Header image

බුරු බබාගේ මාළු කෑම.

ලිව්වේ Il mondo di una povera pazza 10.01.2011

  මේ ළඟදි දවසක සුපර් මාකට් එකට ගිය ගමන් දිලිසි දිලිසි ඉන්න මාළුවෝ වගයක් දැක්කාම මට හිතුනේ ගෙදර ගේන්න. (කොහොමත් මම ඔය පිට පැත්තේ ලස්සනට යමක් හොයලා බලන්නේ නැතිව කරපු එකම දේත් මේක විතරක් නෙමෙයි.)  මම ඉතින් ඔය මාළු කපලා සුද්ද කරන්න වගේ දේවල් නොදන්න හින්දා සුපර් මාකට් එකේ වැඩ කරන කාට හරි කියලා ශුද්ධ කරගෙනම තමයි එන්නේ. (මට මාළුවෝ කන්න, උයන්න තේරුනාට ඔය කපන කොටන පාට් එක නම් තේරෙන්නෙම නෑ. එහෙම උනා කියලා නොකා ඉන්නයැ.)

   
    කොහොමත් කඩේකට ගියාම බඩු ගනිද්දි තවම මට විතරක් එක දවසකට කන්න පුළුවන් ප්‍රමානය ගන්න මොන හේතුවක් හින්දද මන්දා මට හිතෙන්නේම නෑ. ඒක හින්දා මම මුහුන දෙන්නේ ආර්ථික ප්‍රශ්න විතරක්ම නෙවි අන්තිමට තියා ගන්න ඉඩක් නැති අවස්ථාත් ඕනෙ තරම්. අනිත් දවසට නම් මෙහෙම කරන්නෙ නෑ කියලා හිතාගත්තාට පසුවදාට ත් ඒක එහෙමම තමයි.

  ඔය පසුගිය දවසක ඉතින් වතුර හරි මොනවා හරි විතරක් ගන්න ගියාගමන් ඔය එහෙ මෙහේ බලනකොට තමයි අළුත්ම අලුත් දිලිසි දිලිසි ඉන්න මාළුවෝ දැක්කේ. දැක්ක ගමන් මම හිතුවේ ලංකාවේ හෙම ඉන්න  පරව් කියලා. ඉතින් මොකුත් හොයන්නේ බලන්නේ නැතිව මාළුවෝ තුනක්ම ගත්තා. කොහොමද මගේ මොලේ?
   පළවෙනි දවසට එකක් විතරක් එලියෙන් අරන් තියලා ඉතිරිවා ෆ්‍රීසර් කරා. කොහොමත් අර තොග ගෙනාවම ඕක නේන්නම් කරන්නේ. කොහොම හරි එදා මම එලියෙන් කෑව හින්දා මාළුවා හදන්න බැරි වුනා. පසුවදා දවල් මාළුවා සෝදලා උයන්න ගත්තා. මට ටිකක් අමුතු ගඳක් වගේ ආවා. ඒත් මම ආසම විදියට මාළුවා හැදුවා. කන්න ගියාම තමයි මට තරු පෙනුනේ. හරිම අමුතු ගඳක්. කන්න තියා හිතන්නවත් බෑ. මම සැන්ඩ්විච් එකක් හදාගෙන කාලා වැඩට ගියා.

   පස්සේ දවසක ආයේ සුපර් මාකට් එකට ගිය ගමන් මම එතන වැඩ කරන බෝයි කෙනෙක්ගෙන් ඇහුවා මම මෙහෙම මාළු වගයක් ගෙනිච්චා. අමුතු ගඳක් ආවා. කන්න හැදුවමත් ඒ ගඳ ආවා. මම විසි කරලා දැම්මා. ආයේ නම් උඹලා මට මාළු දෙද්දි කන්න පුළුවන් දෙයක් දීපන් කියලා කීවම කොල්ලා පුරුදු වැදගත් විදියටම සමාව ඉල්ලන ගමන්ම මම ගත්ත මාළු ගැන එහෙම අහලා කතාව එතනින් ඉවර උනා.
 
අද සෙනසුරාදානේ. මම නිවාඩු පාඩුවේ එළවළු පළතුරු ගන්න දවසනේ. ඉතින් අද මම ගේ ළඟ පොලේ ඉන්නකොටත් අර මාළුවම ඉන්නවා දිලිසි දිලිසි. ඒ උනාට ඉතින් මම නම් ආයේ ගන්න ගියේ නෑ. අර අමතක වෙලා විසි කරපු නැති ෆ්‍රීසර් එකේ ඉන්න මාළු ගැන මතක් උනෙත් අද තමයි. පොඩ්ඩක් හොයලා බලද්දි මේ විශේෂිත මාළුවෙක්ලු. කන්නත් පුලුවන්ලු. විශේශ කෑමත් හදනවලු. ඒ උනාට මට නම් හැම මාළුවෙක්ම එපා වෙලා ඉන්නේ උන්ගේ ගඳට.
 
      

15 කමෙන්ට්ස්:

මධුරංග said...

බූරූ බබා අක්කා නම් මාළු කනවා. මෙහෙ මාලු ගිනි ගනන් නෙව.

අදත් පලතුරු ගන්න ගියා ය කියලා කියන්නේ. එහෙනම් මිදි කිලෝ එකක් ගෙනත් කන්නැති මේයැයි.

හරී - පිණිපළස said...

මේ විදිහෙ වැඩ නං අපිටත් අනන්තවත් වෙලා තියේ. කවද කාපු මාළුද? :D

පූසා said...

ඈ අක්කේ එතකොට අර මාළුවා මුළු දවසක්ම එළියෙද තිබ්බේ? :O

Bindi said...

අපොයි මට ඔව්ව වෙලා ඇති අනන්ත . අපේ මාළු වගේ පෙනුමට රැවටිලා ගෙනාවට එක්කෝ කටු ගොඩ ..නැත්නම් මෙලෝ රහක් නැහැ . ඒත් ලැජ්ජාවක් තියෙන එකක්යැ. ආයිත් නොදන්නා ඒවා ගේනවා . අමාරුවේ වැටෙනවා .

කතන්දර Kathandara said...

කුම්බලාවෝ ද, බොම්බිලි ද?

පිණිබිඳු... said...

හපොයි ඔය මාලු සුද්ද කරන වැඩේ නම් මටත් ඔහොම්මම තමා.

Il mondo di una povera pazza said...

@මධු,
මෙහේ මාළු ගණන් මල්ලි. රසත් නෑ වැඩියම ලංකාවේ වගේ. ඒ උනාට ඉතින් මට කන්න හිතුනාම ඕන දෙයක් ආයේ දෙපාරක් හිතන්නේ නෑ මම. තැඹිලි ගෙඩිය රුපියල් දෙසීයට ලංකාවෙදිම බොන වෙන මැට්ටෙක් ඉඳියිද? අන්න ඒ වගේ.
මෙහේ මීට මාස කීපයකට කලින්ට වඩා මේ වෙද්දි ආර්ථිකයේ අවුල් තියෙනවා. වයසක ආච්චිලා හෙම බඩු වල ගණන් බලලා හිමීට අතේ තියන සල්ලි ටික ගැනල ඒක ආපහු තියෙලා යනවා හෙම නිතරම පේනවා. ඒ වෙලාවට ඉතින් හිතා ගන්න බැරි අසරණ කමක් දැනෙනවා.

@හරී,
කොහොමත් මම මාළු නම් දන්නේ නෑ. ටිකක් ලස්සනට දැක්ක ගමන් ඕනේ එකක්. මාළුවෝ විතරක් නෙමෙයි තවත් දේවල් වලට මට මෙහෙම තමයි. හික්ස්.

@පූසා, අපරාදේනේ. මට අමතක වුනානේ පූසෝ මාළු කනවා කියලා. හිකිස් නෑ නෑ එයාව පහල තිබ්බා. ෆ්‍රෙශ් යූස්.

@බින්දි,
අනේද කියන්නේ. කොහොම හරි එදා ඉඳන් මම මාළු කන්නේ නෑ ආයේ ඕක අමතක වෙනකම්ම.

@කතන්දර, ඔයා විශ්වාස කරයිද මන්දා මම ලංකාවේ නම් වලින් මාළුවෝ දන්නේ නෑ. මෙයා නම් සාල්පා ම වෙනන් ඕනේ සිංහලෙනුත්. මාළු එක්ස්පර්ට් කෙනෙක් වෙන දුලීප් ගෙන් එහෙම තමයි අහන්න ලැබුනේ. එයා මට ලොකු විස්තරයක් එවලා තිබ්බා.
@පිණිබිඳු,
මෙහෙදි නම් ඕක ප්‍රශ්නයක් නෑ. එයාලා කියපු ගමන් ශුද්ධ කරලා හෝදලා හෙම දෙනවානේ. එක දවසක් මම ලංකාවේදි මාළු ශුද්ධ කරලා දෙන්න කියලා ගෙදර ගෙනත් සෝදලා ඉව්වා. ටිකකින් මාත් එක්ක කෑම කන්න ආව යාළුවා මගෙන් ඇහුවා මචන් උඹලගේ රටේ මාළුවන්ගේ පොතු කරමල් හෙමත් කනවද කියලා. කී පාරක් ඔය වගේ දේවල් වෙලා ඇතිද හික්ස්...

පොත් ගුල්ලා said...

මට නං මාළු කපන්ඩ, උයන්ඩ තියා ගන්ඩ වත් තේරෙන්නේ නෑ. කන්ඩ නං දන්නවා. ඒත් වැඩිය කැමති වේලපු හාල්මස්සන්ට.

Podi Kumarihami said...

මාත් කැමතී මාලු කන්ට. අමු හාල්මැස්සෝ බැදලා හරිම රහයි. අර ගුල්ලා කියනවා වගේ මාලු උයන්ට තියා ගන්ට දන්නෙත් නෑ. හැබැයි දන්න එක්කෙනා, දෙන්නා ඇර අනිකවා ගන්නෙත් නෑ ඔයාට වෙච්චදේම වෙයි කියලා බයේ.

Podi Kumarihami said...

බූරු බබා අක්කා. පෙම්බර මධූගේ නම නියමයි නේද?...:D:D:D

නලිනි චන්දිමා said...

එක පාඩමක් ඉගෙනගෙන වගේ... ඒත් කී දවසකටද? :D තව මාසෙකින් හමාරකින් ඒ ගඳ අමතක වෙයි.

Il mondo di una povera pazza said...

@පොත් ගුල්ලා,එහෙනම් මාළු කන්නත් එපා. හාල් මැස්සෝ මගෙත් ප්‍රියතම කෑමක්. ඒත් කොහෙද කරවල හා හාල්මැස්සෝ මම ගෙදර උයනවා තියා ගේන්නෙවත් නෑ. පහුවදාට මට ගේත් අතෑරලා යන්න වෙයි. අම්මලා මෙහේ ඉන්නකොට නම් මම නිතර නිතර එහෙන් කාලා එනවා. අපි නම් ඉතින් ඕනේ දෙයකට ඔට්ටුයි. ඕන කෑමක් හදන්න දන්නවා. ඉස්සර ලංකාවේ කෑම කිව්වම උඩ බිම බලපු මම දැන් ඉඳලා හිටල බත් හදනවා එළවළු එක්ක. වෙන එකක් තියා ලංකාවට ඇවිත් කෑම හැදුවම මගේ යාළුවෝ මිරිස් රස නැති උනාට කන්න බැරි කමක් නෑ කියලා ඔක්කොම කෑවා. හික්ස්.
@පොකු, තෙල් දාපු කෑම මම කන්නේ නෑ නේ. ඒ උනාට මාළු රසට හදන්න නම් මට පුළුවන්.
මොකෝ පේන්න හිටියේ නැත්තේ ඔයා?

@නලිනි, අපෝ ඒමි බනිනවා මට හොඳ දේවල් කන්න දන්නේ නෑ කිය කිය. ඒ උනාට දැන් ඕක මතක් වෙන වෙන ගානට මට මාළු එපා වෙයි. මේ දවස් ටිකේම සැලඩ් කන්නේ. ඒ උනාට කඩේට ගියාම කන මිනිහා වගේ ගන්නවනේ දකින දකින එක. හික්ස්. මේ ඊයේ පෙරේද අඬලා අඬලා මල්ලිට කියල සවොබොරෝ, රුලන්, පොල් ටොපී අලටොපී තල බෝලේ, තල, හා එකි නොකී ලංකාවේ තියෙන ඔක්කොම පැනිරස ගෙන්න ගත්තා. තවම එක දවසයි කෑවේ. මතක් වෙනකොට විතරයි ඔය ඔක්කොම සෙල්ලන් මගේ.

සරත් ලංකාප්‍රිය said...

අපේ මාළු කාරයෙක්ගෙන් ඇහුවා නම් කියයි ඕකාට නමක්.. ඕනෑම නමක් නැති මාලුවෙකුට නමක් දෙන්න පුළුවන් ඒ අයට..

hare :-) said...

මාළු මතක් කරන්න එපා... අර බේක් කරපු එකා මතක් වෙද්දි කෙළ උනනවා... :-|

Il mondo di una povera pazza said...

@ලංකාප්‍රිය, ඔව් මම නම හොයාගත්ත ඕනෙයාගෙන්. ඒ උනාට ලංකාවේ නැති මාළුවෙක් ඒ.
@හරේ, ඉස්සර ගොඩාක් වෙලාවට මම මාළු හදද්දි එරික් අහනවා ආන්ටි මාළු මම වෙනුවෙන්ම ගත්ත ඒව නේද කියලා. ඒ වගේම තමයි හරේ ඔයාලත් එකක් ගෙවපු ඒ මොහොතවල් . ඒ මොහොතවල් සදා අමරණීයයි. ඉස්සෙක් කන්න වාද්දුවේ ගිය ගමනක් දුර හිතද්දි බොහෝම දේවල් ආදරෙන් මතක් කරන්න මටත් පුළුවන්. සමහර විට දෙසැම්බර් මුල් සතියේ දිහා බලමුකෝ ආයෙත් ස්ට්‍රෙස් රිමුවින් ටූල් එකයි අපේ වෙර්මිචෙල්ලි කෑමයි එරික් බෝයි එක්ක පොඩි ස්විමින් පාරකුයි ඩ්දාන්න පුළුවන් වෙයිද කියලා.