උදේ ඩොක්ට ළඟට ගියා.
පැය එක හමාරක් විතර වේටින් ලිස්ට් ඉන්න ගමන් සිස්ටම් එකට බැන බැන හිටියා එතන හිටපු මෙඩිකල් රෙෆ් කෙනෙක් එක්ක.
ඩොක්ටත් එක්කත් ටිකක් නිවාඩු , ලංකාව, දේශපාලනය වගේ දේවල් කතා කලා. . gastroscopy එකක් කරන්න කිවුවම පොඩ්ඩක් විතර මූන ඇඹුල් වුනා මගේ.
එමින් ගමන් එළවළු කඩේට ගියා, එතන හිටපු ලස්සන කොල්ලටත් බැනලා ආවා මිදි රහ නෑ කියලා.
ඔය අතර මගේ ගෙට ඉස්සරහා තියෙනවා එළවළු පලතුරු විකුනණ පොලක්. එතන තිබිච්ච ගමෙන් ගෙනාපු පලතුරු කියලා මට හිතුන ටිකක් උස්සන් ආවා.
ගෙදර ආවම මට මතක් වුනේ එමින් ගමන් පාන් ගන්න බැරි වුනානේ කියලා. ආයේ සුපර් මාකට් ගියා පාන් ගන්න.
ගෙදර ආවා සැන්විච් එකක් හදාගත්තා. ටෙලිෆෝන් කෝල්ස් වගයකට උත්තර දුන්න. මිදි කිලො එකක් විතර හෝද ගත්තා. කාමරේට ගිහින් සෝෆා එකේ වාඩි වෙලා ටී වී බලද්දි මිදි ඔක්කොම වාශ්ප වෙලා.
ආයේ ටිකකින් බලද්දි මම හොඳටම නිදි. පැය තුනක්.
හවස කරන්න හිටි වැඩ ඔක්කොම එහෙමමයි.
මේකද මගේ දවස? කිසි රහක් නෑ.
හවස තේ එකක් බොන ගමන් මම පත්තරේ බැලුවා.
බොම්පියානි එඩිටර්ස් ලාගේ අලුත් පොත් ගැන දැක්කම මට හිතුනේ දවස පටන් ගන්නේ එතනින් කියලා.
පාවුලෝගේ අලුත් පොත එලියට එන බවක් දැනන් හිටියට පොත් කඩ වලට දාල තිබුනේ නෑ. ඔන්න අද එලියට දානවලු.
ඒ කියන්නේ අර දකින දකින පැත්තේ පේන පොත් කතා අස්සේ මටත් දුකක් වෙන්න දෙයක් නෑ. එවෙලේම යාළුවෙකුට කතා කලාම එයා එද්දි පොත ගෙනත්ම දෙන්නම් කියපුවම ආයේ මොකටද මම මහන්සි වෙන්නේ.
හිතට සතුටක් ආවා.
ඒ කියන්නේ ඉතින් මට වෙර්මිචෙල්ලි හදන්න කියාපු වෙලාව.
එළවළු ජුලියන් ක්‍රමයට කපන්න ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. දන්න කියන කාලෙක ඉඳන් මගේ ආසම කෑම.
කෑම කාල ඉවර වෙද්දි නිව්ස් වලට කියපු දේවල් යම්තමින් අහගෙන ඒමි එක්ක පැයක් විතර කතා කලා.
මෙන්න රිකාර්දෝ ස්ක්‍රාමාචො......
අහන්න දෙයක්ද. බුරු බබයි ඉටෑලියන් සිනමාවයි කිව්වම.
කොහෙද ඊයේ පෙරේද වැනිස් ගිහින් ඉන්න රිකාර්දෝ දැක්කට ෆිල්ම් එක බලාගන්න බැරි උනා නේ.
ෆිල්ම් එක පුරාවටම මම හ්ම් කිව්වේ නෑ. ඒ තරමට මේ අහංකාර කොල්ලට මම ලව්.
ඒ අස්සේ සබ්රීනා ෆෙරිල්ලි එයාගේ මිනී සීරිස් එක්ක
දවසම අවුල් වෙලා කියලා නහයෙන් අඬ අඬා හිටපු මට මෙයිට වඩා මොනවද?
හැමදාම කළුවර නෑ....


10 කමෙන්ට්ස්:
ඔය කියන චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කරන්ඩකෝ, අපිටත් දැනගන්ඩ එක්ක. පාවුලෝ ගේ පොත "අලෙෆ්" නේද? එයාගේ බ්ලොග් එකක් තියෙන බව ඔයා දන්නවද? මෙන්න ලින්ක් එක.
http://paulocoelhoblog.com/
ඔය තියෙන්නේ රහ දවසක්. ඔයිට වැඩිය මොනවද? පාවුලෝ ගේ "අලෙෆ්" බලලා අපටත් විස්තර කියන්ට.
ම්ම්ම්ම්....නලුවත් නරක නෑ නියම නලු පාටයි...:D
මම නම් ඔය කියන චිත්‍රපටිය බලලා නෑ.
අක්කා මිදි කිලෝ එකක්ම කාල නෙව. සුලු පටු ගේමක් යෑ !!!! හික්ස් :)
"ආයේ ටිකකින් බලද්දි මම හොඳටම නිදි. පැය තුනක්"
සීනි වැඩිවෙලා වෙන්ටැ!
ඉන්දික කිව්ව වගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක චෙක් කොර ගත්ත නං....
ඕඕඕ, කට්ටියටම සාහිත්‍ය රස්නෙ... :D මිදි කිලෝ එකක් නේද? හ්ම්ම්ම්.
පොත් ගුල්ලා,
මෙයා නම් තාම ලොකු නිර්මාන කරපු කෙනෙක් නෙමෙයි. බලපොරොත්තු තියාගන්න පුළුවන් කෙනෙක්.(ඒත් මේ වෙනකම් කරපු හැම ෆිල්ම් එකක්ම මගේ ආසම ෆිල්ම්.) වූඩි ඇලන් ගේ අළුත් ෆිල්ම් එකේ ඉන්නෙත් මෙයා තමයි. (http://en.wikipedia.org/wiki/Riccardo_Scamarcio)
පාවුලෝගේ බ්ලොග් එක වගේම එයාව පෞද්ගලිකවත් මුන ගැහෙන්න තරම් මම වාසනාවන්ත වෙලා තියෙනවා. එයාගේ පොතක් මේ ළඟදි ෆිල්ම් එකක් වුනාම ඒක බලන්නත් යන්න පුළුවන් උනා.
@ පොකු
ආයිත් අහලා. ඔව් මේ අද රෑට මගේ යාළුවා එනකම් බලන් ඉන්නේ පොත අරන්.
@මධුරංග,
අයියෝ මිදි කිලෝ එක කනවා කියලා මට දැනුනේවත් නෑ හලෝ... දැක්කේ නැද්ද ඊට උඩින් සැන්විච් එක විතරක්ම කාපු දුප්පත් ළමයා හෙම.
@ ඉන්දික,
හික්.. නෑ නෑ ඔයා හිතන එක නෙමෙයි. එදා එපා වෙලා හිටියේ. එහෙම වුනාම කෑවත් නොකෑවත් මම දොයි බබා.:-P
@ observer
ඔව් ඔව්. ගොඩාක් වෙලාවට සීනි මදි හින්දා ඇඩිසනල් සප්ලයිස් ගනන්වා මම තාම..... :-D
@නලිනි,
කියලා වැඩක් නෑ නලිනි. දුකේ එහාම තැන ඉන්නේ ඔක්කොමලා පොත් අරගන්නවා කියවනවා ප්‍රදර්ශන බලන්න යනවා. අපි මෙහේ දුක් විඳින තරම දන්නේ අපිනේ ඊරිශියාව එක්ක.
මගේ ඩොක්ටර් නම් කියන්නේ වැඩිපුර පළතුරු කන්න කියලානේ. ඉතින් කන්න ගත්තම ඔය වගේ. පස්සේනේ බඩ උස්සගන්න බැරිව දුක් විඳින්නේ... :-P
ටිකකිං බලද්දි මම නිදි.ඒක මරු කතාව.ඒක හරියට 'උදේ නැගිටලා බලද්දි මම මැරිලා' වගේ කතාවක්.ගැස්ට්‍රොස්කොපි කරන්නෙ ගැස්ට්‍රයිටිස් ද?කන කෑම තමයි ඉතිං.පැය එකහමාරක් පෝළිමේ හිටියා කියන්නෙ අපේ සිස්ටම් එක මාර හොඳයිනෙ.
හායි.. කාලෙකින් බ්ලොග් කියෙව්වා!
මේ නළුවා මාර ගතිනේ හලෝ! මටත් මෙයාගේ ෆිල්ම් බලන්න ඕනි.
මං මේ ළගඳි අපේ ඩිරෙක්ටර්ව හම්බෙන්න ගියා පොරට ලස්සනට රැප් කරපු රෙඩ් වයින් බොටල් එකක් හම්බ වෙලා ළගින්ම තියාන් ඉන්නවා. මං එතන හිටි මුළු වෙලේම මගේ ඇහැ තිබ්බේ එතන. සිරාවටම ඔයාව මතක් උනා අක්කේ එවලෙත්! ඒත් මේ ටිකේ කතා කරන්න වෙලාවක් සෙට් උනෙත් නැහැනේ. අනික මම බබාගේ කටේ දතක් එනවා. සෝ කට ටිකක් රිදෙනවා ඒ නිසා කටෙන් කතා කරන්නෙත් අඩුවෙන්.! මේ දැන් මොකෝ ආයේ ඩොක් හම්බ උනාට ඔය කිව්ව ටෙස්ටින් ටික කරගත්තද?
@dinuka
ඒ තමයි ඇත්ත. ආපහු අවදි උනාම තමයි තේරුනේ මට වෙලා තියෙන දේ.
ලිවර් ඉසුස් වලට ඕවා කරන්න වෙනවානේ.
@මලී
ඔයා ආස වෙයි තමයි එයාගේ ෆිල්ම් බැලුවොත්. එයාගේ ෆිල්ම් බොහොමයක්ම වටින ඒවා. ටී වී සීරිස් උනත් එහෙමයි. අන්තිම කාලේ අපිට අලුත් ෆිල්ම් ටිකක් ආවා ආසාවෙන් බලන්න පුළුවන්.
වයින් ද? මේ දවස් වල මට යාළුවෙක් වයින් ගෙනත් දුන්නා. මම එයාට කීව අර බස් එකේ සෙනස අස්සේ තෙරපි තෙරපි කොළඹ ඉඳන් ඩොටේ ගිය හැටි වයින් එක අරන් ඔයා එක්ක.
එරික් බෝයිත් ඇහැව්වා ආයේ අපි කවදද බව්වයි මුහුදයි බලන්න යන්නේ කියලා.
Post a Comment