Header image

Status messages හින්දා වෙන අවුල්

ලිව්වේ Il mondo di una povera pazza 8.30.2011

   මාව වෙව්ලනවා.
මම හොඳටම භය වෙලා.
ඒ විතරක් නෙමෙයි දාඩියත් දානවා භය වෙච්ච පාරට. 

   අනේ මන්දා ඔන්න ඔය මලී වගේ කෙනෙක් වෙන්න මට බැරි වුනානේ.


   පසුගිය දවස් වල මම හිටියේ හුඟාක් අවුල් වෙලා. තාම ඒ හැටි කියලා වෙනසක් නෑ.  මගේ ෆේස් බූක් එකේ ස්ටේටස්, බස්, බ්ලොග් ඒවා මේවා ඔය මගේ යාළුවෝ කියවනවා.  (ෂික් මටත් ඔය හැම මඟුලක්ම ඕවායේ නොදා ඉන්නම බෑ නේ. )
    මෙන්න මේ වගේ මොකක් හරි එකක් දැකලා මගේ යාළුවෙක් කෝල් කලා.  කැමති වුනත් නැතත් ඇවිත් හම්බ වෙන්න කියලා කීවම ඉතින් මේ මම වගේ පොඩි එකෙක් නොයා ඉන්නයැ. එහෙම ගිහින්   කතා කර කර ඉන්න ගමන් මේ දවස් වල මගේ ජීවිතේ සිදුවෙන දේවල් කතා වුනා. කොහොමත් මට ඉන්න බොහොමයක් මගේ යාළුවෝ මම වගේ නෙමෙයි. බොහොම ලොකු දේවල් කරපු මිනිස්සු. ඒ වගෙම මට අනුව දිරිය ගැහැණුන්. සමහර වෙලාවට මම මේ කියන මගේ යාළුවෝ දිහා බලල හිතන්නේ හීනෙන්වත් මටත් උන් වගේ වෙන්න පුළුවන් උනා නම් කියලා.  ඒ වුනාට ඔය මගේ යාළුවෝ හිතන්නේ මම හෙන වටිනා කියන පොරක් කියලානේ. කොටින්ම මේ අය ඔය ලංකාවේ කවුරු හරි පාරේ දැක්කත් මගේ හොඳම යාළුවෙක් ඉන්නවා  රංගි.එයා මේ මේ දේවල් කරන කෙනෙක් උඹලාටත් උදව් ඕනේ නම් කතා කරන්න පුළුවන් කියලා මගේ නම්බර් එකත් දෙන ජාතියේ එවුන්. කොටින්ම මම කරන දේවල් මටත් වඩා අගය කරන්නේ ඒ අය. නැතුව ඉතින් මම අගය කරන්න පුළුවන් දේවල් කරනවැයි.

   
     ඊයේ හවස මට මේල් එකක් ආවා රංගි උඹට අර අසවලා කතා කරයි. අප්පා මම ඔය වගේ කෙනෙක් මට කතා කරයි කියලා හීනෙන්වත් හිතලා තිබ්බේ නෑ. අනිත් එක මම දන්නවනේ මගේ යාළුවෝ දැන් මම ගැන දෙන පොර ටෝක් ටික. කොහොමත් ඉතින් (අර ඉහත කියපු යාළුවා ප්‍රසිද්ධ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. ) මට ඔය ආහාර හා බීම රටා ගැන තියෙන්නේ ඉහවහා ගිය ආසාවක්නේ අනික මම හිතන්නේ මගේ බොහොමයක් හීනවල ඒ කාලේ තිබ්බේ කවදාහරි දවසක මගෙම තැනක (අපේම) ඔය වගේ දේවල් කරන්නනේ. හීන හීනම වුනා මිසක් පස්සේ කාලෙක මට ඒවා මතක් කරන්නවත් හිතුනේ නෑ.
       දැන් ටික වෙලාවකට කලින් මට කතා කරලා මේ අහවලා නේද කියලා අහලා මම ඔව් කීවම  එහෙනම්  මම උඹ කියලාම කතා කරන්නම්. ( අපේ භාශාවෙන් කෙනෙකුට උඹ කියන්නේ ලොකුම හිතවත්කමක් තියෙනවා නම් විතරමයි) උඹ ගැන මට අසවලා කීවා. හරිම සංතෝසයි. උඹ එයාගේ යාලුවෙක් කියන්නේ ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ මගේත් යාළුවෙක් තමයි කියලා මෙන්න අර කියපු කෙනා මාත් එක්ක කාලයක් දැන හැඳන් හිටිය කෙනෙක් වගේ කතාව. පැයක් විතර ඉතින් එයා කතා කරා. මම හ්ම් හා කියනවා විතරයි. වෙන මොනවාවත් කියවුනේ නෑ අදහාගන්න බැරිකමට.

       මේ කියන කෙනා අළුත් ව්‍යාපාරයක් පටන් අරගෙන. එයාගේ වචන වලින් නම් එයාට නිකම් හිතුනා ටෙස්ට් රයිඩ් එකකට බැස්සාලු. එයා බලාපොරොත්තු නොවූ  විදිහට මේ කියන බිස්නස් එක ප්‍රමෝට් වෙලා. එයාගේ රස්සාව එක්ක කිසිම සම්බන්ධයක් නැති මේ අලුත් ව්‍යාපාරය එයාට තනියම පරිපාලනය කරගන්න බැරි නිසා තමයි ඉතින් මට කතා කලේ. එයා කියන විදියට ඉතින් මට සහකරුවෙක් වෙන්න නම් මගේ කැමත්ත විතරයි ඕනේ. කොටින්ම මට මේක හීනයක්. අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන ඉඳල අන්තිමට මටම එපා වෙලා අතෑරලා දාපු හීනයක් සැබෑ වෙලා මගේ පස්සෙන් ඇවිත් 'වරෙන් මචන් බැහැපන් බෝට්ටුවට' කියනවා වගේ තමයි.
 ඒ විතරක් නම් කමක් නෑ මෙන්න මෙහෙමත් කියපි මම දන්නවා අපි ශක්තිමත් ගැහැණු. උඹට මම අළුතෙන් කියන්න දෙයක් නෑනේ. හෙට වරෙන් අපි හම්බවෙලා කතා කර ගමුකො කියලා ෆෝන් එක තිබ්බේ.

    ඇත්තෙන්ම මම තාමත් මේ වෙව්ලනවා. මම දන්නේ නෑ ඔය කියන තරම් ලොකු දුරකට යන්න ටැලන්ට්ස් මට තියෙනවාද කියලා. අනික රස්සාවකටත් වඩා ආදරෙන් මම කරන්න කැමති දෙයක් ඔයා ආහාර සම්බන්ධ දේවල් මට. ඒක නිකම් හරියට ළමෙක් හදනවා වගේ වැඩක් මට.

       මම වගෙ වැඩ බැරිදාස කෙනෙක් මොන මගුලක් ඉස්සරහට කරයිද කියලා බලන්න ඉතින් මටත් ටෙස්ට් රයිඩ් එකකට යන්නම වෙනවා. චොයිසස් දෙකක් නෑනේ මට. ඒ විතරක් නෙමෙයි ආයේ නම් උඩ බිම බලල මිසක් බ්ලොග්, ෆේස් බුක් හා බස් ස්ටේටස් දාන්නේ නම් නෑ. හොඳ වෙලාවට මගේ යාළුවන්ට සිංහල බෑ. නැත්නම් හිතාගන්න පුළුවනිනේ.


  (ෆොටෝ එක ඉල්ලගත්තේ ගූගල් මාමාගෙන්)

20 කමෙන්ට්ස්:

මාතලන් said...

කොන්ග්‍රැට්ස්.. බය නැතුව පලයන්..
සියළු ශක්තිය ධෛර්යය ලැබේවා...!!!

Il mondo di una povera pazza said...

@Maa, Thanks machan

ChammA said...

සිරාවටම මාතලන් කිව්වා වගේ බය නැතුව යන්න...සුභ පැතුම් මචන්

malee_msg said...

අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු!!! මරුනේ හලෝ! ඕකට තමයි සිංහලෙන් දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කියන්නේ..! ඔහේ නම් මොනා කියනවාද මන්දා..!
බෙස්ට් ඔෆ් ලක් මචං..! අඩෝ ඒවුනාට බටර් ගාන එකේ සීමාවක් තියනවා!

Il mondo di una povera pazza said...

@Cham, ස්තුතියි.

@මලී, මොකක්ද බටර් කතාව? තේරුනේ නෑ.
ඔව් කොහොමත් බෑ කියන්න බෑ කරන්නම වෙනවා. ඒත් ඉතින් අනිත් රස්සාවත් කරන ගමන් තමයි මේකත් කරන්න ඉන්නේ. බලමුකෝ නේ ඉස්සර වගේ නෙමෙයි දැන් මට වයසයි. ඔය හැම මගුලක්ම කරන්න භයයි මම දැන්.

Bindi said...

Dreams come True කියන්නේ ඕවටනේ . අතගහලම බලන්න . සුබ පැතුම්

Podi Kumarihami said...

ඉස්සල්ලාම කියන්ට බලන්ට රංගි කියන්නේ මචන් කෙනෙක්ද මචී කෙනෙක්ද කියලා. ඔන්න පොඩ්ඩක් පැටලිලා ඉන්නේ කට්ටියගේ කමෙන්ට්ස් නිසා.

ඒත් සුබ පතනවා......:D:D:D

Il mondo di una povera pazza said...

@ බින්දි
මේක එහෙම කියන්න පුළුවන් දෙයක්ද මන්දා... මොකද අනාගත්තොත් එහෙම....
ස්තූතියි බින්දි.
@පොකු,
ඔයා අහපු කතාව තේරුනේ පස්සේනේ. කොටින්ම මම කියන වචනවල තේරුම හරියටම මම දන්නේ නෑ. ණයට ඉල්ලගත්ත භාශාවක් හින්දා ඔහොම ඒවා වෙනවා. ඒත් ඔයා කියපු වචනය මට හුරු නෑ වගේනේ.
ඔය මචන් කෙනෙක් වගේ ටිකක් විතර විකාර වැඩ කලාට මම මචියෙක් හොඳේ...
බොහෝම ස්තුතියි නිතර නිතර මාව පස්සේ ඇවිත් මම ගැන හොයලා බලනවාට.

නලිනි චන්දිමා said...

වැඩේට බහිමු, වැඩේට බහිමු. වටේ ඉන්න යාළුවො ඔයා ගැන හිතන් ඉන්න විදිහ හරි වෙන්න ඕනෙ. අනික ඔයා ආස දේකුත්ලුනෙ.
කරන කියන සියල්ල සාර්ථක වෙවා.

මධුරංග said...

වඩේට බහින්න මගෙනුත් පොඩි තල්ලුවක් !!!
සුබ පැතුම්

පිණිබිඳු... said...

දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ මේ වගේ දේකට වෙන්න ඇති නේ. සුභපැතුම් අක්කේ..

Il mondo di una povera pazza said...

නලිනි, බලමුකෝ මේ දවස් වල බිස්නස් ඇනලයිස් කරනවා. සෙට් නම් කරන්න තමයි ඉන්නේ. ඒත් ඉස්සර වගේ නෙමෙයිනේ දැන් වගකීමේන් වැඩ කරන්න එපැයි.
තැන්කිව් නලිනි.
පිණිබිඳු හා හා දෙවියෝ දෙන හැමදේම ගන්න හොඳත් නෑ ළමයෝ.. මේ ආර්ථිකේ අවුල් කාලේ. බොහොම ස්තුතියි.
මධු, තෑන්ක්ස් මල්ලි.

තනෝජා රාජපක්‍ෂ said...

තමන් ආසා කරන දේ නොව කරන දෙයට ආසා කරන්න කියල අහල තිබුනත්...

ආසා කරන දේම කරන්න ලැබෙනවයි කියන්නේ සතුටු හිතෙන දෙයක් තමා... වගකීමෙන් කරන්න... හොඳට හොයල බලලා... එතකොට වැරුද්දක් වෙන්නෙ නෑ... සුභ පතනවා හැමදේම හොදින් ඉෂ්ඨ වෙන්න කියලා.... :)

Il mondo di una povera pazza said...

තනෝජා බොහොම ස්තුතියි.

hare :-) said...

යකෝ මේක කියෙව්වෙ පස්සෙනේ... දැන් ඉතිං හිත හිත ඉන්නෙ මොකටද? වැඩේ ඉන්ටරෙස්ලිං වැඩක්නං අපටත් කියනගමන් පටංගන්නයි තියෙන්නේ...

දුමී said...

රංගි, පීනන්න නම් වතුරකට බහින්න ඕනේ... අපිට බුදු ෂුවර් අනිවා, රංගිට මේක කරන්න පුළුවන්....!

මැණික් said...

කැමැත්තෙන් කරන හැම දෙයක්ම සාර්ථක වෙනවා. මොකට වෙව්ලනවද? සුබ පැතුම්.!!!
මැණික්

හිම කුමාරි said...

මංනම් පරක්කුයි වගේ.. ඉතිං දැං වැඩේ පටන් ගත්තද..? මං හිතන්නෙ පටන් අරං... ජය!!

සරත් ලංකාප්‍රිය said...

සද්ද නැත්තේ වැඩේ පටන් අරන් වෙන්න ඇති..

Il mondo di una povera pazza said...

@all, සමාවෙන්න උත්තර නොදුන්නට. තවම මම තීරණයක් ගත්තේ නෑ. මේ වෙද්දි මා හඳුනාගත් දේවල් මත මා අකැමති බවක් තමයි මට හිතෙන්නේ.....