Header image

  හප්පා මගේ බ්ලොග් එක පුරා මකුළු දැල්.

   කොහෙද ඉතින් මේ දවස් වල බ්ලොග් තියා ගෙදර තියෙන කෑම එකවත් කන්න වෙලාවක් නෑ නේ බුරු බබාට.  ඒක ඉතින් අර කලින් දාපු සටහනෙත් මම කිව්වනේ. ඒ වුනාට මේ දවස් වල බුරු බබාට අලුත් ටෝයියෙක් සෙට් වෙලා. ටෝයියෙක්ම නෙමෙයි මේ පාර ලංකාවට ගිහින් බුරු බබා හරේ බෝයි එක්ක ගියානේ පොත් සංචාරයක්. කොටින්ම මේ බ්ලොග් ලියන මිනිස්සු මාව අන්ත අසරණයෙක් කරලා තිබ්බේ ඔය සුනේත්‍රා ගැනයි අරයා ගැනයි මෙයා ගැනයි කියලා. කොහොම හරි මේ වෙද්දි පොත් කියවන්න තරම් මගේ සිංහලත් හොඳ හින්දා වෙනදාට අනිත් අයට පොත් ගන්න ලංකාවේ පොත් කඩවලට යන මම මෙදා නම් ගියේ මම වෙනුවෙන්මයි. කොටින්ම ඒ ගමන නිවාඩු එන්නත් කලින් මලීට කිහිප පාරක්ම කියලත් තිබ්බා මාව පොත් කඩේකට එක්කන් ගිහින් පොත් අරන් දෙන්න කියලා.
 
       කොහොමහරි ඔය ඉහල කියපු ගැහැණු ළමයා busy  හින්දා මම ඉතින් හරේ බෝයි එක්ක ගියේ ගොඩගේ හෝ සරසවි යන්න වෙන්න ඕනේ. ඒත් එදා ජනවාරි මාසේට යෙදෙන හඳ පිරිච්ච දවසක් නිසා පොත් කඩ ඔක්කොම වහලා. අන්තිමට යම්තම් භාගෙට දොරවල් වහමින් තිබුන සමයවර්ධන එක තමයි අපිට පිහිටට හිටියේ.

 
 හප්පා ඒක අස්සේ පොත් හොයන්න මට තේරුමක් තිබ්බේම නෑ. කොහෙද එහෙන් මෙහෙන් උවමනාවට එපාවට දාලා තිබ්බ පොත්. ඒත් සුනේත්‍රා හොයාගෙන ගිය ගමනේ වරදක් වුනේ නෑ. ගෙඩි පිටින්ම එතන තිබ්බ සුනේත්‍රාගේ ඔක්කොම පොත් ටික උස්ස ගත්තා ඒ විතරක් නෙමෙයි එතන හිටපු ශයාම් සෙල්වදුරෙයි, සුමිත්‍රා රාහුබද්ධ අනුලා ද සිල්වා සන්නස්ගල හා වෙඩ්ඩගේ පොතකුත් ගත්තා. කොහොමත් ඉතින් බුරු බබාට අවබෝධයක් තිබ්බේ නෑ මොන වගේ පොත් එයාට කියවන්න හැකිවෙයිද කියලා.
  මතක විදියට on line  ජීවිතේ බුරු බබා මුලින්ම කියවන්නේ බත්තලාංගුණ්ඩුව. ඒ කාලේ sl-unlimited එකේ පොතම ස්කෑන් කරලා දාපු ඩෝසන්ට පින් සිද්ධ වෙන්නයි ඒක කියවන්නෙත්. කොටින්ම එතනින් එහාට සංජි හා පෙපේ මට පොත් වගයක් එව්වා කොටින්ම ඒ පොත් වලට මම මොන තරම් ආදරේ වුනාද කීවොත් මගේ ජීවිතේ ලැබිලා තියෙන තෑගි වලින් හොඳම ඒවා අතරටත් ඒ පොත් අදටත් තියෙනවා.ඒත් කවුදෝ ඉල්ලගත්තමයි ඒවයින් සුනේත්‍රාගේ පොතක් ආයේ මට ලැබුනේ නෑ. තව කිහිපයක් යාළුවෙක් ඉල්ල ගත්තා ආයේ ඒවත් ලැබුනේ නෑ. එතනින් එහාට මම කිසිම ලංකාවේ කෙනෙකුට මට සිංහල පොත් තියෙනවා කියලාවත් කියන්නේ නෑ. පසු ගිය කාලවල ලංකාවට ගිය හැම වෙලේකම පෙපේගෙන් වගේම මලී ගෙන් පොත් ඉල්ලගෙන ආපහු කියවලා ඒව දීල ආවා හින්දා ඒ පොත් වුනත් හරියටම කියවන්න ලැබුනේ නෑ. කොහෙද ඉතින් ලංකාවට ගියාම මට පොත් නෙමෙයිනේ වටින්නේ මඩ වලවල්, මුහුද හා ගස් හා දේවල් නේ. ඒක හින්දා මේ පාරත් හර්ද සූත්‍රය කියවන්න බැරි වුනා ඉවරෙටම.
 
   කොහොම හරි මේ වල් පල් වලින් කියන්න ගිය කතාව කියන්න වෙන්නේ නෑ වගේ.

 මගේ බෑග් එකේ වැඩි ඉඩක් අරන් ආව සුනේත්‍රාගේ හැම පොතක් එක්කම මට ළඟ සමීපකමක් තියෙනවා වගේ. කොටින්ම කිව්වොත් මරේ ගේ, වජිර දේවි ගේ, මනෝගේ, හශිතගේ, මලී ගේ, ලිශාන් ගේ, රසීගේ, දුකාගේ බ්ලොග් අස්සේ හිටපු සුනේත්‍රාට මම ප්‍රේම කරන්න පටන් අරන්. හරියට මීට කලින් මම උමතුවෙන් හිටපු දකුණු ඇමරිකන් ලේඛකයෝ හා සමානවම මම සුනේත්‍ර එක්ක ප්‍රේමයෙන් බැඳිලා. මේ දවස් වෙනකොට ඒ උමතුව කොයි තරම්ද කියනවා නම් කීයට වැඩ ඇරිලා ආවත් ඇඳට යන්නේ පොතක් එක්ක. (සමහර වෙලාවට මහන්සියටම පොතත් එක්කම නින්ද ගිහින්. ) සුනේත්‍ර විතරක් නෙමෙයි ශෙල්වදුරෙයිටත් ආස වෙලා ඒත් ඒකේ සිංහල පොත තේරුම් ගන්න බුරු බබාට අමාරුයි. ඉතින් දැන් දවස් කීපයක් පුරා පොත් කඩ ගානේ රවුම් ගහනවා එයාව හොයා ගන්න. ඒත් මගේම අවාසනාවට මේ නගරේ ( මේ රටේම) කිසිම පොත් කඩයක සෙල්වදුරෙයි නෑ. අද නිවාඩු දවසේ නාල කරලා Feltrinelli international  පවා ගිහින් හොයලත් ඒ පොත් මෙහේ විකුනන්නේ නෑ. ඒ වුනාට එක පොතකට මෙහෙන් සම්මානයක් පවා හම්බ වෙලා තියෙනවා. අන්තිමට පොත් කඩේ ලොක්කා මට කියනවා මට තේරෙනවා උඹට තියෙන උවමනාව ඕනේ නම් දවස් විස්සකින් විතර ඕඩර් කරලා ගෙන්නලා දෙන්න තමයි වෙන්නේ කියලා. ඒත් එයාම කියනවා අපිට වඩා ඉක්මනට උඹට ඕක ගෙන්න ගන්න පුළුවන් වගේනේ කියලා. ඒ වුනාට මොන විදියකින් හරි මට ඒ පොත් කියවන්න ඕනේ. මම දන්න පොත් කියවන බොහෝ බ්ලොග් කරුවන් ඒ පොත් ගැන කියපු දේවල් මට මේ සිංහල translations  වලින් දැනෙන්නේ නෑ.

    අද නිවාඩු දවසේ දිග නින්දකින් පස්සේ අවදි වෙලා ගේ හෙම අස් කරලා (ඔව් මාසෙකට විතර පස්සේ ගේ අස් කලේ අද තමයි) නාලා හෙම book shop   පුරාම රවුම් ගහලා අන්තිමට මම ඉංග්‍රීසි පොත් ටිකක් උස්සන් ආවා.  මායි මොනිකයි කතා වුනා ( අපි දෙන්න තමයි මෙහේ පොත් මාරු කරන් කියවන්නේ) අපි අපේ භාශාවට අමතරව original language එකෙන්ම හා English වලින් කියවන්න පුරුදු වෙමු කියලා. මොකද දැන් එන්න එන්නම අපි නිකම් වනචාරි වේගෙන එන හින්දා. ඉස්සර යුනි කාලේ වගේ නෙමෙයිනේ දැන් කියවන්න වුනත් පෙළඹෙන්නේ ආසම දෙයක් නම් විතරයි. අන්තිම කාලේ මම නෙට් එකෙන් වැඩිපුරම කියෙව්වෙත්. අර මගේ කරගන්න ඕනේ හින්දා ගන්න Spanish  පොත් ටික නැත්නම් නොකියවපු තරම්. අපරාදේ කියන්න බෑ මොනිකා ඒකටත් එක්ක එන එන හැම පොතම ගන්න හින්දා හෝ තෑගි ඉල්ල ගන්න හින්දා ඒ බොහෝ පොත් කියවන්න මට පුලුවන්. කොටින්ම මේ පාර මොනිකා නත්තලට හැමෝගෙන්ම ඉල්ලල තිබ්බේ පොත්. මින් ඉස්සරහට මාත් එහෙමයි. කවුරු හරි මට තෑගි දෙන්න අදහසක් තියෙනවා නම් මම ඉල්ලන්නෙත් පොත්. කොටින්ම ලංකාවේ අයගෙන් නම් සිංහල පොත්. (ඔන්න ඉතින් දැන් ඉඳන් කට්ටිය මට තෑගි හෙම දෙන්න හිතාගත්තාට කමක් නෑ. :P )

   

   
    


 

Busy වීම අස්සේ

ලිව්වේ Il mondo di una povera pazza 2.15.2012 19 කමෙන්ට්ස්

       ගෙවුන දවස් තරම් මම busy වෙච්ච කාලයක් වෙන නෑ වෙන්න ඕනේ. ඒ විතරක් නම් කමක් නෑ ඒකටත් එක්කම මට රිදවන්නම ද කොහෙද ආව හිම කුනාටුව. dead line පෙනි පෙනි එක පාරට හැම දෙයක්ම අතරමඟ නතර කරලා දාන්න උනාම පත් වෙන අසීරුතාවය නම් ටිකක් හෙම නෙමෙයි.

     ඒ මොනවා වුනත් ඔය busy වීම අස්සේ මට දුකම හිතුන දේ නම් ඒක නෙමෙයි.  පසුගිය දවස් වල ලංකාවට ගිහින් එද්දි මම ගෙනාව පොලොස් එකයි මාළු ඇඹුල් තියල් එකයි තව ඔය ආර්පිකෝ store එකට පින් සිදු වෙන්න ගත්ත ලංකාවේ එළවළුයි කන්න වෙලාවක් නැති වීමයි ඊට පස්සේ ඒමි ගෙනත් දීපු අන්නාසි, අනෝදා, ගස් ලබු මගේ දිහා බල බලාම ඉඳලා අන්තිමට කුනු වෙලා යනකම්ම කන්න වෙලා නැතිව විසික් කරන්න වෙච්ච සිදුවීම තමයි.

                                         Wadduwa beach)

     ඔය ගහක ගෙඩියක් දැක්කම එළවළුවක් දැක්කම මගේ හිනාවයි ඒක මගේ කරගන්නයි තියෙන උවමනාව ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. වෙලාවකට මගේ ගමේ ගියාම මම වත්ත පුරා ඇවිදින්නේ හරියට මම අඟහරු ලෝකෙන් ඇවිත් වගේ. කොටින්ම අපේ වත්තේ තියෙන ගස් වලට මම ගමේ ඉන්න දවසට එකින් එකට වෙනම ඇගයීමක් ලැබෙනවා. උදේ පාන්දර පහට විතර නැගිටලා පොඩි අක්කගේ ආදරෙ එක්කම හදල දෙන තේ එකත් බීලා හය විතර වෙනකොට මම මගේ ෆෝන් ටිකත් උස්සගෙන පිහියකුත් ආරගෙන වත්ත වටේ සංචාරේ. අපේ වත්ත වටේ ඇවිදිනවා කියන්නේ මට අමුතුවෙන් gym යන්න උවමනා වෙන්නේ නෑ. කන්ද උඩට කිලෝ මීටර් කිහිපයක් නගිනවා කියන්නේ ආපහු ගෙදරට එද්දි පොඩි අක්කාගේ කිරි බත් එක හෝ මා විසි කන්න ආසම දෙයක් කන්නෙ හරියට අවුරුදු ගානකින් කෑම දැකලා නෑ වගේ.
 




ලංකාවේ කොහේ හිටියත් මාත් එක්ක ඉන්න හැමෝම මට නිදා ගන්න කලින් දෙන නියෝගයක් තියෙනවා. ඒ තමයි මට උදේ ඕනේ වෙලාවක නැගිටලා ඕනේ මුහුදක ඕනේ වත්තක ඕනේ වැවක ගිහින් ආවත් කමක් නෑ ඒත් මා එක්ක ඉන්න අනිත් අයව අවදි කරවන්න  බෑ. කොහෙද ඉතින් ඒ අය දන්නේ නෑ නේ අපි වගේ ගහක් කොලක් ආසාවටවත් දකින්න නැති යාංත්‍රීකරණය වෙච්ච මිනිසුන් ට දිව ඔසු මොනවාද කියලා. උන්ටත් එහෙම උනත් අපි තරම් මොන හේතුවක් හින්දා හරි ඒක දැනෙන්නේ නෑ. ඔය මලී අපේ මල්ලි අපේ පුතා හා බොහෝ අය මට බනින්නේ හිනා වෙන්නේ හරියට මම ඔය ගස් මගේ බැල්මෙන්ම ගිලගෙන වගේ. ඒ උනාට මම අතාරියි මගේ නරක පුරුදු (හික්ස්)  කොටින්ම මුහුදක් අයිනේ හිටියොත් මට නිකම් මොනාදෝ හිතෙනවා හරියට නිකම් මුහුද මගේ කරගන්න වගේ. ඕක ඉතින් කොයි තරම් දුරට බලපානවද කියනවා නම් ඉතින් ඔය කොහේ හරි මුහුදක සද්දේ ඇහුනත් වතුරට බහින්නේ නැතුව නම් එන්නේ නෑ. ඇයි කොහේ හරි කැලෑවක් ගස් කඳු ගල් කුඹුරු දැක්කොත්.   මම ඔය සත්තුන්ටත් භයයි කියලා මතක් වෙන්නේ අර වගේ භයානක වික්‍රමයන් කරලා ඉවර වෙලා තමයි. උඩ වලවේ මහ රෑ නාලා තියෙන්නෙත් කිඹුල්ලු ඉන්න තැනක. හොඳ වෙලාවට කිඹුලෝ මට භයේම ඇවිත් නෑ එහෙම නැත්නම් මම පවු කියලා එයාලා හිතලා මට කරදර කරලා නෑ. බත්තුලු ඔයේදි තව පොඩ්ඩෙන් මම මඩේ ගිලෙනවා. ඒ වුනාට ඔය දේවල් කොයි තරම් භයානකවුනත් ඒවා අස්සේ මම විඳපු යම් දේවල් තියෙනවා.



      සමහර වෙලාවට මේවගේ දවස් වලට වැඩ හිර වෙලා බෙල්ලෙන් එල්ලෙන්න වගේ ඉන්නකොටත් මතක් වෙන්නේ බුරු බබෝ ඇයි ඔයා ඇති වෙන්න නිවාඩු ගත්තේ උදේ ඉඳන් රෑ වෙනකම් කිසිම වගකීමක් නැතිව මඩ වලවල් වල, කෑලෑ වල ඉමක් කොමක් පේන්නේ නැති සුදුම සුදු වැලි අතුරපු මුහුදේ පසු ගිය දවස් වල හොඳට සතුටු වුනේ නිවාඩු ගත්තේ. ඒ විතරක්යැ යාළුවෝ නෑයො අස්සේ බැනුම් අහගෙන වුනත් එයාලගේ ආදරේ එක්ක ඇති තරම් හුරතල් වුනේ. කන්න බොන්න දකින දකින එක ගන්න නිදහස තිබ්බේ. යාළුවෝ විතරක් නෙමෙයි ඒ මිනිසුන්ගේ ගෙවල් වල අය වුනත් කරදර වෙවී බුරු බබා ආස හැම දේම කන්න හදලා දුන්නේ.

   මේ දවස් වල මට වෙලාවක් නැති තරම් අඩුම තරමේ අත්‍යාවශ්‍ය දේ වලටවත්. ඒත් මට පොඩ්ඩක්වත් දුකක් නෑ. කොටින්ම දෙසම්බර් නිවාඩුවෙන් පස්සේ මේ අවුරුද්දේ මම වැඩ කරපු තරම මම කලින් අවුරුද්දේ මාස හයකවත් කරලා නෑ. ඒ විතරක් නම් කමක් නෑ මේ දවස් වල මම පුදුම උවමනාවකින් වැඩ කරන්නේ. ඉරිදාටත් වැඩ. ඉස්සර client කෙනෙක් ඉල්ලුවත් මම ඉරිදා සෙනසුරාදා ඇපොයින්මන්ට් දෙන්නේ නෑ ඒකටත් එක්ක දැන්. ඉරිදා සෙනසුරාදත් මම වැඩ අහන පරක්කුවෙන්. කොටින්ම සතියේ දවස් දෙකක් නිවාඩු ලැබුනාම නිකම් මට ආණ්ඩුව උස්සලා පොලොවේ ගහන්න වගේ හිතුනේ...

    මොනවා වුනත් බ්ලොක් වෙච්ච බ්ලොග් සටහන් එමටයි. මගේ holiday diary  එක ලියන්න ඕනේ මොකද මට තාමත් හීනෙනුත් උදේ පාන්දරට මතක් වෙන්නේ මම කොග්ගල beach  එකේ පිජාම එකෙන් පයින් ඇවිදින ඒවයි, අර උඩවලවේ මහ රෑ කළුවරේ කිඹුලල එක්ක නාපුවයි සීගිරියේ කුඹුරු අස්සේ කොක්කු බලපුවයි, ආනවිලුන්දාවයි බත්තුළු ඔයයි මඩ වල් අස්සේ කැලෑ අස්සේ මගේ ජීවිතේ කොයි තරම් නිදහස් ද කියලා විතරමයි. හරියට බුරු බබා අලින්ගේ පරම්පරාවෙන් නෙමෙයි වැද්දාගේ නෑයෙක් වගේ හිතෙන්නේ දැන්.


 ආපහු නිවාඩු යනකම් මේ ස්ප්‍රිට් එකෙන්ම ඉන්න තියෙනවා නම් වෙන මොනවත් එපා... 


      බලන්න කොයි තරම් පොඩි දෙයක් ද බුරු බබා සතුටු වෙන්න ඕනේ.?


( සමහරක් පොටෝ වල අයිතිය නම් මගේ නෙමෙයි.  එයාට බොහෝම ස්තුතියි බොහෝ දේවල් විඳීමේ කලාවක් මට කියලා දෙනවා වෙනුවෙන්. )

කලින් පෝස්ට් එකේ කියපු විදියට ජීවිතේ බොහොම බැරෑරුම් විදියට බිසි වෙලා.

   වැඩ වැඩ වැඩ........... ඉවරයක් නෑ. ඒත් මෙතන නොකීවත් සල්ලි වලටත් වඩා එහා ගිය මනුස්සකමක් එක්ක කරන රස්සාවක් මම තෝර ගත්තා නම් මේ දේවල් වෙනුවෙන් කොයි තරම් මහන්සි වුනත් ඒ හැටි දුකක් නෑ නේ කියලා හැමවෙලේම හිත හදාගන්න මම උත්සාහ කරනවා.

( මේක කලින් ලියපු නිවාඩු සටහන් නෙමෙයි බොහොම හදිස්සියෙන් ශ්‍රී ලාංකික ආයතන ගැන ලියන යමක් හින්දා විනාඩි දෙකකින් හරි ලියන්නයි යන්නේ.)

 පසුගිය දවසක මගේ හිතවතෙක් මියගියා. ඒ පුද්ගලයා එක්ක සමීප මිනිස්සු ටිකක් මගේ ජීවිතේ පාට් එකක් වගේ හින්දා එම මිය ගිය කෙනාගේ නීතිමය අයිතිවාසිකම් ඉල්ලලා පවරපු නඩුවක් හදිස්සියෙන්ම සඳුදා 6 වෙනිදාට යෙදිලා. මේ ඉහත කියපු මනුස්සයා මිය ගියේ පසු ගිය විසිපස් වෙනිදා. (කොච්චර අපි කියෙව්වත් අපි වගේ පිට රටක කාලයක් තිස්සේ ජීවත් වෙන මිනිසුන් ලංකාවට ආවම යමක් ලේසියෙන් කරගන්න අමාරුයි. මොකද අපි ඒ රටේ නීති නොදන්න නිසා. අනිත් එක උවමනාව වගේම මනා දැනීමත් මේ හැම දේටම තියෙන්න ඕනෙනේ. අනික මියගිය කෙනා කලින් ප්ලෑන් කරලා මැරුනේ නෑ. ඉතින් එයා නඩු වෙනුවෙන් පෙනිහිටින්න වත් එයාගේ මරණ සහතිකය කලින් එවන්නවත් දැනන් හිටියේ නෑ.)
 
     හදිස්සියෙන් දවස් දෙකකට කලින් නඩුව හයවෙනිදා කියලා දැනගත්ත ගමන් මම මගේ උපරිමය යොදලා ලංකාව ඉතාලිය මගේ ෆෝන් එකෙන් හරියට කොළඹයි පානදුරයි වගේ කරගෙන පුළුවන් විදියට දන්න කියන අයටත් කරදර කරලා මේ සහතික කොළඹ තියෙන කන්සියුලර් ඔෆීස් එකටත් යවලා එහෙන් සීල් කරන් මෙහෙට ඊ මේල් කරගත්තා කියමුකෝ. (මිය ගිය කෙනාගේ මරණ සහතිකයේ ඔහුගේ වාසගමවත් ලියන්න තරම් ඒ වාර්තාව සම්පූර්න නෑ. නමුත් ඔහුගේ නීත්‍යාණුකූල අයිතිවාසිකම් තියෙන ඔහුගේ බිරිඳටත් පුලුවන්තරම් ඉක්මනට මෙහෙට එන්න කියලා ඊයේ උදේම එයාව කොළඹ යවලා අර කියපු සහතික සහතික කරවා ගත්තා.)
   කොටින්ම එතනදි තමයි මේ ප්‍රශ්නේ. නඩුවක් කියපුවම ඕන කියන කොල වගේ දේවල් අපි විසින් ලැහැස්ති කලයුතුයි නේ. ලංකාවෙන් ගේන ඕනම දෙයක් මෙහෙ ශ්‍රී ලංකන් එම්බසි එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා ඊට පස්සේ අපේ ගවර්න්මන්ට් ඔෆීස් එකක ලීගලයිස් කරලයි මම උසාවියට ගෙනියන්න ඕනේ. අඩුම තරමේ මරණ සහතිකයකදි අපිට නඩුව කල්ගන්න ඕනේ නම් අදාල පුද්ගලය මියගිහින් කියලා ඔප්පුකරන්න (හෝ ඔහුගේ හිමිකරුවන් යොදන්නවත් නම්.)  මගේ වෙලාවෙන් දවල් දොලහට පහට විතර තමයි ලංකාවෙන් ඊමේල් හරහා මට ඔය කියන ඩොකියුමෙන්ට් එක ආවේ. එවෙලෙම විනාඩි දහයක් පහලොවක් ඇතුලත් මම ඒ සහතික ඔක්කොමත් අරගෙන එම්බසි එකට ගියා. නිළදාරින් ඔක්කොම අලුත් බවක් තේරුනා. මම මගෙ ප්‍රශ්නේ කීවම 'එහෙම අපි ඔරිජිනල් කොපි එක නැතුව ඩොකියුමන්ට් සහතික කරන්නේ නෑ. ඒත් මිස් පැය භාගයක් ඉන්න කියලා කීවා.
 
 මගේ ක්ලයන්ස්ලාගෙන් එන කෝල්ස් වලටවත් උත්තර නොදී දැන් මම පැය භාගේ ඉන්නවා. ඒත් මේ පැය භාගේ කවදාවත් ආවේ නෑ. හවස තුන හමාරට විතර මම ආපහු කතා කලා අන්තිමට එතනට ආපු නිලධාරිතුමියකට. කොටින්ම කවුද කියනවත් කොහොම ලංකාවේ එම්බසි එකේ වැඩ වෙනවද කියන්නවත් මට අවබෝධයක් නෑ. උවමනාවකට මට ඔය එම්බසියට යන්න වෙන්නේ නෑ. (දෙවියන්ට ස්තුතියි ඒකට නම්.) මම මගේ ප්‍රශ්නය එතුමියට ඉදිරිපත් කලා මම අහවල් වෙලාවේ ඉඳන් එතන හිටි බවක් හා මගේ ඊ මේල් පනිවිඩ පවා පෙන්නමින් මම ඇයට කරුණු ඉදිරිපත් කලා. අනිත් එක කරන්න බැරි නම් ඇයි මාව ඒ තරම් කාලයක් එතන රඳව ගත්තේ කියලා ප්‍රශ්න කරමින්. ඇත්තටම මට අනුව ඇය විතරයි එතන වැඩක් කරන්න උවමනාවක් තිබුන එකම කෙනා. තව එක නිලධාරිණියක් ඇයගේ ලංකාවෙන් එන කෝල් එකක් හින්දා ආ මෙයාව එලියෙන් තියන්න කියලා තව කාටදෝ කියලා ෆෝන් එක ආන්සර් කරන්න ගත්තා. කොයි තරම් හොඳ නිලදාරියොද ඔන්න තානාපති සේවා වල ඉන්නේ. අඩුම ගනනේ පබ්ලික් රිලේසන් වලට මට කතා කරන්නවත් නිළදාරියෙක් දෙන්න ඔවුන් අකැමති උනා. ඒ තරම් මේ තානාපති කාර්යාල දියුණුයි. කොටින්ම මම ඉල්ලා හිටියා හරි මට තානාපතිතුමා එහෙම නැත්නම් අර මම කලින් කතාකරපු සහකාර තානාපතිතුමියට මාව යොමු කරන්න කියලාවත්. ඒ අය කීවේ එහෙම කරන්න බෑ කියලා.  කොයි තරම් හොඳයිද මහින්ද ඔයාගේ සේවකයෝ? රටක් දියුනු කරන්න නියම මිනිස්සු තමයි එවලා තියෙන්නේ. අර කලින් ෆෝන් කෝල් එකට ආන්සර් කරන්න ගිය නිළදාරිතුමිය එයාගේ තාත්තගේ මිනිස්ටර්කමක් හින්දා ඩිප්ලෝමැටික් වුනා කියලා දැන් මම දන්නවා.(තරඟ විභාග වලින් තොරව.)
 
   කොහොමත් අන්තිමට අර ඉහත කියපු නිලදාරිතුමිය නම මතක විදියට (අරුනි පෙරේරා ) මගේ ෆයිල් එක භාරගත්තා. ඒත් එක කොන්දේසියක් උඩ. ඒ තමයි අද උදේ වෙනකොට ඒක සහතික කරපු කොළඹ කන්සියුලර් ඔෆිස් එකේ නිළදාරි තුමා ලවා එය ඔහු විසින්ම සහතික කරපු බව ඔහු ලවා දැනුම් දෙන්න කියමින්.  අද උදේ වෙද්දි අර මිය කෙනාගේ බිරිඳත් ඉතාලියට එන්න ගුවන් ගතවෙලා ඉන්න හින්දා දැන හඳුන ගත්තා දා මට සිංහල කියාදුන්නා වගේ අදටත් මට ඕනෙම දේකට ඉන්න සූ සූ උසාවි යන එකත් අතෑරලා ඔෆිස් එකෙන් බලෙන් නිවාඩු අරගෙන, ඕනෙම දේකට මිනිස්ට්‍රි එක ටුවරිස්ම් වුනාට හරි මචන් උඹ වෙනුවෙන් මොනාද කරන්න තියෙන්නේ කියපන්කෝ කියන පවීත් ඉන්න හින්දා අද අර නිළදාරියා හොයාගෙන ගියා කියමුකෝ. මෙන්න ඊලඟ එක. ඒ නිලදාරින් කවුරුත්ම අද කොළඹ නෑ. දැයට කිරුළ ගිහින් අනුරාධපුරේ.
   
  කොහොමද ඉතින් අපේ සිස්ටම්. අඩුම ගණනේ මේ වාගේ වෙලාවට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නිළදාරින් හරි හිටියා නම්. අර සහතිකට ඔරිජිනල් ද නැද්ද කියලා මට කියලා කරවන්නේ නැතිව  ඒ ගොල්ලන්ගෙම ඔෆීසියල් මේල් එකක් යවන්නවත් ඒ අය අකැමැතියි.    මම දන්න අඳුනන මිනිස්සු හරහා ගිහින් අරයාට මෙයාට කරදර කරලා වැඩ කරගන්න තරම් ඇයි අපි පහත් වෙන්නේ. එකම මේල් එකකින් මේක ටෲ කොපි කියලා හොයන්න එයාලට පුළුවන්කම තියෙද්දි. අපි ලංකාවෙනේ නැද්ද ඒක හින්දා අපි එක එක්කෙනා පස්සෙන් ගිහින් වැඩ කරගන්න හුරු වෙමු.
       ඉස්සරහට තව ලියන්නම් මේ ගැන. මොකද මේක මෙතනින් ඉවර නෑ. මම දැන් උදේ හිම වැටෙන වැස්සෙන් වෙලා තියෙන කරදර හින්දා රජයේ කාර්යාල ඔක්කොම වහලා අද. අද අපිට ගෙවල් වලම රැදෙන්න කියලා අපේ නගරාධිපතිතුමා කියලා තියෙන්නේ. ඒත් අද එම්බසියට ගිහින් මේ සහතිකය අරන් එවෙලේම මම ඒක legalize කරන්න prefettura යන්න ඕනේ. ඊට පස්සේ ඒව අරන් නඩුවේ ඉතුරු පේපර්ස් ටිකත් හදාගෙන labor lawyer ට දෙන්න ඕනේ.
  
 ආමෙන් බුරු බබෝ....   


 
 ( ඊයේ රෑ ගෙදර එනකොට රෑ දොලහත් පහුවෙලා. මොනිකා මාව ඩ්‍රොප් කරන ගමන් මට කියලා හිනා වුනේ රංගි අපි මේ රාජ්‍ය ආයතන ගැන ස්ට්‍රයික් කරන්නේ බොරුවට නේද බලපන් උඹේ රටේ හැටි කියලා. ඒ ඇය පාර්ලිමේන්තුවක ඉන්න මහජන නියෝජිතයෙක් වෙලාත්. )
 
    

 හප්පා මේ පැත්තේ මකුළු දැල් පිරිලා!!!!!!!!!!!!

    ඒත් ඉතින් ඒ මොනවා වුනත් කාලයක්ම මෙහෙ ඇවිත් ඒවා අයින් කරලා සුද්ධ කරලා දාන්න නම් හිතන්නවත් මම කැමති වුනේ නෑ. අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ නත්තල් නිවාඩුවට මම ගියානේ නිවාඩු. එහේ ගිය දවසේ ඉඳන් මුහුදක්, මඩ වලක් වතුර වලක් කන්දක්, ගහක් පලතුරු ගෙඩියක් ගමේ එලවළුවක් දැක්කම උඩ පැන ගෙන ගිහින් ඒවා විනාඩියකට හරි මගේ කර ගන්න විතරයි මට මතක් වුනේ.  ඉතින් පටන් ගන්නම්කෝ මගේ නත්තල් කතාවෙන්ම.

( වෙනදා වගේ නෙමෙයි මේ පාර මම නිවාඩුව නිවාඩුවක් කර ගත්තා. කොටින්ම අරයාගේ මෙයාගේ ප්‍රශ්න, අරයාට මෙයාට උදව් කරන්න, උදව් කරලත් කතා අහන්න නොවෙන්න මම හැමවෙලේම මගේ නිවාඩුව මගේ විදියටම තියා ගත්තා. කොටින්ම මගේ රියදුරා මේ නිවාඩුවේදි දීපු සහයෝගය නම් නිමක් කරන්න බෑ.  කොටින්ම මාස හතකට උඩින් අන්තිමට නීවාඩුවට ගිය වෙලේ ඔහුම තමයි මගේ රියදුරා වුනේ. ඒ නිවාඩුව නිවාඩුවක්ම නොවුනාට මම යන එන ගමන්, මම කන බොන විදිය, මට තරහා යන දේවල්, ඒ විතරක් නෙමෙයි වෙනදා වගේ නෙමෙයි මේ පාර අපේ මල්ලි වෙනදාට වඩා ගොඩාක්ම බිසි වෙලා හිටි හින්දා බොහෝ වෙලාවට මල්ලි කරන කියන දේවල් අස්සේ වුනත් මගෙ රියදුරා තමයි මගේ නිවාඩුවේ හොඳම පාට් එක වෙන්නේ. )

      නත්තලට කලින් දවසේ හවස අපේ ගමේ කම ගමේ කෑම ගැන ලියන ජනූ හෙමත් හමු වෙලා තව මගේ බොහෝ ගමන් වල ගමන් සගයා වෙන මලීවත් ඔෆීස් එකෙන් උස්සගෙන හවස තුනට විතර තමයි තීරණය කලේ මම ක්‍රිස්මස් වලට ගාල්ලේ යනවා කියලා. ගාල්ලමත් නෙමෙයි මාතර ගාල්ල වගේ මුහුදු වෙරලක කොහෙ හරි ඉන්නවා කියලා මම තීරනය කරන්න ඇත්තේ වාහනයටත් නැග්ගට පස්සේ. භය වෙන්න දේකුත් නෑනේ ඕනෙම දේකට හරි අක්කේ කියන මලීත් මම කියන දේ එක පාරක් විතරක් ඇහුනම හරි මැඩම් කියන රියාස් ත් හිටපු හින්දා මම ඉන් එහාට කිසි දෙයක් හිතුවේ නෑ.
  කෝකටත් කලින් පාර දිළුම්ගේ මලගෙදර යද්දි පොලිසියේ අයවත් භය කරන්න වුනු හින්දා මේ පාර නම් යමින් ගමන්ම මගේයි ඒමිගෙයි ඒ කාලේ ඉඳන්ම යාළුවෙක් වෙච්ච පොලිසියේත් ලොක්කෙක් වෙච්ච තුශාර අයියවත් අම්බලන්ගොඩින් හමු වෙලා දඩ හෙම ලියන්න දෙන්න එපා කියලා ගාල්ල පැත්තට යනකම්ම ආරක්ශාකාරිව තමයි ගියේ.  අපි ඉතින් අතරමග නතර වෙලා ඔය ලස්සන ලස්සන තැන්වල තිබ්බ තේ කඩ වල හෙම නතර කර කර බොහොම නිදහසින් ගාල්ලට ගියා. කොටින්ම ගාළු කොටුවේ පල්ලියෙදි තමයි මම උදාවෙන නත්තලේ මුල්ම ඔරසම කීවෙත්. ඒ විතරක් නෙමෙයි ගිය අවුරුද්දට අන්තිමට පල්ලියකට ගියෙත් ගාළු කොටුව පල්ලිය. . ඒ දේවල් කොයි තරම් අමරනීයයිද කියන්න මට තවම බෑ.
     කොහොමත් මුලින් කියපු විදියට අපිට කොයි හොටෙල් එකේද නවතින්නේ වගේ ප්‍රශ්න හිතන්න උවමනාවක් තිබ්බේ නෑ. කලින් ප්ලෑන් කර කර ගමන් යන්න මම අන්තිම කාලේ කැමතිත් නෑ. එතකොට මගේ නිදහස අහිමි වෙනවා වගේ මට හිතෙන්නේ. අතරමගදි ගාල්ල පැත්ත ගැන දන්න අහස් ගව්ව ලියන මනෝ ට කතා කලාම එයා කිව්වේ කොග්ගල පැත්තට යන්න ඒ හරිය ලස්සනයි කියල හින්දා අපේ ඒම් එක වුනේ එදා රෑ කොග්ගල බීච් රිසෝට්  එකට යන්න.
    අමාරුවෙන් අපි එතනට ගියා කියමුකෝ මෙන්න අපිව දැක්ක ගමන් එයාලා කිව්වේ නැද්ද එදා රෑ Christmas dinner එකත් එතනින්ම ගන්න ඕනේ ඒත් එකේ ඉඩ ඉවරයි එක හින්දා රූම්ස් දෙන්න බෑ කියලා. කොහොමත් අපි හිතාගෙන හිටියේ නිදහසේ කොහෙ හරි ගිහින් කන්න හින්දා අපිට ඒක ප්‍රශ්නයක් වුනෙත් නෑ. මට කවදාවත් අමතක වෙන එකක් නෑ රූම් එකේ ගනන් කියපු ගමන් මලියා මම දිහා බලල පිස්සුද හලෝ අපි යමු වෙන තැනකට කියපු ඉරියව්ව .:D
    එතනින් එහාට ගාල්ල කොග්ගල හබරාදුව හා ඒ අවට තිබ්බ හැම හොටෙල් එකටම ගිහින් රූම්ස් තියෙනවද කියලා අහන්නත් කලින් අද රූම්ස් නෑ කියන හොටෙල් ස්ටාෆ් තමයි හිටියේ. සමහරු අපිව දැක්ක ගමන් අඟහරු ලෝකෙන් ආවා වගේ නින්දෙන් නැගිටලා උඩ බිම බලනවා. කොටින්ම බොහෝ පිලිගැනීම් නිළදාරින් greeting  එකක්වත් හිනාවෙලා දෙන්න දැනන් හිටියේ නෑ. ඒ වගේ අය ඒ තරම් ලස්සන පැත්තක තියෙන අසිරිය නැති කරනවා කියලායි මට හිතුනේ. සමහර ආරක්ශාක නිලධාරින් හොටෙල් එකේ ගේට්ටුව අරින්නත් කම්මැලි හින්දා වාහනේ එලියෙන් පාක් කරලා යන්න කියන්න තරම් නූගත් හෝ නොසැලකිළිමත් වුනා. ඒ වගේ වෙලාවට නම් අර බුරු බබා අස්සේ ඉන්න යකා එලියට ඇවිත් ටුවරිස්ම් කියන්නේ මෙන්න මේකයි කියලා පොඩි lesson  එකක් දෙන ගමන්ම කන් පැලෙන්න බුරු බබා දුක් වුනා කියලත් මතකයි.  කොටින්ම එදා තරම් හොටෙල් හොයන්න බුරු බබා වෙන කිසිම දවසක මහන්සි වෙලා නෑ. (අනික ඉතින් මඩ ඕනේ නෑ මම හොයන්නේ ඉතින් මට සැප පහසුකම් තියෙන ආරක්ශාව තියෙන තැන් නේ. ඒක මට ෆීල් වෙනවා නම් මට මුදලවත් වෙන කිසිම දෙයක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.)
       අන්තිමට හැම තැනම හොටෙල් හොයලා තෙහෙට්ටුවටම මම ස්ට්‍රෙස් වෙලා ඉන්න අස්සේ අපේ මලී හා රියාස් මාවත් පුළුවන් තරම් කූල් කරමින් ආපහු කොග්ගල බීච් රිසෝර්ට් එකටම ගියා. ඇත්තටම මට ඒ නත්තලේ දුක හිතෙනම සිදුවීමම වුනෙත් එදා වෙන්න ඇති. ඒත් මම හොටෙල් එකේ ස්ටාෆ් එකෙන් ඉල්ලුවා මටයි මලීටයි නම් ප්ලේන් ටී එකක් දුන්නත් ඇති ඒත් අපේ රියදුරාට කෑම දෙන්න ඕනේ කියලා. ඒ අය ඉතා නිහතමානි වුනා. ඒත් ඉතින් මගේ හිතට තවමත් දුකයි මම කෑව දේම මගේ රියදුරාට දෙන්න නත්තල් දවසේ මට බැරි වෙච්ච එක ගැන.

 (විශ්වාස කරන්න මටත් බෑ තාමත් කොටින්ම මම හොටෙල් එකටත් ගිහින් රෑ කන ගමන් ද කොහෙදයි මල්ලිට කීවේ මම ඉන්නේ ගෝල් කියලා... ඒ මොහොතවල් වල මම හිටියේ පාවෙන හීනෙක කියලා විතරයි මට හිතෙන්නේ....)
 
          කොහොම හරි ඉක්මනින් restaurant  එකට ගිහින් මොනා හරි බීලා කාලා එන්න කියලා හොටෙල් එකින් කියපු නිසා ඒ වෙනකොටත් අර compulsory dinner buffet එක අයින් කරමින් හිටියේ. එතන හිටපු බොහොම තරුණ වගේම ලස්සන F and B Manager අපිට දීපු සහයෝගය නම් කවදාවත් අමතක වෙන එකක් නෑ. අත්තටම එදා එවෙලේ මට මතක් වුනේ මම food and beverage manager කෙනෙක් විදියට වැඩ කරන කාලේ. මලීයි මායි cocktail  එකක් බොමින්ම බොහොම නිදහසේ නත්තලට මුහුන දුන්නා. එතන තිබ්බ karaoke එකත් එක්ක මාව නිකම් ම නැටවෙන්න වගේ ආවත් මම උදේ පාන්දරට මුහුදේ ඉන්න ඕන උවමනාව හින්දාත් මලී ඊට කලින් රැයක් පුරාම වැඩ කරලා පහුවදා දවලුත් වැඩ කරල හිටපු හින්දා එකට විතර අපි room එකට ගියා වෙන්න ඕනේ.
    එතනදි තමයි මම හොඳම දේ දකින්නේ. මගේ රූම් එකෙන් එලියට ගිය ගමන්ම බීච් එක. බුරු බබා කන්න බොන්න නැතත් මුහුදේ ඉඳියි කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. ඒත් එතකොට රෑ එක හමාරත් පහුවෙලා හින්දා පොඩ්ඩක් විතර බීච් එකට ගිහින් රැල්ල ටිකක් පාගල විතරක් ම ආවා. මලීට පොරොන්දු උනා උදේ හය හමාර වෙනකම් එයාව අහරවන්නේ නෑ කියලත්. ඒත් ඉතින් ඇත්තම කීවොත් අර තරම් ගානක් ගෙව්වත් මම නම් නෙමෙයි එදා රෑ එක විනාඩියක්වත් නිදාගත්තේ. මට ඇහුනෙම මුහුද මට කතා කරන එක විතරයි. දෙකට විතර නිදාගන්න ගියාට මම ඇඳේ එහෙ මෙහේ පෙරළුනා විතරමයි. අන්තිමට පහට මම ඇඳෙන් බැහැලා පිජාමා පිටින්ම පහයි කාල විතර වෙද්දි මුහුදට ගියා.
    ඒ මොහොත කවදාවත් කාටවත් තේරුම් කරන්න මට දැනෙන එකක් නෑ. මමයි මුහුදයි සුදුම සුදු වැල්ලයි විතරමයි. කාලයකට පස්සේ මම ජීවත් වෙනවා කියලා මට දැනුන ලස්සනම ලස්සන කාටවත් හිතාගන්නවත් බැරි ජීවිතයක් මට තියෙනවා කියලාත් මට දැනුනේ එවෙලේ. මෙන්න මේ වගේ එදා මගේ ෆේස් බූක් ස්ටේටස් හෙමත්.... හිතාගන්නකෝ අර නොයිසි ස්ටේටස් ලියන මම මෙහෙම කිව්ව කියලා හිතාගන්නවත් පුලුවන්ද?

 
Living in a dream.., walking in a pure white sandy beach


  • Its perfect christmas. ( alone in the beach)
    At all im in down south. (Koggala)
     
       මේ තියෙන්නේ පහයි කාලට මගේ පින්තූර... 



     අදට ඇති... ( කොටස් වශයෙන් පුළුවන් වෙලාවට ලියන්න තමයි හිතන්නේ. පසුගිය දවස් වල නිවාඩු හිටපු හින්දාත් රජය මාරු වෙච්ච හින්දාත් කලින් කරපු රස්සාවත් සමගම තවත් රස්සාවකටත් ජොයින් වෙච්ච හින්දායි මල ගෙවල් අරවා මේවා ජීවිතේ කරදර එක්කයි මම හොඳටම බිසි. කොටින්ම මේ දවස් වල මම ඉරිදාටත් ක්ලයන්ස් ලාව මීට් වෙනවා. එහෙම කියලා වෙනදා වගේ අඬන්න දේකුත් මට නෑ. මොකද මේ පාර නිවාඩුවෙදි මම දවස් විස්සටම පැය පනහක් විතර නිදාගත්තත් හොඳට රෙස්ට් කල හින්දා...)


දුක වැඩි වුනාම

ලිව්වේ Il mondo di una povera pazza 12.10.2011 18 කමෙන්ට්ස්

      පසුගිය දවස් වල අන්තිමට නීවාඩු යන කතාවක් ලියලා හෙම හිටියට මට නිවාඩු යන්න බැරි උනානේ. අහිංසක මම ලෙඩ වුනා. අන්තිමට හොස්පිටල් ඉන්නත් වුනා. ඒත් ගෙදර ඇවිත් කියලා නිදහසේ ඉන්න ලැබුනේ නෑ. හැමදාම වැඩ යෙදුනා. වැඩ වලට වඩා ස්ට්‍රෙස් වෙන්න වෙන්නේ මේ කරන රස්සාව අස්සේ එන කෝල්ස් වලට. හැමෝම හිතන් ඉන්නේ හැමෝගෙම ප්‍රශ්නවලට දෙවියෝ මට විසඳුම් දීලා තියෙනවා කියලානේ. ඉතින් නිදා ගන්නවත් නිවාඩු වෙලාවක් කියලා කිසිම දෙයක් නැති කරන්නේ එහෙම හිතන මිනිස්සු තමයි. ඒ දේවල් මොන තරම් කීවත් තව කෙනෙකුට තේරෙන්නෙ නෑ. අන්තිමට මට මාත් එක්ක විතරමයි තරහා වෙන්න පුළුවන් මෝඩ බුරු බබා කියලා.


  මම ලෙඩ වෙච්ච විදියට ලංකාවට යන එක සුදුසු නෑ කියලා මටත් හිතුනා. ඒත් කොහෙද මේ අපිට ඉන්න යාළුවෝ. එයාල අර කැලෙයි මුහුදෙයි ගිහින් ඒ හැම එකම මට පෙන්වනවා. තේරෙන්නේ නැද්ද මන්දා ඕවා දැක්කම මට ඉගිලෙන්න හිතෙනවා කියලා.

      මගේ යාළුවෝ අවුරුදු දහයකට ඉස්සර විතර ගිය ගමන් වල ෆොටෝ, කාපු කෑම වල ෆොටෝ ඔක්කොම මට පෙන්න පෙන්න අගේ කරද්දි ඒ අය ළඟ හිටියා නම් බෝම්බ ගහන සයිස් එකේ තරහක් මට තියෙන්නේ. ඒ අස්සේ අපේ මල්ලි මට කියන්නේ මේ ලෙඩ වෙලා නම් එන්න එපා. දන්නවනේ ඔයා මෙහේ ඇවිත් ලෙඩ වැඩි වෙන එක විතරයි වෙන්නේ මතකනේ ගිය පාර කියලා අහිංසක මාව භය කරන එක. ඉතින් එතනින් එහාට අනිත් එක්කෙනාට කතාකරනකොට එයා කියන්නෙත් මේ චරිත් අයියා එන්න එපා කියනවා නම් එන්න එපා අපිට බෑ ඔයාට බේබි සිටින් කරන්න කියලා. මම හිතන් ඉන්නේ එයා ගාව හැමදේටම විසදුම් තියෙනවා කියලා ඒත් එයා යකෙක් වගේ එහෙම කීවම ඊයේ රෑ මට නිඳ ගිහිනුත් කල්පනා වුනේ ඒවා.
 

        ඒ උනාට ඉතින් මේ එරික්ලා නැතිව ගෙවන්න වෙන නත්තල කියලා හිතන්නවත් මම කැමති නෑ. කලින් ප්ලෑන් තිබ්බේ නත්තලට එයා මෙහෙ එන්නනේ. ඒත් මගේ රස්සාව එක්ක ඒ ඔක්කොම තනියම හැඬල් කරගන්න මට දැන් බෑ. කොටින්ම මට ගිය සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් නිදාගන්න හම්බ උනේ පැය පහලොවක් විතරයි. එරික් මම එක්ක ඉන්නකොට මම එයා වෙනුවෙන්ම විතරක් වෙන් වෙන්න ඕනේ කියලා මම දන්නවා.  ඉතින් මම මෙහේ හිටියොත් නිවාඩුවෙන් ඉන්න මට ලැබෙන්නේ නෑ. ලංකාවට ගියත් එහෙම තමයි. ඒත් මොනවා තිබ්බත් එහේ මට එරික් එක්ක ඉන්න පුළුවන්. ඒ මට එහේ රස්සාවක් නැති හින්දා. අනික එරික් ආස මාත් එක්ක ඉන්න ගමන් අපි දෙන්නා එහෙ මෙහෙ යන්නනේ. කොටින්ම ආන්ටි වෙන කා එක්කවත් ඕනේවට වඩා කතා කර කර ඉන්නවටවත් එයා කැමති නෑ. මේ දේවල් ඔක්කොම බැලුවත් මම ලෙඩ වෙනවා වැඩි පුර එරික් ළඟ මම නොහිටියොත් නත්තලට.
 
     අනික ඉතින් එරික් බෝයි යි ආන්ටියි මුහුදු යන්න ඕනේ. නාන්න ඕනේ. මාළු කන්න ඕනේ.  සත්තු බලන්න ඕනේ. එරික් දැන් ලංකාවේ ඉන්න හින්දා එහෙදි දන්න රස කෑම මට කන්න දෙන්නත් ඕනේ කීවා.
එරික් එක්ක ඉන්නකොට මම ඉන්නේ ගොඩාක් සතුටින් හින්දා ලෙඩ වුනත් ලොකු අවුලක් වෙන එකක් නෑ කියලායි මට හිතෙන්නේ.  අනික ඉතින් අර තව ගොඩාක් අය ඉන්නවනේ බුරු බබාව බලාගන්න. ටිකක් බැන්නට ඒ හැමෝම මට ආදරෙයිනේ.

      මේ සතියේ වැඩ කරන්න පුළුවන් තරමක් කරලා දාලා නිවාඩු යන්නයි දැන් මම හිතන්නේ.


   (ආයේ කවුරුත් කෑම ෆොටෝ හරි ඔය ට්‍රිප් ගිය ෆොටෝ හරි දාලා මට පෙන්නුවොත් උස්සලා පොලවේ ගහන්නේ ලංකාවටම ඇවිත්. එහෙම මාව අවුල් කරලා මචන් මේ උඹ එන්න ඉස්සෙල්ල හේල්ත් ගැන බලපන් කීවට වැඩක් නෑ.)

එහෙන් මෙහෙන්

ලිව්වේ Il mondo di una povera pazza 11.30.2011 16 කමෙන්ට්ස්

     බුරු බබාට හැමෝම බනිනවානේ. ඒ හින්දා බුරු බබා ඔක්කොමලා එක්ක තරහ වෙලා ඉන්නේ මේ දවස් වල.

  ඒ වුනාට තරහා වුනාට බුරු බබා ආසා දේවල් කරන්න ඒකෙන් තහනමක් නෑ.
  මේ තියෙන්නේ හෙට අනිද්දා අපේ පොඩි බුරු බබා ලංකාවට ආවම කරන ඒවයි ලොකු බුරු බබා කරන දේවල්.


         කොළඹ එයාපෝට් එකෙන් බැහැපු ගමන් අපේ මල්ලි බබාට කෝල් එකක් දීලා මෙහේ රශ්නෙයි ඕයි ඒ විතරක් නම් කමක් නෑ මේ මඟුල් එයාපොට් එකේ ඉන්නේ කඩිසරකමක් දන්නේ නැති මිනිස්සු කියලා ඒක අපේ මල්ලි බබාගේ වරදක් වගේ එයාට බනින එක.
        ඊට පස්සේ එලියට එන ගමන් අපේ මල්ලි බබාගෙන් ටිකක් විතර හුරතල් වෙන එක. දන්නේ නැද්ද ඉතින් එයාගේ අක්කා මම වුනාට ඉතින් එයා තමයි ලොකු එක්කෙනා . ඊට පස්සේ එයාගේ අතින් අල්ලගෙන කියවන එක. අප්පා අපි දෙන්නට තරම් කියවන්න දේවල් වෙන කාටවත් නෑ. එයාට ටිකක් වැඩිපුර බනින එක.  එයා ඉතින් මම ලංකාවට ආව වෙලේ ඉඳන් කාටත් වඩා මම ගැන හොයන කෙනා. එයා නැත්නම් ඉතින් මට කවදාවත් සතුටින් එහේ ඉන්න බෑ. ඒ වුනාට ඉතින් මම ඒක එයාට කියන්නේ නෑ. මොනවද හලෝ මෙහෙමද කරන්නේ මම ලංකාවට ආවත් මාත් එක්ක එහෙ මෙහේ යන්න එකට ඉන්න ඔයාට ඉන්න වෙලාවක් නෑ කියලා උදේ ඉඳන් රෑ වෙනකම් එයාට බනින එක තමයි ඉතින් මම කරන්නේ. එයා කොයි තරම් දේවල් කලත් පොඩ්ඩක් වැරදිච්ච ගමන් මගෙන් බැනුම් අහගන්න බලාගෙන එයා කන් ලොකු කරන් ඉන්නේ. මොනම දෙයක් මම කීවත් කලත් එයා දන්නවා මම ඒ දේවල් කරන්නේ  ආදරෙන් මිසක් තරහට නෙමෙයි කියලා. ඒක හින්දා එයා කවදාවත් මාත් එකක් තරහා වෙන්නේවත් මම නැති තැන මම ගැන කියලා අනිත් අය එක්ක මට බනින්නේවත් නෑ. මට මූනටම බනිනවා මගේ හිතුවක්කාර වැඩ වලට. ඊට පස්සේ එයා ඔය මැස්සො නැති මිරිස් නැති දූවිලි නැති කෙස් නැති කෑම කඩ හොයන්න පටන් ගන්නවා බුරු බබාට. 

   ඊට පස්සේ ආන්ටිගේ ජීවිතේ වැදගත්ම දේ තමයි මේ වෙද්දි ලංකාවේ ඉන්න එරික් බෝයි. එයා නම් ආන්ටි හ්ම් කීවත් අඬන්න බලාගෙන ඉන්නේ. ඒ වුනාට ඉතින් එයා හැමෝටම වඩා වැඩියෙන් ආදරේ කරන්නේ ආන්ටිටනේ. ආන්ටි ඕනෙම දෙයක් කරන්නේ එයාගෙනුත් අහලා. ගොඩාක් වෙලාවට එයා තමයි ආන්ටිට ඇඳුම් අඳින ඒවා ආන්ටි ගන්න ඕනේ දේවල් කියලා දෙන්නේ. ඒ විතරක් නම් කමක් නෑ ආන්ටිගේ ක්‍රෙඩිට් කාඩ් එකේ සම අයිතියකට එහා ගිය අයිතියක් අරන් එයාගේ දේවල් ගන්න තරම් එයා ආන්ටිට ආදරෙයි. ඒවට හරියන්න එයා ලස්සනට හිනා වෙලා, එහෙන් මෙහෙන් හොරෙන් බලලා, කිස් ගොඩාක් දීලා ආන්ටිව දන්න කියන ඔක්කොම ආදර ට්‍රික්ස් දාලා රවට්ට ගන්න එයා දන්නවා. ඒ තමයි ආන්ටි ලංකාවට ඇවිත් හම්බවෙන දෙවෙනි පුද්ගලයා.

   ඊට පස්සේ මම දන්න යකෙක් වගේ කෙනෙක් ඉන්නවා. අනේ මම කතා කරන කරන පාරට අනේ ඕයි මට නිදිමතයි කියලා එවෙලේ ඉඳන් මට බනින්න පටන් ගන්න. ඒ බැනලත් ඒක නිකම් බැන්නේ මම වගේ මටම දොස් කියන තමන්ගේ සල්ලි නිකම් පිනට දෙන්න බලන් ඉන්න මගේ යාළුවෙක් ඉන්නවා. එයා හිතන් ඉන්නේ අපි සම අයිතිවාසිකම් ගන්න ඕනේ කියලා ඔය කෑම කඩේකට ගියාම හෙම. මාසේ අන්තිමට ගන්න වැටුප මදි උනාම අම්මේ සල්ලි නෑ කීවට නිකම්  මටත් රස්සාවක් තියෙනවා කියලා ලොකු කතා කියලා අහිංසක බුරු බබාව භය කරගෙන එයාට මිරිස් කවන්නමයි ට්‍රයි කරන්නේ. ඒ විතරක් නම් කමක් නෑ එයාගේ අම්මයි තාත්තයි බුරු බබාව හුරතල් කරනවා කියලා ඒ අය එක්ක වලි දාගෙන ඊර්ශ්‍යාවෙන් පැලෙන ගමන් එයාත් නිකන් අර අපේ මල්ලිගේ ශෙයා පාට්නර් වෙලා බුරු බබා ගැන හොයනවා. ඕනෙම වෙලාවක එයාට නෑ බෑ කියලා දෙයක් නෑ. මොන දේ තිබ්බත් ඒ ඒ අයට ගැලපෙන විදියට විශේශ වෙන්න එයා දන්නවා. එයාත් එක්කත් ඉතින් බුරු බබා අර එයාගේ මල්ලි බබා එක්කවගේ අත අල්ලගෙන කියව කියව ඉන්න දවස් ගාණක් දේවල් බුරු බබාට තියෙනවා. කොහොමත් ඉතින් එයාගේ ගෙදර බුරු බබාට බුරු බබාගේ ගෙදර නැති අයිතිවාසිකම් හිටන් තියෙනවා. එයා මාත් එක්ක තරහා වුනත් බුරු බබා පවු කියලා හිතන අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා එහේ. ඒ වුනාට ඉතින් එයා ඉස්සරහා බුරු බබාට දැනෙන්නේ නිකම් එයා අවුරුදු පනහක්වත් බුරු බබාට එහායින් ඉන්න කෙනෙක් කියලා.
 
     ඊට පස්සේ බුරු බබා එන්නේ වැඩ වලටනේ. ඒ වැඩ කරන අස්සේ අනිත් අයටත් කරදරයක් වෙන එක තමයි ඉතින් බුරු බබා කරන්න හිතන් ඉන්නේ. මේ පාර කලින් බුරු බබා දැකලා නැති බුරු බබාට වගේම පිස්සු තියෙන කෙනෙක්ව හොයාගෙන යන්නත්, බුරු බබාගේ ජීවිතේ turning point එකක් වෙච්ච ටිකක් විතර නෙමෙයි බුරු බබා ගොඩක් භය කෙනෙක්ව බලන්න යන්නයි, ඊට පස්සේ බුරු බබා එක්ක ස්ට්‍රෙස් රිමුවල් ටූල් පාවිච්චි කරන ගමන් අමුතු විඳීමක් එක්ක ජීවිතේ කියාදෙන අයිස් පෙට්ටියක් බලන්නත්, ඊට පස්සේ ලොකු බුරු බබාගේ චූටි එරාස්මා බලන්නත්, හැමවෙලේම බැන්නට ලොකු බුරු බබා එයාගේ වටිනාම දේවල් කියලා හිතා ඉන්න යසී බෝයි, සිතී බෝයි, එරන්ද බෝයි, ගිනු බෝයි ඩැරී බෝයි ඩිනී බෝයි කෙවින් බෝයි හා කාව් ගර්ල් හා ලැවී ගර්ල් බලන්නත් යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි එයාලගේ නංගි වුනාට එයාලා මගේ පොඩිමල් අය කියලා ඕනෙම දෙයක් එක්ක මම කියන දේවල් අහන් ඉන්න ඒ වගේම අපෝ එයාට තාම කිසි දෙයක් තේරෙන්නේ නෑ අපි කියන දේවල් කියලා හිතන අපේ අයියයි අක්කලායි බලන්නත් තියෙනවා. ඒ මොනවා වුනත් අපේ පොඩි අක්කා ගාව ගිහින් අපේ අම්මා මට පොඩි කාලේ හදලා දීපු කෑම ඔක්කොම හදාගෙන කන්නත් එපැයි.
   (මම ලංකාවේ ඉන්නවා නම් ඉතින් එයාගේ වැඩේ මම කන්න ආසා දේවල් හොය හොයා එක එක්කෙනාට කියලා ඒව ගෙන්න ගෙන මම ආස හැමදේම  ඒ විදියටම හදලා දෙන එක. ගොඩාක් වෙලාවට මට නම මතක් නොවුනම ඒක එයාට අමතක වෙලා මට හදලා දෙන්න බැරි උනාම ඇයි මට ඒවා කන්න හදලා දුන්නේ නැත්තේ කීවම අනේ මට අමතක වුනානේ නංගි කියලා මාස ගාණක් හරි බලන් ඉඳලා මට කොහොමහරි ඒක කවන කෙනෙක් අපේ පොඩි අක්කා. අපේ ලොකුයි අයියයි මොන දේවල් මට තරහා යයි එයා ඒවා දැන ගන්න ඕනේ නෑ කියලා කීවත් ඒ දේවල් ඒ විදිහටම කියන්නෙත් අපේ පොඩි අක්කා. එයා ඉතින් අපේ අම්මාගේ ජීවිතේ ඒ විදිහටම ජීවත් කරවන කෙනා. එයා පොඩි අක්කගේ අතින් හට්ටිවලින්ම බෙදලා ළඟට දෙන කෑම එකක් තරම් කිසිම දෙයක් ඒ තරම් බුරු බබා ආදරෙන් කන්නේ නෑ. මේ දේවල් මෙහෙම වුනාට බුරු බබාට ලංකාවට ආවම ගෙදර ඉන්න අමාරුයි. ඒක තරම් දුකක් බුරු බබාට වෙන නෑ.)
 
    තව කෝපි බොන්න ඉන්දියන් කෑම කන්න මිරිස් කෑම කන්න  මුහුදු යන්න ලොකු තේ බොන්න වගේම ගහක් ගලක් දැක්ක ගමන් ඒක දිහා උඩ බලාගෙන අනේහ් කියන්න ඉන්න යාළුවෝ බලන්නත් යන්න එපැයි ඒ වුනාට මේ ඔක්කොම මට බනින යාළුවෝ හින්දා මම ඔක්කොම එක්ක තරහා වෙලා ඉන්නේ.
 අනිත් එක ඉතින් බුරු බබාට කොහොමත් ලංකාවට ආවම තියෙන ලොකු ලෙඩක් තියෙනවා. එයාට එහේ කිසි දෙයක් තනියම කරගන්න බෑ. ඒක හින්දා බොහෝ වෙලාවට අනිත් අයගේ උදව් ඉල්ලන්න වෙනවා. මොන දේ කිව්වත් මොන දේ කලත් බුරු බබාගේ ඒ හැටි කියලා බුරු බබාව තේරුම් ගත්ත යාළුවෝ බුරු බබාට ඉන්නවා. අනිත් එක බුරු බබා බොහෝම සාමාන්‍ය කෙනෙක්. එයා ඉපදුනේ ගමක. හැදුනේ ගමක. ඒ වුනාට එයා පොශ්. කාලයක් තිස්සේ එයා ජීවත් වෙන රටාවන් එක්ක එයා හැඩ ගැහිලා තියෙන්නේ වෙනස් රටාවකට. ඒ වුනාට මේ මොන දේවල් අස්සේ වුනත් බුරු බබා වැඩියම අගය කරන්නේ මනුස්සකම.

මේක මම ලියන්නෙත් මම ලංකාවට ආවම කරන වැඩ වලට හැසිරෙන විදියට කරදර කරන විදියට ඕනෙම දෙයක් ඉස්සරහා මාව එක විදිහටම දරා ගන්න කවදාවත් ඒක ගැන අහිතක් නොහිතන මගේ යාළුවෝන්ට එන්න ඉස්සෙල්ලම සාම සාකච්චා කියලා හිතාගත්තාට කමක් නෑ.
   අන්තිමට ලියන්න ඕනේ මේ තරම් කාලයක් බුරු බබා නෙට් එකෙන් අඳුනගෙන හමුවෙච්ච අය අතරින්
 සූ, මල්ලි, මලී, පොඩි, හරේ, රසී, සංජි, නිරූපා, රවී, මහේශ්, මනෝ, පෙපෙට්, මරේ, ලිශා,  රජරට, සුදු පුතා, චරිත් වගේ අය බොහෝ වෙලාවට බුරු බබාගේ ජීවිතෙ වෙනස් කරපු අය. බුරු බබා තමයි මම හිතන්නේ වැඩිම දුරක ඉඳන් ඇවිත් නෙට් එකේ හැමෝම මුණගැහෙන්න වැඩියම ගිහින් තියෙන්නේ. එයාට හිතට ඇල්ලුවොත් කෙනෙක් එයා ඒ කෙනාව ජීවිතේටම අතාරින්නේ නෑ. මගේ මම දකින හොඳම දේ තමයි මම යාළුවෝ එක්ක කවදාවත් තරහා වෙන්නේ නෑ. මම ඕනෙම දේකදි මූනටම බනිනවා. ඒ වගේම මම වරදක් කලා නම් ළඟට ගිහින් සමාවෙන්න කියන්නත් මම පැකිලෙන්නේ නෑ.  අනික මම කවදාවත් කෙනෙකුට හිතවත් වෙන්නේ කෙනෙක්ගේ ආර්ථික පසුබිම මත නෙමෙයි. කොටින්ම අපේ මල්ලි සූ හා මලී මම වෙනුවෙන් කරලා තියෙන දේවල් වලට වටිනාකමක්වත් කියන්න මම දන්නේ නෑ. ඒ අයට මම ඕනේ තරම් බැනලා තියෙනවා. ඒ අය මට ඕනේ තරම් බැනලා තියෙනවා.
 
 2003 තමයි මම ලංකාවේ සයිබර් ස්පේස් එකට ආවේ. ඒ අස්සේ විවිධ මිනිස්සු මට මුන ගැහිලා තියෙනවා. මම හිතන්නේ නෙට් එකේ මුණගැහිච්ච වැඩියම යාළුවෝ පිරිසක් ඉන්නේ මට වෙන්නත් ඕනේ.

  ඔන්න ඉවරයි.  මම මොනවා කලත් සමාව දෙන්න මේ අය ලෑස්ති වෙලා ඉඳියි කියලා හිතනවා.
 (මලී තමයි ඉතින් දැන් මාව මරන්න හොය එක්කෙනා.)

හොඳටෝම අවුල් වුනාම.

ලිව්වේ Il mondo di una povera pazza 11.25.2011 14 කමෙන්ට්ස්

 හරි නම් මේ සතියේදි මම ඉන්න ඕන ලංකාවේ.

 ඒත් මම තාම සීතලට පොරෝනයකට ගුලි වෙලා දහය වෙනකම් නිදි.

 ඔයායි ඒක් යි නැතිව මගේ ජීවිතේ හොඳටෝම හිස්.


මේ සතියම මම වැඩට ගියෙත් නෑ. තීරනයක් ගන්න බැරි වුනාම මම තාමත් එහෙම තමයි.

ඔව් ඉස්සර වගේමයි. මගේ අස්සේම හැංගෙන එක විතරයි මම කරන්නේ.

මට මහන්සියි හෝඳටෝම කවරදාටත් වඩා


දවසකට හිනාවෙලා අවුරුදු ගානක් අඬන්න මට දැන් බෑ කියලාහැමවෙලේම මට හිතෙන්නේ

දැන් මම වයසට ගිහින් හින්දා වෙන්න ඇති.

වෙනදා වගේ ඒක් වත් හිටියා නම් ආන්ටි ඔයායි මායි විතරමයි කියන්න.....