රෑ නිදා ගන්න යනකොට කාමරේ පුරාම බෙඩ් එක පුරාම ෆයිල් කවරයි අරවයි මේවයි. (මගේ අඩවිය අවුල් කරන්න එරික් ගියාට පස්සේ කව්රුත් නෑ. ඊයේ දවල් මොනවදෝ ඩොකියුමන්ට්ස් වගයක් හොයන්න මමමයි ඕවා එහෙ මෙහෙ දැම්මේ. ඒ වෙලාවේ හදිස්සියට මම ඇඳ උඩ දැම්මේ පස්සේ අස් කරන්නනේ...
ටිකක් විතර දෙවියෝ මතක් කරලා ඇඳ අස් කර ගන්න හදනකොට මම දැක්කේ බුරු බබාගේ අවුරුදු පහලොවකට එහා ෆොටෝ වගයක්... ජීවිතේ සුන්දරම දවස්.... කොටින්ම ඒ කාලේ හිටිය මම අද ඇත්තෙන්ම නෑ....
ඉතින් එවෙලේම ස්කෑන් කරන්න මට කම්මැලි නිසා ෆෝන් එක අරන් ඒ ෆොටෝස් අප්ලෝඩ් කරලා ෆේස් බූක් එකට දාලා මම තනියම හිතන්න ගත්තා. කොටින්ම එකට නිදාගත්ත මම උදෙ හතර වෙද්දි ඇහැරලා...
මට අවුරුදු දහ නමයක් විතර වෙද්දි මම කොළඹ ආවම එක දවසක් මට අයිස්ක්‍රීම් කන්න හිතුනා. මට මතකයි එවෙලේ මායි ඒමියි හිටියේ බම්බලපිටියේ මැජෙස්ටික් එකේ අපේ අක්කගේ ඔෆීස් එකේ. දන්නවානේ ඉස්සර ලංකාවට ආවම සෙල්ලම් දාන්න බෑ. අපේ අක්කලා කොහොමත් මට සලකන්නේ දහතුනේ බබා විදියටනේ... ඉතින් මායි ඒමියි අක්කට කිව්වා අක්කේ අපි දෙන්නා පොඩ්ඩක් එලියට ගිහින් එන්නම් ඉක්මනින් එන්නම් කියලා. අපි දෙන්නා වාහනෙට නැග්ගා.... අයිස්ක්‍රීම් හොයාගෙන. අපි දෙන්නා නතර උනේ කළුතරින්. ඔය තියෙන්නේ ඒ මතකේ...
මම දන්නවා අයිස්ක්‍රීම් නෙමෙයි මොනවා දෙනවා කිව්වත් පාරක් තොටක් නොදන්න මමවත් ඒමිවත් අද එහෙම ගමන් යන්නේ නෑ. අනිත් එක මම කන අයිස් ක්‍රීම් එකකුත් නෑ... ඒත් ඒ අත්දැකීම මට ආපහු විඳින්න බෑ......... ඒ තරම් ඒ දේවල් සුන්දරයි...
කොහොමත් ඉතින් මම මෙහෙදි මුහුද පළාතවත් බලන්නේ නෑ... ඒ උනාට ලංකාවට ගියාම ආයේ මුහුද තමයි මගේ ආදරවන්තයා. වතුර වලක් දැක්කත් මට ඒකේ නාන්න ඕනේ. ඉස්සර බලංගොඩ ඉන්නවා නම් බෙලි හුල් ඔයේ නාන්නේ නැතිව මට එක දවසක් ඉන්න බෑ... අර පට්ට සීතලේ... ගෙදර උණු වතුර නැත්නම් මූනවත් හෝදන්නේ මම හෙම නෙමෙයි. ඉතින් මම දන්නවා අද මේ දේවල් මට ආපහු කරන්න බෑ......
අපි පොඩි කාලේ අපිට තිබුනේ ලොකු ඉඩම්.... ගොඩාක් ඒවට යන්න පාරක්වත් තිබුනේ නෑ... ඒ උනාට සෙනසුරාදා උදේට අර කඳු ඔක්කොම නැගලා වත්තේ නොයා හිටියේ නෑ අම්මා බැන්නත්. (ඇත්ත අපේ අම්මා හිටියා නම් අදට වඩා මම ඒ දේවල් එක්ක බැඳිලා ඉඳියි.) වතු වල තිබ්බ ගෙඩි වලින් භාගයකටත් වඩා මගේ නෑයො රිලව් කෑවට මමත් ඒවයින් ගොඩාක් කාල තියෙනවා....දැන් නම් මට ඉඩම් තියෙනවද කියලාවත් මම හොයලා බලන කෙනෙක් නෙමෙයි....... ඒ දවස් ආයේ එන්නේ නෑ.
මේ ළඟදි ලංකාවට ආවම මට මතකයි එරික් බෝයි මගෙන් ඇහුවේ මොකද මෙහේ විතරක් ගස් ගොඩාක් තියෙන්නේ? මොකද මෙහේ විතරක් මුහුද රශ්නේ... මොකද මෙහේ අය ඔක්කොම කළු? මොකද මෙහේ විතරක් මුක්කලා (cow) ගොඩාක් ඉන්නේ මොකද මෙහේ විතරක් බව්වෝ ඉන්නේ පාර පුරා වගේ ප්‍රශ්න... ආ තව ඇහුව දෙයක් තමයි ඇයි ඔයාගේ යාළුවෝ අපේ ගෙදර නිදාගන්නේ ? එයා ආයේ එහෙම මගෙන් අහන එකක් නෑ....
එරික් එක්ක ඒවා තේරුම් කරද්දි මම එයාට කීවම මේක තමයි අපේ රට මෙහේ තමයි අපේ ඔරිජින්ස් තියෙන්නේ කියලා එයා ලොකු ප්‍රශ්නාර්ථයෙන් මම දිහා බලා හිටපු හැටි මට තවම මතකයි....
අන්තිමට එයා කිව්වේ ඒ උනාට ආන්ටි මෙහේ මිනිස්සු ආදරේ ගැන දන්නවද ? කියලා. එයා අහංකාර සීයෙක් වෙලත් අපේ මල්ලි එක්ක, මලී එක්ක, හරේ එක්ක, ලසිත එක්ක, මලීගේ අම්මා, තාත්තා, රියාස් එක්ක ආදරේ බෙදාගත්ත හැටි හැටි මම හොරෙන් බලන් හිටියා.... වෙන එකක් තියා මම එහෙම එයාගේ දෙයක් ඇල්ලුවාම දාන ලොකු පාට් ඔක්කොම එයා අල්ලපු ගෙදර පොඩි මෑන්ට දැම්මේ නෑ... Nintendo D S එක ඒ පොඩි එකා බලෙන් උදුර ගනිද්දි එරික් කීවේ ඔයා සෙල්ලම් කරලා මට දෙන්නකෝ කියලා. ඒ පොඩි එකා එක්ක නොදන්න වචන වලින් ආදරේ බෙදාගත්ත දැක්කම මට මතක් උනේ නෑ ආයේ කවදාවත් මේ දේවල් දකින්න මට ලැබෙන්නේ නෑ නේ කියලා.
මම හිතන්නේ මේක තමයි Nostalgia කියන්නේ..... ( ඉතින් මම නිදි නැත්තේ ඒක හින්දා වෙන්න ඕනේ....)


12 කමෙන්ට්ස්:
මාරම ලෙඩක් නේ. දකින දකින තැන නාන්න ඕනේ කියන්නේ. හික්ස් :)
අම්මෝ මම් බදුලු ඔයෙන් නාලා සතියක් උන තිබ්බා.
ප.ලි.- අදමයි මම mondo di una povera pazza කියන එකේ තේරුම හොයා ගත්තේ. ඒකේ තේරුම විදිහට ගූගල් ට්‍රාන්ස්ලේට් කියලා දුන්නේ
world of a poor madwoman කියලා. මේක හරි නේද ? හික්ස් :)
"ගෙවුනු කාලේ" ආයේ එන්නේ නෑ....
ගෙවී ගිය කාලය නම් ආයම ලඟා වෙන්නේ නෑ.
ඔයත් මුහුදට ආදරේද?...:D
සංසාරේ අපි... ඔස්සේ මේ පැත්තට එඹී බැලුවෙමි.
ජීවිතයේ හැම කාලා වකවානුවක් හා බැඳුන අහිංසක සුන්දර මතක පිරී තියෙනවා. ඒ කාලය ආයේ එනවා නම්...
ඔබේ රචනයේ මතක අවදි කිරීම ඔස්සේ ඇදුනෙමි... කළුතරට... ඉන් ඔබ්බටත්.
මටත් ඔය ලෙඩේ නොසෑහෙන්න තියනවා . එදවස් ආයේ එන්නේ නැහැ ..මුණු පොතේ පරණ යාළුවො හොයන්නේ ඔය හින්දනේ . පරණ යාලුවෙක් හමු වුනහම මන් මතක් කරන පරණ සිද්ධි සමහර යට මතකත් නැහැ . හැබැයි මන් හිතෙන් විතරයි අතීතෙට යන්නේ . හැබැහින් නම් ඕන නැහැ . හෙට හැරිලා බලද්දී අද ගැනත් එහෙම හිතෙයි.
චහ්... දැන් චොර වුණාට ඉස්සර පට්ට කෑල්ලක නෙව :D
අපි අතීතෙ ගැන දුක් වෙනවා. වර්තමානය ක්‍රමයෙන් අතීතය වෙනවා.
ඔය අතීතේ සුන්දරයි කියන එක මනුස්ස වර්ගයාට පොදු ලක්ෂණයක්! හැමෝගෙන්ම ඇහුවොත් ඒක කියයි බං!
මොන තරම් දේ කලත් නවත්තන්නයි වෙනස් කරන්නයි බැරි එකම දේ..!
අතීතය...!
ඇහ් අයිස්ක්‍රීම් හොයන්න එච්චර දුර යන්න වුණාද ?
ඔව්... අපිට ඒ අතීතෙට ආපහු යන්න බැහැ... අවාසනාවකට අපේ දරැවන්ට ඒ සුන්දර කාලේ නැහැ... ගහකට නැගලා කජු පුහුලමක් කඩං කන්න.. මාදං ඇහිඳින්න... ලඳුකැළෑ පීරලා සීනිපේර කඩන්න... ඒ කිසිම දෙයක් ආයිත් එන්නේ නැහැ...අපේ සැන්දරම ලමා කාලේ.. ලිපිය කියවද්දී මමත් මගේ ළමා කාලෙට ගියා...
බොහොම ස්තුතියි ඔක්කොමලාට....
සමහර වෙලාවට දුකක් නැතිව හීන් හිනාවල් එක්ක මේ අතීතේ මතක් කරන්න (ඉඳල හිටලා කඳුලකුත් එක්ක) මම හරිම කැමතියි.
Post a Comment