Header image

      පෙරේදා මම අන්තිම ස්කෑන් එක කලා. කාලයක් තිස්සේ කල් යව යවා ඉඳලා එහෙන් මෙහෙන් යන්නම ඕනේ එකක් නිසා ගියා මිසක් කිසිම කැමැත්තකින් නෙමෙයි ගියේ. කොහොමත් අන්තිම කාලේ මම වෙන් කරගෙන තිබුනු එකම මෙඩිකල් ටෙස්ට් එකකටවත් ගියේ නෑ. මේ වෙද්දි මට කරන්න තියෙන හැම ටෙස්ට් එකටම දවස් කීපෙකට කලින් හොස්පිටල් එකෙන්ම කතා කරලා මතක් කරලා දෙනවා. ඒ තරමට අපේ හෙල්ත් සර්විස් නම් හොඳයි. තවමත් මේ රටේ හොඳයි කියලා කියන්න පුළුවන් එකම දේ ඕක විතරමයි.
     


      මම පොඩි කාලේ ඉඳන්ම නීරොගී ළමයෙක් නොවුන හින්දා සමහරවෙලාවට ජීවිතේ මගෙන් මඟ හැරෙන්න ඔන්න මෙන්න කියපු අවශ්තා ගොඩාක් තිබුනා. මට මතකයි පොඩි කාලේ මට පුංචි උණක් හැදුනත් අපේ අම්මයි අප්පච්චියි මාව අතේ තියාගෙනමයි ඉන්නේ. පොඩි කාලේ ඉඳන්ම මම ඉල්ලීම් දිනා ගන්න සමත් වුනෙත් මම ලෙඩ උනාම ගෙදර අයට තිබුන අපහසුතා වෙන්න ඕනේ. ඉස්සර පොඩිම කාලේ මම ගෙදර කා එක්ක හරි තරහා වුනොත් කෑම කන්නේ නෑ. ඉතින් පසුවදාට මම ලෙඩ වෙලා දොස්තර ගාවට එක්කන් යන්න ඕනේ. බෙහෙත් දෙන්නත් බෑ මම කෑම කාල නැති නිසා. ඔය වගේ වෙලා අන්තිමට මට උණ වැඩි වෙලා කිහිප පාරක්ම පියවි සිහියෙන් ඈත් වෙන හින්දා දොස්තරලා කියලා තිබුනේ මට උණ වැඩි වෙන්න නම් දෙන්න එපා කියලා. ඒ උනාට මම හරි ආසයි ඒ කාලේ මම ලෙඩ වෙනවට.  ඔය කාලෙම වගේ මාත් එක්කම සෙල්ලම් කරපු රසික මල්ලි පොල් කෑල්ලක් හොරෙන් කනකොට එයාගේ අම්මා බැන්නම බය වෙච්ච පාරට ඒක හිර වෙලා මියගියා. එවෙලේ අපේ අප්පච්චි රසික මල්ලිව උස්සන් දුවනවා මට අද වගේ මතකයි. ඒත් ඒ වෙනකොටත් කරන්න කිසිම දෙයක් තිබිලා නෑ.  එදා තමයි පලවෙනි පාරට අපේ අප්පච්චි අඬනවා දැක්කේ. එදා අප්පච්චි මට මතකයි ඔක්කොමලාට හයියෙන් බනිනවත් එක්ක ළමයින්ට හෙම අතක් උස්සන්න එපා කියලා. කොහොමත් අපේ ගෙදර කාටවත්ම අම්මවත් අප්පච්චිවත් ගහලා හදපු ළමයි නෙමෙයි. එකම එක දවසක් එයා අයියටයි අක්කටයි ගහනවා මට මතකයි. ඒත් පස්සේ එයාටම දුක හිතිලා එයාලාව වඩා ගෙන ඉන්නවත් මට මතකයි මම පුංචි කාලේ වුනාට.
     
  ඒ උනාට ඒකටත් එක්ක හරියන්නම අපේ අප්පච්චිට තරහා ගියාම අපි දිහා බලන බැල්මෙන්ම අපි දන්නවා අපේ සීමාවන්. කොහේ ගියත් එයා ගෙදරට එනකොට අපි කන්න ආස දේවල් උස්සගෙන ආවා. පොඩි කාලේ ඉඳන්ම තෝරා බේරගෙන කන පුරුද්දක් මගේ තිබුන හින්දා ඔය මොනවා ලැබුනත් මොකක් හරි අඩුවක් මට තිබුනා. කාලයත් එක්ක ඒක අදටත් මම ගාව ඉතුරු උනා කියලා මට හිතෙනවා. අල්ලපු ගෙවල් වල ළමයි මඤ්ඤොක්කා කනකොට අපිට කවදාවත් අම්මා ඒව කන්න දුන්නේ නෑ. මම හිතන්නේ අදටත් මම මේ වගේ දේවල් වලට වැඩියම ආස ඒ තහනම් කෑම වෙච්ච හින්දා වෙන්න ඕනේ. කොටින්ම අපේ වත්ත පුරා දෙල් ගස් තිබිලා බිම පිරෙන්න ගෙඩි වැටිලා තිබිලාවත් ආසාවටවත් ගෙදරදි ඒවා කන්න දුන්නේ නෑ.  හරියටම හේතුවක් නොදන්නවා වුනාට ඒවා කෑවම මම ලෙඩ වෙන මොකක් හරි හේතුවක් තිබ්බ කියලා මට මතකයි.
  පොඩි කාලේ මම කවදාවත් කඩේකින් කාලා නෑ. දැන් නම් කවුරුත් කීවටවත් විශ්වාස කරන එකක් නෑ මම බූන්දි දන්නේ මීට අවුරුදු හතරකට පහකට කලින්. වඩේ එහෙම කාලම නැද්ද කොහෙද ඉස්සර. හදිස්සියකට හරි කඩෙන් මොනවා කෑවත් විනාඩි දහයෙන් බොහ් ගාලා එලියට දාන හින්දා මම ම සෙල්ෆ් කන්ට්‍රෝල් වෙලා හිටියා ලොකු කලකදිත්.වෙන එකක් තියා අදටත් ඔය මොකක් හරි එකක් දැක්කම අනේ මට ඒක කන්න ඕනේ කියල උඩ පැනගෙන ගියාට මම දන්නවා ඒකා කාලා විනාඩි දහයකින් මට විඳින්න වෙන දේ. ඉතිරි කතා ඉතින් අහන්න ඕනේ නෑ නේ මම ඔය මගේ පරණ කතාවල ලියලා තියෙනවානේ. ඒ උනාට ඉතින් එහෙම කියලා ඔය දැක්ක ගමන් උඩ පැනගෙන අනේ මේක මට කන්න ඕනේ කියලා නොකියා ඉන්නේ නම් නෑ කවදාවත්.
     කොහොමත් අද වෙනකොට මම කන්නේ ලුනුයි වතුරයි දාලා තම්බන පාස්තා එකයි ඒකට චීස් කුඩු ටිකක් හා ඔලිව් ඔයිල් ටිකක් දාලා. අර මුහුදු කොල්ලකාරය කියනව වගේ රස නැත්තේ නෑ ඒක මට. නැත්නම් මස් එකක් නිකම්ම නිකම් පෑන් එකේ දෙපැත්ත දාලා ලුනු ටිකක් දාගෙන වගේ එහෙමත් නැත්නම් කොළ සැලඩ් එකක් වගේ දෙයක් තමයි හැමදාම මගේ ප්‍රධාන ආහාරය වෙන්නේ. ලංකාවට ගියත් සුදු බත් හෝ රතු බත් එක්ක කොළයි එළවළුයි විතරයි. කොහොමත් පොඩි කාලේ ඉඳන් අපේ අම්මා අපිට ඇති වෙන්න කොල කන්න හුරු කරලා තිබ්බ හින්දා මට බත් නැතත් තණකොළ හරි කන්න පුළුවන් තාම. ඒ උනාට ඉතින් කවුරු හරි මොකක් හරි ගමේ කෑමක් ගැන කිව්වොත් මම සඳරු වගේ ඔකඳ වෙන එකත් බොහොම සාමාන්‍යයි. අර ජනු හැලපා ගැන වැලි තලප ගැන කීවම අතීතයට ගිහින් ඒ රස හොයන්නෙත්, මම මඤ්ඤොක්කා ගහක් හිටවලා ආවම ඒක මට නොදී තනියම කනවා විතරක් නම් කමක් නෑ අපි මේ මඤ්ඤොක්කා කනවා කියලා අගේ කරන   මලී වගේ ඈයෝ එක්ක මට තියෙන්නේ එසේ මෙසේ තරහකුත් නෙමෙයි.
 
  මේ දේවල් ඔක්කොම එක පාර මතක් වෙන්නේ සමහර විට ඔය කෑම හින්දම ඔය තරම් පරෙස්සම් වෙලත් තියෙන ප්‍රශ්න  සමහරු වල ඉහගෙන කනවා වගේ මටත් තියෙනවා. පෙරෙයිදා කරපු ටෙස්ට් එකෙන් පස්සේ අර බොරුවට දැන දැනම ඇත්ත වහගෙන හිටපු පොශ් බුරු බබා, එක්තරා පංතියක් නියෝජනය කරන බුරු බබා, පොරක් වෙන්න ඕනේ හින්දා බ්ලොග් ලියන බුරු බබා, එහෙමත් නැත්නම් අනෙත් මිනිස්සු පස්සෙන් ගිහින් අනේ මාව පොරක් කර ගන්න කියලා අඬන බුරු බබා, පිට රටක ඉන්න හින්දා බොන මිනිසුන්ගේ වැරදි නොදකින බුරු බබා, තව සමහරු බුරු බබාගේ තියෙන මනුස්සකමට නිග්‍රහ කරලා අපිට එයාව ඇණයක් අපි එයාව ඉග්නෝ කරනවා වගේ ලොකු කතා කියන අයටත් , මගේ ඕන මෝඩ කමක් එක්ක මම කියන දේවල් කරලා අන්තිමට මල්ලි මට දුකයි කීවම තමුසෙගෙ මිනිස්කමයි අරකයි මේකයි හින්දා කවද හරි සර්පයින් ඇසුරු කරද්දි දැනගන්න ඕන උන් හපන බව කියලා ඔයා කවදාවත් යමක් ඉගෙන ගන්නේ නෑ අක්කේ කියලා මටම බනින අපේ මල්ලිගේ ආදරෙත්,ඕනේම වෙලාවක ඕනම රෑක කොයි තරම් වැඩ කරලා මහන්සි වෙලා හිටියත් ඔයාට කොහොමද මොකද උනේ අහන යාළුවන්ගේ ආදරේ මැද්දෙත් මොනදේ කොහොම වුනත් පොඩි වෙනසක් දැක්ක ගමන් Buru, chè ti ha successo?  non lo sapevi che esistono solo bastardi nel mondo è tu non capirà mai la vita cosi come. smetti di essere sta signora perfetta.  prega ti della umanita è tutto il resto කියන ඒමි වගේම  බොහෝ අය අස්සේ බැඳීම් ගැන ප්‍රශ්න ගැන නිරවුල්ව, බැනුම් අහගෙන කියවන්න හරි මට පුළුවන් කවදා කොහොම මේ දේවල් දාලා යනවද  ඒ දවස ළඟයි කියලා දැනගෙන හිනා වෙන්න බැරි උනාම අඬන්න හිතුනත් නිදහසේ ඒකවත් කරන්න බැරි වුනාම මේ වගේ කිසිම තේරුමක් සම්බන්දයක් නැති සටහනක් ලියන එක මට දැන් පුරුද්දක් වගේ.

   මට අමුතුවෙන් පොරක් වෙන්න උවමනාවක් නෑ.  බ්ලොග් එකක් නැති උනාට, මගේ උපන් ගමෙන්, රටෙන් ඈත් උනාට,සිංහල ස්කෝලෙ නොගියාට, මම සිංහලෙන් කතා නොකලාට, .  ආදරේ කරන කෙනෙකුට බැනලා හරි යමක් කීවට, පසුවදාට ඔයා කොහොමද කියලා අහන, ඕනෙම කෙනෙක්ගේ අපහසුතාවයක් දුකක් අසරණකමක් දැක්කොත් ඕනෙම උදව්වක් කරන ,  ආදරේ මනුස්සකම එක්ක හැබෑවට ගණුදෙණු කරන, කාටවත් රුපියලක් තරම්වත් වංචාවක් නොකර බොහෝම දුක් මහන්සියෙන් සල්ලි හොයන,  නිදහසේ මගේම කියලා ලෝකෙක ජීවත් වෙන, අවුරුදු 36 ක් වෙන මම හැබෑවටම පොරක් තමයි. මේ බ්ලොග් එකක් අස්සේ නොකීවට ඔය පොර සහතික ඕනේ තරම් මට තියෙනවා. ඉතින් අමුතුවෙන් ඕවා හොයන්න මහන්සි වෙන්න මට උවමනා නෑ.




17 කමෙන්ට්ස්:

Observer said...

මොකද හප්පේ මේ? මට නං අණ්ඩර දෙමළ

Bindi said...

Dont know what to say. Anyway feel sad about this.

නලිනි චන්දිමා said...

මොකක් නමුත් සිද්ධියක් මුල් කරගෙන ලිව්ව පෝස්ට් එකක් වගෙයි.
මම මෙහෙම විතරක් කියන්නම්: අනික් මිනිස්සු අපි ගැන හිතන විදිහ ගැන කරදර විය යුතු නැත.

Chanaka Aruna Munasinghe said...

එන්නද ගොහින් බොරු කී කොල්ලන්ට තලා ?

පොත් ගුල්ලා said...

මටත් හරියට හිතා ගන්ඩ බැහැ. ඒ උනාට ලියල තියෙන දේට කැමතියි. හිතට දුකක් දැනුනා. බූරු බබා තුලින් මගේම අතීතය දැක්ක වගේ හැගීමක් ඇති උනා. වර්තමානෙත් වැඩි වෙනසක් නැහැ. එකම වෙනස මම තාම අම්ම ළඟ ඉන්න එක.

ItalyDilan said...

සිද්ධිය ගැන යම් ප්‍රමානෙකට දකින කෙනෙක් විදිහට අර නලිනි අක්කගේ උත්තරේ තමා වඩාත් ගැලපෙන්නේ....

Il mondo di una povera pazza said...

@observer,
සමා වෙන්න. මේක අවුලෙන් ලියපු එකක් තමයි. මටවත් මේකේ තේරුමක් නෑ අන්තිමට.

@බින්දි, එහෙම දෙයක් නෑ බින්දි. මම හැමදේම එකම විදියට දරාගන්න කෙනෙක්. ඉඳලා හිටල සීමාවෙන් ඔබ්බට ගියාට.

@නලිනි,
අපොයි ඔව් නලිනි. කවුරුවත් හිතන දේවල් ගැන හිතලා ජීවත් වෙන්නේ නෑ මම, ඒත් නිහඬව ඉන්න ගියාම අර පස්සෙන් එනවා වැඩි උනාම ඇති උනා. දැන් සේප්. ස්ට්‍රෙස් අඩුයි.

@මකරා, අනේ ඕනේ නෑ. මට ඕනේ තරම් වැඩ තියෙනවා හපා කනවට වඩා. හික්ස්

@පොත් ගුල්ලා,
ඔව් මම ඇත්තටම ලීවේ මගේ ළමා කාලය ලියන්න තමයි. මේ දේවල් එකිනෙකට සම්බන්දයි. ලෙඩ වෙලා අවුල් වුනාම වෙන පොඩි දෙයක් වුනත් අපිව වෙනස් කරන්න පුළුවන්. මගේ එවෙලේ හැඟීම එලියට දාපු එක තමයි මේ වුනේ.

@ ඩිලාන්,
ඔව් මටත් එහෙම කිසිම වෙනස් දෙයක් හිතුනේ නෑ. ඒත් බල්ලෝ වගේ පස්සෙන් එනකොට මගේ සීමාව දැක්කේ නෑ.
හැමෝම සමා වෙන්න.

සරත් ලංකාප්‍රිය said...

ඉඳ හිට ඔය වගේ රිඩ්ල් ලියවෙනවා. ලිවුවේ මොන ඉලවුවකටද කියල පස්සේ හිතෙන වෙලාවලුත් තියෙනවා .. ජීවිතේ කියන්න රිඩ්ල් එකෙක් තමයි.

පිණිබිඳු... said...

මොන හේතුවකට ලිව්ව එකක්ද කියල හිතා ගන්න බෑ රංගි අක්කෙ. ඒත් "නොසැලී නමුණුකුල" හොඳේ. ඔය තහනම් කෑම කිව්වම මතක් උනේ. පොඩි කාලෙ මට සෙම නිසා අයිස් සම්බන්ධ කිසිම දෙයක් කෑම තහනම්. ඒත් ඉඩ ලද හැම වෙලාවකම ෆ්‍රිජ් එකෙන් අයිස්මයි කන්නෙ මම දැනුත්.

Il mondo di una povera pazza said...

@ලංකාප්‍රිය,
අනේද කියන්නේ. කරන්න බැඩ නැති උනාම....

@පිණිබිඳු,
අපි පොඩි කාලේ ෆ්‍රිජ් තිබ්බේ නෑ නංගි. ඒත් උණුවතුර නිවලා විතරයි බොන්න දුන්නේ. මම ඉස්සර හැමදාම හොරෙන් ඇල්වතුර බොනවා.
දැන් ඔය පෙරේතකමට ඕවා කන්න ගියාට කාලා විනාඩි දහයකින් විතර අරහේ රිදෙනවා මෙහේ රිදෙනවා කිය කියා ඉන්න තමයි වෙන්නේ. ඒ උනාට දැන් නම් මම ලංකාවට ආවාම අපේ අක්කා මම කියන ඕනෙම දෙයක් හදලා දෙනවා. දඟ වැඩත් ඉස්සර වගේමයි. ඔය ලොකු කතා
කීවට මම ගෙදර ගියාම තාමත් පොඩි එකා තමයි.

Grey said...

අද තමා මුලින්ම මේ අඩවියට ආවේ. ලස්සනට ලියල තියෙනවා. පොඩි කාලේ මටත් කඩෙන් කන්න දෙන්නේ නෑ ඔය ලෙඩේ නිසාම හැබැයි පහු පහු වෙනකොට අර කොල්ලුපිටියේ තියෙන සයිවර් කඩවලින් කාලද කොහෙද දැන් නම් ඕනෙම එකකට බඩ පදම් වෙලා තියෙන්නේ.
ලංකාවේ කෑම නම් මතක් කරන්න එපා දුක හිතෙනවා. මෙහෙ තියෙන අතලොස්සක් වගේ ලංකාවේ කඩවලින් උනත් කටට රසට කන්න අමාරුයි. මුන් සුද්දගේ රසට කෑම හදල ලංකාවේ ගතිය නෑ. අනික දැන් පුරුදු වෙළද කොහෙද ඔය ලුණු මිරිස් නැති කෑම වල එහෙම කියන්න තරම් ලොකු අවුලක් දැන් දැනෙන්නේ නෑ. දැනුන කියලත් ඉතින් මොනවා කරන්නද කනවා මිසක් බඩගින්නට.

Il mondo di una povera pazza said...

@
මම නම් ඉස්සර ඉඳන්ම ඉඩ ලැබුනු වෙලාවට ඔබව කියවන කෙනෙක්. කොහොමත් මම බ්ලොග් වල කොමන්ට් කරන්න අකැමතියි. හේතුව මම අදටත් ලියන කෙනා ලියන දේම තේරුම් ගන්න තරම් සිංහල නොදැන සිටීම. වෙන මොකක් හරි කියවලා තිබ්බොත් කියලා. ඒත් මම දන්න කියන එහෙම ඕනෙම දෙයක් කිව්වට අවුලක් නැති තැන් වල මම මට හිතෙන දේ ලියා එනවා.

කියලා වැඩක් නෑ. ඒක හරියට නිකම් අපි ඈත ගමක ගිහින් පීට්සා කෑවා වගේ. කොහොමත් මම ගමේ කෑම කන්න ආසා ආදරේ එක්ක මිසක් බඩ පිරෙන්න නෙමෙයි. අදටත් මම මගේ ගෙදර ගියාම යාළුවන්ගේ ගෙදර ගියාම කුස්සියටම ගිහින් කන කෙනෙක්. මට කවදාවත් මේසෙ තියලා තියෙන කෑම වලින් රස එන්නෙත් නෑ. සමහරවිට මේ අපි අපේ ළමා කාලය එක්ක ජීවත් වෙන්න තියෙන ආසාව වෙන්න ඕනේ.

මාතලන් said...

මොකද අනේ මේ තනිකන් දෝසයක්කද්ද...?

පූසා said...

ඔව් නලිනි අක්කා කිව්ව විදිහට හිටියනම් හරි අක්කේ!

Il mondo di una povera pazza said...

@මාතලන්, දන්නවනේ උපතින්ම පිස්සුනේ මචන්.

@ පූසා,ඔව් මල්ලි. දන්නේ නැද්ද යකෙක් මේ පැත්තෙන් ගියා. ඒ වෙලාවට විතරයි.

දිනුක ජයකොඩි said...

කොහෙද යන්නෙ මල්ලෙ සොසේජස් ජාතියෙ එකක් නෙව මේ පෝස්ට් එක.ස්කෑන් එකෙං මොකුත් අහු උනාද? මම හිතන්නෙ අක්කේ ඔයාටත් හරි යන්නෙ මගේ ජීවන දර්ශනය. 'දැං ජීවත් වෙන්න, මොකද ඊළඟ මිනිත්තුව ෂුවර් නෑ'........

වජිරදේවි said...

No need to worry about everything u'v done..live every second like it was ur last one..