද කියල .
වෙනම පිළිතුරු ලියන්න වෙලාවක් ලැබුනේ නෑ. ඒත් අම්මලා නොවී අම්මලා වෙන්න නම් මට වගේම හැමෝටම වෙන්න පුළුවන්. කොටින්ම අද වෙනකොට මගේ යාළුවන්ගේ දන්න කියන අයගේ බොහෝ අයගේ ළමයි මගේ ළමයි තමයි. ඒ සම්බඩ්න්හ කතාවක් ඉස්සරහට ලියන්නම්.
Post a Comment