සෙනසුරාදා කියන්නේ ඉතින් ගෙදර ඉන්න දවසනේ... එදාට තමයි ඉතින් ගොඩාක් වෙලාවට සුපර්මාකට් යන්නේ, එළවළු පළතුරු ගන්න පොලට යන්නේ වගේ ගොඩාක් නිවාඩු පාඩුවේ කරන්න පුළුවන් දේවල් කරන්නේ. කොහොමත් මේක තමයි බොහෝ වැඩ කරන අයගේ තත්වය. ඒත් මම නම් ඔය ඔක්කොම කරන්නේ මට හිතුනොත් විතරයි සෙනසුරාදාට. මට කම්මැලියි වගේ නම් එදාටත් මම නම් පිජාමා බේබි තමයි. මේක තමයි මම තනියෙන් ජීවත් වෙන්න ආස කරන මූලිකම හේතුව. කොටින්ම නිදා ගත්තෙම නැතත් එදා ආයේ කවුරු ආවත් දොරවත් අරින්න මම කැමති නෑ.
අනිත් එක මෙහේ කලින් නොදන්වා ගෙදර බෙල් එක ගහන්නේ ලියුම් නම් විතරමයි. එහෙම නැත්නම් ඔය හෑන්ඩ් බිල් වගේ ඒවා වලටත් ඒ අය කාගේ හෝ ගෙදරකට බෙල් එක ගහල කොන්ඩොමීනියල් එකට එන්න උත්සාහ කරන අය. එහෙම නොවුනොත් ඉතින් බයිබලේ මිනිස්සු.
අර කිවුවා වගේ නිදාගෙන හිටියත් කවුරු හරි බෙල් එක ගහද්දි මුලින්ම හිතන්නේ පෝස්ට්මන් ඇවිල්ලා ඉතින් අත්සන් කරලා ගන්න ලියුම් ඇති කියලා එක පාරට දුවගෙන ඇවිත් කවුද අහන එක සාමාන්‍ය සිරිතක්. මොකද ඔය අත්සන් කරලා ගන්න ඕන ලියුමක් නැතිනම් ආයෙ ඒක ගන්න පෝස්ට් ඔෆිස් එකටම යන්න වෙනවා. ඒක හරිම කරදරයක්.
කොහොම උනත් අපි පුරුදු වෙලා ඉන්නේ ගෙදරකට එක පාරටම යන්න කලින් කෝල් කරලා කොහෙද ඉන්නේ මොකද කරන්නේ ෆ්‍රී වගේ නම් එහෙනම් මම මේ ළඟපත ඉන්නේ තව ටිකකින් එන්නම් කියන එකනේ. (හොඳම යාළුවෙක්ගෙ නම් ෆ්‍රී නොවුනත් ගෙදරකට බලෙන් හරි යන එක සාමාන්‍යයි. ආයේ පිජාමා එකෙන් වුනත් එයා පිළිගන්න බැරි ප්‍රශ්නයක් නෑ නේ.)
ඔය වගේ ඉතින් ඔය දෙවියන්ගේ පණිවිඩේ අරන් එන මිනිස්සු එක්ක මට තියෙන්නේ පුදුම තරහක්. ඒ මම ඒ ආගම් ප්‍රශ්නයක් හින්දා හෙම නෙමෙයි. ඒ ඒ අය ඒ අය කැමති එකක් අදහා ගන්න එකේ වරදක් මට පේන්නේ නෑ. ඒත් එයාල දෙවියන්ගේ දූතයෝ වෙලා මගේ ගෙදර බෙල් එක ගහන එකට මම තරහයි.
මේ වගේම මම කරන වැඩ හරහා ගොඩාක් අය මගේ ගෙදරට එනවා. කොටින්ම කලින් ඇපොයින්මන්ට් එකක් ඇතිව. එහෙම නැත්නම් මට කෝල් එකක් නොදී කිසිම කෙනෙක් මාව හමුවෙනවට මම කැමති නෑ. මේ බොහෝ අය මගේ යාළුවොත් නෙමෙයි. රාජකාරි සම්බන්දතා විතරක් හින්දා මම දන්න හඳුනන අය.
දැන් ටික දවසක ඉඳලා මගේ ගෙදර බෙල් එක නිතරම වදිනවා. කොන්ඩෝමිනීයල් එකේ එන්ට්‍රන්ස් එක නෙමෙයි කෙලින්ම මගේ දොර ඉස්සරහා. දවසක් දෙකක් මම කව්ද කියලා බලල හොරෙන් හැංගිලා වගේ හිටියා. කොහොම හරි මේ ළඟදි දවසක නිදිමතේම අර බෙල් එක වදිනවා ඇහිලා ඇවිත් දොරත් ඇරලා. බලද්දි මගේ ඉවසීමේ එහා යන දෙයක්........ අහන්න දෙයක් නෑ නේ......
මට මතකයි බින්දි ලියලා තිබ්බ කතාවකට මම කියපු කතාවක්... පාරේ දැක්කම අහක බලාගෙන යන්නේ මෙන්න මේ වගේ නිසා....
(image by)


14 කමෙන්ට්ස්:
ඒත් ඉතින් දොරට ඇවිත් ගැහුවේ කවුද කියලා කීවේ නෑනේ. මෙහෙත් ඔය දෙවියන් වහන්සේ ගැන කියන්ට එන අය එන්නේ සෙනසුරාදා දවස්වලට තමයි. දැන් නම් දන්නවා දොර නෑර ඉන්ට. වැරදිලාවත් ඇරියොත් සල්ලි කීයක් හරි දීලා 'මම බුද්ධාගමේ' කීවාම වැඩේ ෂේප්.
මොකද මේ ගෑනු උදවිය නිවාඩු දවසට පිජාමා එකෙන් ඉන්ට කැමති. මාත් ඔහොමමයි...:D:D:D
හොද වෙලාවට මෙහේ නම් ඔය කියන ආගම් ප්‍රචාරය කරන්න එන අය නෑ. එහෙම උනා නම් එපා වෙනවා.
අනේ හෆ්ෆේ මත ලොකු උනාම ඔහොම තනියම ඉන්නවා ..හරිම සොඉ .... :D දැනටත් ලොකුඉ ඉතින් .... :)
ඔය සියලු දෙවි දේවතාවුන්නාන්සේලා අතරින සර්වබලධාරි දෙවියො තමයි නූතනම එක්කෙනා. එයා හෙන මොඩ්. මොඩර්න් මාකටින් සිස්ටම් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒකනේ ඔයාව බලන්න සේල්ස් රෙප්ලා එවල තියෙන්නේ... :D
ඉතිං කව්ද ඔය දොරට ගහපු එකා... කියන්නේ නැද්ද අපිට....මං නං ඔය ප්‍රශ්ණ නැහැ.. මං දවස් හතම වැඩ...
දෙය්යන්ගේ පිහිටයි මෙහෙනම් දෙය්යෝ දුතයෝ එවන්නේ නැහැ . අපිනම් ඉතින් සෙනසුරාද ෆුල් බිසී . ආයේ පිටින් එන්න ඕන නැහැ . ඒ මදිවට ටෙනිස් ගහන්න පීනන්න එකී නොකී එව්වට ළමයි අරන් යන්න එපාය . සතියේ දවස් පහ නම් ඉතින් කඩේ යන වගේ වැඩක් නැත්නම් මන් මගේ පාඩුවේ ඉන්නවා . පිළිගැනීම් කවුන්ටරෙන් බව්වෙක් වත් එවන්නේ නැහැ නොකියා . තනි ගෙදරකට නොයන්නෙත් ඔය හින්දා තමයි.
ඔයා වගේ තනියම ඉන්න ගෑනු ලමෙක් වැඩි බජනෙට නොයා හිටියට පාඩුවක් නැහැ . තනියෙන් ඉඳිද්දී නිදහස වුනාට පරිස්සම් වීමේ වගකීමත් තමන්ටමනේ . දැන් ඔය ආවේ මොකාද කියන්නේ නැද්ද
ළගදි වෙන්නට තිබෙන දේශසිමා පැන්නීමෙන් පස්සේ ජීවිතේ වෙන්නට ඕන වෙනසකම් කිහිපයක් ගැන ඉගෙන ගත්ත මේ ලිපියෙන් ...
@පොකු,
හික්ස් අපි එහෙමයි නේ...
@මධු,
පුදුමයි මට නම් ලංකාවෙදිත් හම්බ උනානේ.
@බින්ගෝ,
ඔව් ඔව් තනියම ඉන්න ලෑස්ති වුනාට කමක් නෑ... හැබැයි ලොකු වෙලා.
@හරේ,
ඔව් ඉතින් සර්ව බලධාරි මම වගේ කෙනෙක් ගාවටම දෙවියන් වහන්සේගේ මාකටින් පොරවල් එන්නේ ඒක නිසා වෙන්න ඕනේ... මේ එයාල ගැණ නෙමෙයි...
@ බින්දි,
කලින් නම් අපෙත් රිසෙප්සන් එකෙන් කවුරුවත් ඇතුල් වෙන්න දෙන්නේ නෑ.. දැන් ගොඩාක් රෙසිඩන්ස් වල ලෝ කොස්ට් ප්ලෑන් හින්දා රිසෙප්සන් නෑ නේ..
තනියෙන් මගේ ආරක්ශාව සම්බන්දයෙන් නම් මට කවදාවත් ප්‍රශ්න නෑ.. මේ කියන්නේ අර අපේ කම අපේ රට හින්දා තියෙන ප්‍රශ්නයක්.
@බස්සා,
ඒකනේ. මමත් දැන් සෙනසුරාදාටත් පාට් ටයිම් ජොබ් එකක් හොයා ගන්නවා.... එතකොට ඉවරයි ප්‍රශ්නේ..
@මහෙශ්,
අපොයි ඔව් මහත්තයෝ. සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මේක ලොකු කමට කියනවා කියලා. අනේ නෑ. අපි අපේ නිදහසට හරිම පෙරේතයි.
ඔහොම තමයි මෙයා ඉතිං ඕවා..! ඔන්න ඔහේ ඔයා හොර ගෙඩියා වගේ ඇතුලට වෙලා ඉන්න දොර අරින්නේ නැතුව. එතකොට ඔයා ගෙදර නෑ කියලා හිතලා යයි!
මමත් ගෙදර ගියපු දවසට නම් කම්මැලි හිතුනොත් මොකෙක් හරි දොර කඩන්න හැදුවත් මම නෙමෙයි දොර අරින්නෙ. අම්මගෙන් අනන්ත බැනුම් අහල තියෙනව ඔය වැඩේට.
දෙයියෝම ඇවිල්ල දොරට තට්ටු කළත් ඉතිං දන්නේ නෑ නේද?
මමත් දොරනම් අරින්නෙ නෑ මොකා ආවත්. මොන මගුලක්ද? මෙහෙ මගෙ ෆ්ලැට්ස්වලට නාවත් දෙය්යන්ගෙ සේල්ස් රෙප්ස්ලානං අනන්ත ඉන්නවා ලංකාවෙ. ඒ මදිවට "මේක විසි කළ අය ලෙඩ වෙලා මැරුණා" ජාතියෙ දේව ලියුනුත් දොර අස්සෙන් වැටෙනවා. අහළ පහළ ගෙවල්වල ඉන්න අයටත් නා නා ප්‍රකාර හේතු තියනවා දොරට ගහන්න- අලුතෙන් කුණු බක්කියක් හදනවය; ගේ පිටිපස්සෙ කැලේ වෙලාය; අරකය මේකය.
ගෙදර ඇවිල්ලත් නිදහසේ ඉන්න නැති වුණහම මටත් තරහා යනවා.
Post a Comment